එංගලන්ත පාර්ලිමේන්තුවේ පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට (හවුස් ඔෆ් කොමන්ස්) නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන මහා මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (04) පැවැත්වුණු අතර මෙවර මැතිවරණයෙන් වසර 14 කට පසු කම්කරු පක්ෂය බලයට පත් වනු ඇතැයි පවත්වා ඇති මත විමසුම්වලදී හෙළි වී තිබේ. වත්මන් එංගලන්ත අගමැති රිෂි සුනක් ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වෙටිව් පක්ෂය හා ශ්‍රීමත් කෙයිර් ස්ටාමර් ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය පසුගිය දිනවල සිය මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දින කිහිපයේ මීළඟ රජය පිහිටුවීමෙන් පසු එම පක්ෂ විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි බව එංගලන්ත මාධ්‍ය පවසයි.
එංගලන්තය පුරා විසිරී සිටින මිලියන ගණනක් වූ ඡන්ද දායකයන් පිරිසක් ඊයේ සිය ඡන්දය භාවිත කරනු ඇතැයි එංගලන්ත මාධ්‍ය විසින් වාර්තා කර තිබූ අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම එංගලන්ත වැසියෙකුට ඡන්දය භාවිත කිරීම සඳහා අයදුම් කළ හැකි බවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රථම වරට ඡන්දදායකයන්ට සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම බලධාරීන් විසින් අනිවාර්ය කර තිබේ. එංගලන්ත පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ආසන 650කින් සමන්විත පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 326ක බහුතරය දිනා ගන්නා පක්ෂයට එංගලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමේ අවස්ථාව හිමි වේ. අගමැති රිෂි සුනක් විසින් ඉකුත් මැයි 30 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණය කැඳවා තිබිණි,