ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සිය සුබ පැතුම් පළ කළ අතර මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.
සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැඟීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතුළු ප්‍රධාන අංශ නවයක් කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, වත්මන් සහ ඉදිරියේදී පැන නඟින අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේදී දේශපාලන බලමුළු ගැන්වීමේ කාර්යභාරය අවධාරණය කරමින් අපේක්ෂකයන් ලෙස පමණක් නොව ක්‍රියාකාරී ඡන්දදායකයන් ලෙසද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු මෙරට නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ