එකඑක්කෙනා මොන මොනවා කිව්වත් මුලින්ම එන්නේ ජනාධිපතිවරණය – සමන් රත්නප්‍රිය

38

මහමැතිවරණය මුලින් පවත්වන බවට ඇතමුන් ප්‍රකාශ කළත් ව්‍යවස්ථාවට අනුව මුලින්ම ජනාධිපතිවරණය පවත්වනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඊයේ (20දා) පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණත්, ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මේ වනවිටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රත්නප්‍රිය මහතා පැවසීය.

පහුගිය සතියේ උදයංග වීරතුංග මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ද මුලින්ම මහ මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශ කළත්, මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බව ද රත්නප්‍රිය මහතා කීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment