එක්සත් ජාතීන්ගේ 19 වැනි වෙසක් සැමරුම නිමාවට පත්වෙයි

146

බෞද්ධ මාර්ගය යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය 19 වැනි වරටත් තායිලන්තයේ අයුත්ත්‍යා නුවර පිහිටි මහාචූලෝලොංකොන් විශ්වවිද්‍යාලයේදී ආරම්භ වී නිමාවට පත්විය. තායිලන්ත රාජ්‍ය ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් එම අවස්ථාව උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමිපානන්ට එහිදී බුදු පිළිමයක් ප්‍රදානය කිරීම සිදුවූ අන්දම ද මෙහි දැක්වේ. දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා ද අතිපූජ්‍ය මහා සංඝරත්නය ද ශ්‍රී ලංකාව නියෝජනය කළහ. ලබන වසරේ වෙසක් සැමරුම වියට්නාමයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

එක්සත් ජාතීන්ගේ 19 වැනි වෙසක් සැමරුම නිමාවට පත්වෙයි
  • ප්‍රසන්න බ්‍රාහ්මන තායිලන්තයේ අයුත්ත්‍යා නුවර සිට

advertistmentadvertistment