එක්ස්ප‍්‍රස් පර්ල් අපේ මුහුද මළ මුහුදක් කරයිද… මියගිය කැස්බෑවන්, ඩොල්ෆින්, විවිධ මසුන් වර්ග ගොඩගසයි

1840

 නයනකේෂී විජේකෝන්
 ජගත් කණහැරආරච්චි
 
 එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මුහුදු පත්ල සිපගෙන අවසන්ය. පසුගිය මැයි මස 21 වැනි දින  ගිනිගැනීම ආරම්භ වූ නෞකාව දින  ගණනාවක් ගිනිගනිමින් තිබුණි. පසුව මෙය ඈත දියඹ වෙත ඇදගෙන යෑමට දැරූ උත්සහය ආසාර්ථක කරමින් එය අසළ තිබූ වැලි පරයක ගැටී ගිලී ගියේය. නෞකාව ගිලී යන විට එහි බහාළුම් 1486 ක් තිබුණි. මේවායින් බහුතරය විවිධ වූ රසායනික ද්‍රව්‍යයන් ප‍්‍රවාහනය කරමින් තිබූ බහාළුම්ය. මේ සියල්ල දැන් ඇත්තේ ශ‍්‍රී ලංකාවට ආසන්න නොගැඹුරු මුහුදු තීරයේ තැනින් තැන විසිරීය.

apemuhuda1
 
 මෙම අනතුර හේතුවෙන් සිදුවූ පරිසර හානිය මැනිය නොහැකි තරම් බවට පරිසරවේදීන් දිගින් දිගටම සඳහන් කරමින් සිටියි. මෙරට බටහිර මුහුද හා දකුණු මුහුදද මේ වන විට මෙම නෞකාවේ ප‍්‍රවාහනය කරමින් තිබියදී අනතුරත් සමගි්න් මුහුදට එක් වූ ප්ලාස්ටික් පබළුවලින් අපිරිසිදු වී අවසන්ය. එමෙන්ම දිනපතා මියගිය කැස්බෑවන් වෙනත් කුඩා මසුන් මෙන්ම ඩොල්ෆින් මසුන්ද වෙරළට ගොඩගසමින් තිබේ. එමෙන්ම බොනස්විටා කොරල්පරයේ කැඩුණු කැබලි විශාල ප‍්‍රමාණයක් උනවටුන වෙරළට ගසාගෙන විත් තිබේ. මේ සියල්ලට වගකිව යුතු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව දියඹ යටට වී නිසොල්මනේ සිටියි.

apemuhuda2
 
 මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කරනුයේ මෙය තමන් හඳුන්වනුයේ විෂ සහිත නෞකාවක් බවයි.
 
 ”මේ වන විට නෞකාව සම්පූර්ණයෙන්ම ගිලිලා අවසන්. එ් වගේම තමයි මෙහි ප‍්‍රවාහනය කරමින් තිබූ විවිධ රසායනික ද්‍රව්‍ය තිබූ බහාලූම් 1486 ක් මුහුදට වැටිලා ඉවරයි. මේ වන විට නැව් තට්ටුව මත මේවා දකින්නට නෑ. එ් කියන්නේ එ්වා දැන් තියෙන්නේ මුහුදේ විසිරිලා. මේ සමගම මේවා ශීඝ‍්‍රයෙන් මුහුදු ජලය සමග මිශ‍්‍ර වීම සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි. මෙහි ප්ලාස්ටික් පබළු බිලියන 70 ක් පමණ තියෙනවා. ඉන් ඉතාම සුළු ප‍්‍රමාණයක් පමණයි නැව් අනතුරත් සමගින් මුහුදට මිශ‍්‍ර වුණේ. තව විශාල ප‍්‍රමාණයක් බහාලූම් තුළ තියෙනවා. විශේෂම දේ තමයි මේවා දැන් දකුණේ රැුකව ඉඳලා මන්නාරම වංකාලේ දක්වා විසිරිලා තියෙන එක. මින් වන හානිය අති විශාලයි. රැුකව කියන්නේ අප රටේ තියෙන එකම කැස්බෑ අභය භූමිය. එයටත් මින් හානිවෙලා ඉවරයි.

apemuhuda12
 
 එ් වගේම තමයි මේ නෞකාවේ තියෙන වැඩිම භායානක දේ තමයි මෙහි ප‍්‍රවාහනය කළ රසායනික ද්‍රව්‍ය. මෙහි බහාලූම් 500 ක් පමණ තියෙනවා. මේ විදිහට රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරපු මේවා අතර ඊයම්, ලිතියම්, බැටරි ඇසිඞ්, එ් වගේම ලිහිසි තෙල් තියෙනවා. එ් වගේම නයිටි‍්‍රක් ඇසිට් මෙහි ප‍්‍රවාහනය වුණා. එ් වගේම තමයි මෙහි යූරියාත් ප‍්‍රවාහනය වුණා. මේ සියල්ල ජලයට මුසුවනවා කියන්නේ එයින් වන්නේ සමුද්‍ර ජලය ¥ෂණය වීමයි. ඉන් අවසන් වරට සිදුවන්නේ මුහුදු ජීවීන්ගේ ජීවිතවලට හානී සිදු වීමයි.’’

apemuhuda3

apemuhuda4
 
 කෙසේ වුවත් දැනට ලැබෙන තොරතුරුවලට අනුව මෙතෙක් මුහුදේ රසායනික සංයුතියේ වෙනස් වීම පිළිබඳව නිසි පරිදි අධ්‍යයනයක් සිදුකර නොමැති බවට ද පරිසරවේදීහු චෝදනා කර සිටියි. එමෙන්ම ඔවුන් සඳහන් කර සිටිනුයේ මේ ආකාරයට විවිධ මසුන් මියගොස් වෙරළට ගොඩගසන ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයකන් මියගොස් තිබිය හැකි බවයි.
 
 සමුද්‍ර පරිසරවේදී ප‍්‍රසන්න වීරක්කොඞී මහතා සඳහන් කර සිටිනුයේ දෛනිකව වාර්තා වන කැස්බෑ මරණ හා මත්ස්‍ය ප‍්‍රමාණය සළකා බැලීමේදී එය අසාමාන්‍ය වන නිසාම එයට නෞකා අනතුර සමග සෘජු සබැඳියාවක් ඇති බවට සැක කළ හැකි බවයි.
 
 ” ඕනම දවසක සාමාන්‍යයෙන් වෙරළට කැස්බෑවෙක් දෙන්නෙක් ගොඩගහනවා තුවාල ලබලා හෝ මියගිහින්. මේවා ස්වභාවික මරණ හෝ යම් අනතුරක් නිසා සිදුවන එ්වායි. එහෙත් දිනකට කැස්බෑවුන් හය හත්දෙනා ගොඩ ගසන්නට කිසිම විදිහක් නෑ. එ් වගේම තමයි මෙය වාර්තා වීම ආරම්භ වන්නේ නෞකා අනතුරෙන් පසුවයි. මේ විදහට ගොඩබිමට ගසාගෙන එන ඇතැම් කැස්බෑවුන්ගේ පොතු ගැළවෙන ආකාරයක් දක්නට ලැබෙනවා. එය සිදු විය හැක්කේ යම් විදිහකට මේ  සතුන් රසායනික ක‍්‍රියාවලියකට නිරාවරණය වූ නිසයි.
 
 එ් වගේම තමයි මේ විදිහට සමුද්‍ර ජීවින් මියයෑම මීට වඩා වැඩි විය හැකියි. මෙලෙස මියගිය සතුන් විශාල ප‍්‍රමාණයක් මුහුදේ දියවැල් අතර ගසාගෙන යමින් තිබිය හැකියි. ධීවරයන් පවසන ආකාරයට ඔවුන් ගසන දැල්වලට මසුන් අහුවෙන්නේ නෑ. එ් අනුව අපට උපකල්පනය කරන්න වෙනවා විශාල ව්‍යසනයක් මුහුදේ සිදුවෙලා තියෙනවා කියලා. අපට මේ සියල්ල පිළිබඳව කිසිම ආකාරයේ තක්සේරුවක් කරන්න නම් වාරකන් අවසන් වෙලා මුහුද නිශ්චල වන තුරු ඉන්න වෙනවා.
 
 මියගිය කැස්බෑවුන්ගේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කර ඇතත් එ්වායේ වාර්තා ප‍්‍රමාද වීම හේතුවෙන් විද්‍යාත්මකව එ් පිළිබඳව යමක් කීම අපහසු වී ඇත.
 
 ”අපට පසුගිය දිනවල දිගින් දිගටම දිනපතා විශේෂයෙන් කැස්බෑ සිරුරු හමුවුණා. මේ ඇතැම් සතුන් ගේ සිරුර ඇතුළ සම්පූර්ණයෙන් නරක් වෙලා තිබුණේ. බැලූ බැල්මට ඔවුන් යම් රසායනික ක‍්‍රිවාලියකට නිරාවරණය වෙලා කියන දේ අඳුන   ගන්න පුළුවන්. මේ සතුන්ගේ බෙල්ලේ තියෙනවා අවයවයක් වතුර පෙරිලා එන්න. එ්වා පවා දියවෙලා ගිහින්. දැනට 30 කට වඩා මැරිලා තියෙනවා.

apemuhuda5
 
 මේ විදිහට මියගිය කැස්බෑවුන් අතර වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින පොතු කැස්බෑවුන් සිටිනවා. මීට අමතරව බටු කැස්බෑවුන් හා මඩ කැස්බෑවුන් ද සිටිනවා. එ් වගේම තමයි වැලි පර, ගල් පර හා කොරල් පර අතර වගේම දියවැල් අතරත් විශාල ලෙස මියගිය මුහුදු ජීවීන් ඉන්න පුළුවන්. අපට මේවා හරියටම බලාගන්න කිමිදෙන්න විදිහක් නෑ. මේ දිනවල මුහුද සැර නිසා එය කරන්න බෑ.
 
 නමුත් මම තවත් දෙදෙනෙක් සමග කිමිදිලා බැලූවා. මුහුද යට වතුර කළු පාටයි. මුහුදේ සිදුවුන මේ සිද්ධිය නිසා ඇල්ගී වලටත් හානි වෙනවා. එයත් විශාල හානියක්. මුහුදේ තියෙන වැලි පර, ගල් පර හා කොරල් පර අතර විශාල ලෙස මුහුදු ජීවීන් ජීවත්
 
 වෙනවා. අපට දිගින් දිගටම ධීවරයන් පවසනවා ඔවුන්ගේ දැල්වලට අඩුම තරමේ මියගිය මත්ස්‍යයෙක්වත් අහු වෙන්නේ නෑ කියලා. එ් අනුව අප උපකල්පනය කරන්න වෙන්නේ මේ ජීවීන් මුහුදු පත්ලේ මියගිහින් ඉන්නවා කියන එකයි.
 
 මේ නැව දැන් ගිලිලා ඉවරයි. මෙහි ආහාර පිසීමට යොදාගන්නා තෙල් ප‍්‍රවාහනය කරලා තියෙනවා. එ් වගේම තමයි ජෙනරේටර්වලට යොදා ගත්ත ඞීසල් තියෙනවා. එ් වගේම තමයි ලිහිසි තෙල් තියෙනවා. මේ සියල්ලම දැන් මුහුදු ජලය සමග මිශ‍්‍ර වීමේ අවදානම තියෙනවා. අපට පෙනෙන විදිහට දැනටම එය සිදු වෙමින් පවතිනවා. මේ තෙල් ටොන් 600 ක් පමණ නැවේ තියෙනවා. අනිත් දේ මෙහි තියෙන නෞකාව
 
 ගමන් කිරීමට යොදාගන්නා තෙල් ටොන් 2000 ක් පමණ තියෙනවා. තව ප්ලාස්ටික් පෙලට්ස් තියෙනවා. අපි දැන් බලාගෙන හිටියා ඇති ඉක්මනින්ම බෝයාවල් යොදන්න ඕන එවිට මේ සියල්ල මුහුදේ විසිරීයෑම වළක්වන්න පුළුවන්. කිසිම කෙනකුට එ්කට හදිසියක් තියෙනවා කියලා අපට පෙන්නේ නෑ.
 
 එමෙන්ම මෙම නෞකාව ගිලිගොස් ඇත්තේ දිනකට නෞකා 200 ක් පමණ ගමන් කරන ප‍්‍රධාන නෞකා මාර්ගයකයි. එ් අනුව ඉදිරියේදී මෙහි තවත් නැව් ගැටී තවත් අනතුරු සිදුවීමේ අවදානමක් තියෙනවා. එහෙත් පරිසරවේදීන් මෙන්ම විද්වතුන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානය වැලි පර සහිත ස්ථානයක් බවයි. වලි පර යනු මුහුදේ ජීවීන් විශාල ලෙස ජීවත් වන ස්ථානයක්. එබැවින් මෙය හදිසියේ ඇද දැමීම ද තවත් පරිසර හානියක් බවට පත් විය හැකියි. මේ නිසා නෞකාව දෙකට කපා ඉතා ප‍්‍රවේශමෙන් එතැනින් ඉවත් කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටිනුයේ.
 
 මේ වන විට එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව අපට සිදුකළ විසල් හානිය සිදුකර අවසන්ය. යළි`දු මෙවන් ව්‍යසන සිදුනොවන ආකාරයෙන් අප ක‍්‍රියා කළ යුතුය. අප රට මෙන් අට ගුණයක් විශාල මුහුදු තීරයක් හිමිය. එය සම්පත්වලින් බහුලය. එ් හා බැඳුණු ජීවිකාවල නියැළෙන ප‍්‍රමාණය විශාලය. ඉ`දින් සොබාදහම අපට දුන් සුන්දර මුහුදු තීරය රැුකගැනීම අපගේ යුතුකම මෙන්ම වගකීමද වේ. එය අද අප මගහැරීම යනු අප අපගේම අනාගත පරපුරට කරනා විසල් අපරාධයකි.
 

advertistmentadvertistment