එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන කාදිනල් හිමිගේ පෙත්සමට දින නියම කරයි

310


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම නොවැම්බර් 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික විනාශය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකරන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට වන්දි වශයෙන් රුපියල් බිලියන 7ග77 ක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි සභාපති වරයා, එහි හාබර් මාස්ටර්වරයා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු 20 දෙනෙකු නම්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment