ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය අද (21 වැනිදා) මැන්චස්ට් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලී පොප්ට හිමිව තිබේ.
ශ්‍රී ලංකාව ටෙස්ට් තරග සංචාරයක් සඳහා එංගලන්තයේ දී එක් වන්නේ වසර 8කට පසුව වන අතර ඔවුනොවුන් අවසන් වරට එංගලන්තයේ දී හමුව ඇත්තේ 2016 වසරේදීය. තරග 3කින් යුත් එම තරගාවලියේ දී එංගලන්තය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක තරගාවලි ජයග්‍රහණයක් ලබා ඇත්තේ මීට වසර 10කට පෙර එනම් 2014 වසරේදී වන අතර, තරග 2කින් සමන්විත එම තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන්ව දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 100ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් එම තරග පරාජයෙන් පසුව මේ දක්වා එංගලන්ත කණ්ඩායම අපරාජිතව සිටීමට සමත්ව ඇති අතර ඔවුන් එතැන් සිට ශ්‍රී ලංකාව සමඟින් තරග 8කට ක්‍රීඩා කර ඉන් තරග 7ක් ජයග්‍රහණය කරමින් නිමා කරන ලද අතර අනෙක් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.
ඒ අනුව ඔවුනොවුන් ටෙස්ට් තරග 36ක් මේ දක්වා ක්‍රීඩා කර ඇති අතර එම තරගවලින් තරග 17ක ජයග්‍රහණ එංගලන්තය සතුවද්දී, තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව හිමිකර ගැනීමට සමත්ව ඇත. ඉතිර තරග 11 නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2021 වසරේදී වන අතර, තරග 2කින් යුත් එම තරගාවලියේ දී 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්ව ඇත.
ඊට පෙර 2018 වසරේදී ද එංගලන්ත ක්‍රීඩකයෝ මෙරට සංචාරක නිරත වූ අතර එහිදී තරග 3කින් යුත් තරගාවලිය 3-0ක් ලෙසින් පරාජය වීමට සත්කාරක ශ්‍රී ලංකාවට සිදුවිය.
කෙසේ වුවද මෙම තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන තරගාවලිය ලෙස සැලකිය හැකි අතර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය යටතේ මුහුණ දෙන තෙවැනි තරගාවලිය මෙයවේ. එංගලන්තය සහභාගිවන සිව්වැනි තරගාවලිය මෙය වන අතර තවද එංගලන්තය තම මව්බිමේදී මුහුණ දෙන අවසාන තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.
යම්කිසි හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය 3-0ක් ලෙස ජයගන්නට හැකියාව ලැබුණහොත් ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවන අතර, එංගලන්ත කණ්ඩායමට 3-0ක් ලෙස ජයගැනීමට හැකියාව ලැබුණහොත් ඔවුනට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය කරා ළඟා වීමට අවස්ථාව උදාවේ.
මේ අනුව තරගාවලියේ දෙවැනි තරගය මෙම මස 29 දා සිට සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීත්, තෙවන සහ අවසාන තරගය සැප්තැම්බර් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා කෙනිල්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි