2023 මැතිවරණ නියාමන පනතට අනුව ජනපති අපේක්ෂකයන් එක් ඡන්ද දායකයකු හට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 20ක් කරන ලෙස ජනපති අපේක්ෂකයකු වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වූ ජනක රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
ඉකුත් 16 වැනිදා ජනපති අපේක්ෂකයන් කැඳවා මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී තමා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයා මෙම ඉල්ලීම කළ බව රත්නායක මහතා පවසයි.
එම සාකච්ඡාවලදී ජනපති අපේක්ෂකයන් විවිධ අදහස් පළ කළ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් හා සමගි ජන බලවේගයේ මහලේකම් එක් අයකු සඳහා රු. 300ක් වියදම් කිරීමටත් ජාතික ජන බලවේගයේ රු. 200කට වැඩි මුදලක් අනුමත කරන ලෙසත් ඉල්ලා ඇත. ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා යෝජනා කර ඇත්තේ එක් අයකු සඳහා වියදම රු. 250ක් වැය කළ යුතු බවයි.
මේ අනුව වියදම් එකතුව කෝටි 420, කෝටි 510, කෝටි 342 වැනි ප්‍රමාණයන් වන අතර තමා කළ යෝජනාව අනුව වැය වන්නේ කෝටි 34ක් බවද රත්නායක මහතා පෙන්වා තිබේ.
මෙවැනි විශාල මුදල් සපයා ගන්නා ආකාරය, ඒවාට අනුග්‍රහ දක්වන්නන් හා පක්ෂවල ගිණුම් වාර්තාවල අන්තර්ගතය තුළ ඒවායේ මුදල සටහන් වී ඇත්ද යන්න හා ඒවා බදු ගෙවීම කර ඇත්ද යන්න ආදී ගැටලු ද පැනනඟින බව හෙතෙම පෙන්වා දෙයි.