එංගලන්ත යෞවනයෝ තරගාවලිය ජයගනී

109

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ (03 දා) පැවැති තෙවැනි සහ අවසාන එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 04 ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

චෙල්ම්ස්ෆෝර්ඩ්හිදී පැවැති එම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමත් සමග පන්දුවාර 45ක තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 45 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 268ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 44යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 260ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 04ක ජයක් හිමිවිය. එම ජයත් සමගම තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකිවිය.

ලකුණු පුවරුව එංගලන්ත කණ්ඩායම 268/9 (ලූක් බෙන්කන්ස්ටයින් 102, ෂෙරිල් අල්ලිසන් 88 – විහාස් තෙව්මික 33/4, දිනුර කළුපහන 58/4)

ශ්‍රී ලංකා කණ්ඩායම 260 (ගයාන් වික්‍රමසිංහ 80, මහිත් පෙරේරා 53 -හැරී මෝර් 42/2, ෆිඩි මැක්කන් 39/2) තරගාවලියේ වීරයා ලෙස ලූක් බෙන්කන්ස්ටයින් පිදුම් ලැබීය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment