එක්දින සටනේ ජය පීතරයන්ට

45

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැති 48 වැනි සාන්තුරවයන්ගේ සටන එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම සමත්විය.

 කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර කණ්ඩායම නියමිත පන්දු වාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කළේය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සානත් ජොස්ප් විදුහලට නිමිත පන්දු වාර 50 තුළදී ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 219ක් පමණි.

 පීතර විදුහල් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට වනුජ සහන් සමත්වූ අතර දනාල් හේමානන්ද ලකුණු 81ක් රැස් කළේය.

 සානත් ජෝස්ප් ඉනිම වෙනුවෙන් ලකුණු 91ක් වාර්තා කිරීමට ෂෙවෝන් ඩැනියෙල් සමත්වූ අතර සන්දේශ් ජයවර්ධන ලකුණු 61ක් රැස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment