එක් දිනක් පමණක් පාසල් ගොස් සියවසක් භාරතය නැලවූ ගීත කෝකිලාවිය

520

2010දීඇරඹෙන ගෝලීය ඉන්දියානු සංගීත ඇකඩමි සම්මාන (Global Indian Music Academy Awards) උළෙලේ ජීවිතයට එක් වරක් පමනක් ලැබෙන සංගීත සම්මානය පරිනමනුයේ ඉන්දීය මහා ගායිකා ලතා මංගේෂ්කාර්ටය. එය ඇයට පිරිනැමුවේ නූතන භාරතයේ ජනප‍්‍රියම සංගීතඥයා වන ඒ. ආර්. රහුමන් විසින්ය. ඇයට සම්මානය ප‍්‍රදානය කරමින් රහුමන් තම පියා වූ සංගීතඥ ආර්. කේ. ෂන්කර් සුදු සාරියකින් සැරසුණු ලතාගේ ඡුායාරූපයක් තම සංගීත කාමරයේ මේසය ඉදිරිපිට එල්ලා ඇති අතර කිසියම් තනුවක් නිර්මාණය කරන විට ඔහුගේ නෙත් යොමු වන්නේ ලතා වෙත යැයි ප‍්‍රකාශ කරනුයේ ලතාගේ සුවිශේෂත්වය ලොවට පෙන්වමිනි. මෙවැනි ආකර්ශනීය මහා ගායිකවක් වූ ලතා මංගේෂ්කාර් මුළු ලොවක් හ`ඩවමින් පසුගිය දිනක අවසන් ගමන් ගියාය.

සියලුම ශ‍්‍රී ලාංකික ගීත ලෝලීන්ට මෙම ශෝචනීය මොහොතේ ලතා ගැන සිහිකරන විට නිතැතින් මතකයට එන්නේ 1955 ජුනි 24 දින ප‍්‍රදර්ශනය කළ සැඩ සුළං චිත‍්‍රපටයට මොහිදින් බෙග් සමඟ ගැයූ ”ශී‍්‍ර ලංකා මාතා මා පි‍්‍රයාදර ජය භූමි’ නම් ඇය සිංහලෙන් ගැයූ අමරණීය ගීතයය.

ඉන්දියානුවන් ලතා මංගේෂ්කාර් සලකනුයේ සරස්වතිය විසින් දායද කළ මහඟුම තිළිණය ලෙසිනි. ඉන්දියාව තුළ ඇය ජාතික වස්තුවක් විය.

ගායනයෙන් මුළු ලොවක් වසඟ කළ ලතාගේ හඬ සෑම විනාඩියක් තුළම ලොව පුරා කොතැනක හෝ රැුව්දේ. 1942 දී ඇරඹි ලතාගේ ගායන දිවිය තුළ ඇය ඉන්දියාවේ ප‍්‍රාන්ත භාෂා 20කින් චිත‍්‍රපට 1200 කට වඩා ගී ගයා ඇත. එසේම 1940 ගණන් වල සිට ඇය මියයනතුරුම ගීත 35,000ට ආසන්න ප‍්‍රමාණයක ගී ගයා ඇතැයි නිගමනය කර ඇත.

එක් දිනක් පමණක් පාසල් ගොස් සියවසක් භාරතය  නැලවූ ගීත කෝකිලාවිය

ලතා 1929 සැප්තැම්බර් 28 වන දින ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ මරාති භාෂාව කතා කරන පවුලක උපත ලැබුවාය. ඇගේ පියා වූයේ ශාස්ත‍්‍රීය ගායකයකු, නළුවකු හා නාට්‍ය නිෂ්පාදකයකු වූ පණ්ඩිත් දිනානාත් මංගේෂ්කාර්ය. දිනානාත්ගේ දෙවන විවාහය වූ ෂෙවන්ති නැතහොත් සුද්දාමතී ලතාගේ මව විය. දිනානාත් ඔහුගේ උපන් බිම වූ ගෝවේ මංගේෂ් යන නාමයට ගරු කිරීමක් ලෙස එතෙක් තම පරම්පරාවෙන් ආ පෙළපත් නාමය වන හාර්දීකර් වෙනස් කොට මංගේෂ්කාර් නම් නව පෙළපත් නාමය භාවිතයට යොදා ගනු ලැබීය. ලතාට ආශා, ඌෂා හා මිණා නමින් සොහොයුරියෝ තිදෙනෙක්ද හර්දිනාත් නම් සොහොයුරෙක්ද වූහ. මේ සියලු දෙනාම සංගීතයට දස්කම් දැක් වූ අයය.

ලතාගේ මුල් නම හේමා වුවද ඉතා ටික කලෙකින් ඇය ලතා ලෙස ඇමැතීමට පියා උනන්දු වීම සමගම හේමා ලතා බවට පත්විය. සියල්ලන්ම ඇය ඇමතූයේ ලතා ලෙසිනි. සමහරුන්ගේ මතය වනුයේ දිනනාත තමා අධ්‍යක්ෂණය කළ බහවන් බන්දම් නාට්‍යයේ ලතිකා නම් චරිතයට වැඩි කැමැත්තක් දැක් වූ හෙයින් ඒ නම අනුව ලතා ලෙස ඇය ඇමතූ බවය. පිලිගත් මතය වනුයේ 1922 දී දිනනාත් මංගේෂ්කාර් තම පළමු විවාහය නර්මදා නැතහොත් ශී‍්‍රමතී සමඟ සිදුවන අතර ඔවුන්ට බිහි වූ එකම දියණියට ලතිකා ලෙස නම් තබයි. අවාසනාවකට ලතිකා ළදරු වියේදීම මියයන අතර මව නර්මදාද ටික කලෙකින් මියයයි. පසුව දිනනාත් සිය දෙවැනි විවාහය සිදුවන්නේ තම පළමු විවාහය වූ නර්මදාගේ සොහොයුරිය වූ සුද්ධාමතී සමඟය. ලතාට මුලින්ම හේමා යැයි නම් තැබුවද ලතිකා සිහිවීමට ලතා ලෙස ඇය ඇමතීය. දිනනාත්ගේ මුල් පරම්පරා නාමය වූ හර්දිකාර් නාමයෙන් බිඳුනු හිර්දයා යන සුරතල් නාමයෙන්ද ඇය හැඳින්වීය.

ලතාගේ විධිමත් අධ්‍යාපනය බලාපොරොත්තු නොවූ ලෙස එක් දිනකට සීමා විය. ඇය පාසල් ගිය මුල්ම දිනයේ පංතියේ අනෙක් ළමයින්ට ඇය ගායනය පුහුණු කිරීමට ගිය නිසා පාසලේ කටයුතුවලට එයින් බාධා විය. ගුරුතුමිය මේ ගැන ඇයට දැඩිව අවවාද කළ හෙයින් ඇයගේ පාසල් දිවිය එක් දිනකින් නිම විය.

එක් දිනක් පමණක් පාසල් ගොස් සියවසක් භාරතය  නැලවූ ගීත කෝකිලාවිය

වයස අවුරුදු 8 වන විට ලතා කලාව පිළිබඳව පළමු පාඩම ලබනුයේ තම පියාගෙනි. එය ඇගේ පියාගේ සංගීතමය නාට්‍යයක කුඩා චරිතයක් රඟපාමින් ලත් අත්දැකීමය. ලතාට වයස අවුරුදු 13 ක් වන විට ඇගේ පියා මියයයි. මංගේෂ්කාර් පවුලේ සමීපතම හිතවතකු වූ ‘නවයුග් චිත‍්‍රපටි’ චිත‍්‍රපට සමාගමේ හිමිකරු විනයාක් දමෝදර් කර්නාටකී මංගේෂ්කාර් පවුලට උදව් කිරීමට ඉදිරිපත් වේ. විනයාක් ප‍්‍රසිද්ධ නිළියක් වූ නන්දාගේ පියාය. ඔහු ලතා දිරිමත් කළ අතර තමා සමාගම නිපද වූ චිත‍්‍රපටවල ගැයීමට පමනක් නොව රඟපෑමටද ඇයට අවස්ථාව ලබා දුනි.

1942 දී ලතා පළමු වරට මරාතී භාෂාවෙන් වසන්ත
ජොග්ලේකාර්ගේ කිටි හසාල් චිත‍්‍රපටයේ ‘නාචු යා ගදේ’ නම් ගීතයක් ගයයි. චිත‍්‍රපටය සංස්කරණය කිරීමේදී මෙම ගීතය ඉවත් කොට තිබුණි. නමුත් විනයාක් දමෝදර් ඔහුගේ චිත‍්‍රපට සමාගම නිපදවා 1942 දී තිරගත වූ පහෙලි මංගල් ගෞර් චිත‍්‍රපටයේ දාදා චන්ද්‍රෙකාර් රචනා කළ ‘නටාලී චෛත‍්‍රචි නවලාඉ’ ගීතය ගැයීමට ඇයට අවස්ථාව ලබා දේ. එපමනක් නොව ඇය එම චිත‍්‍රපටයේ කුඩා කොටස් කීපයක ද රඟපෑමට අවස්ථාව ලැබුණි. 1942 දී තිරගත වූ ගජ්බාවු නම් මරාතී චිත‍්‍රපටයට ඇය ගැයූ ‘මාතා එක් සපුට් කී දුනියා බන්දල්’ ගීතය ලතා ගැයූ පළමු හින්දි චිත‍්‍රපට ගීතයයි.

එක් දිනක් පමණක් පාසල් ගොස් සියවසක් භාරතය  නැලවූ ගීත කෝකිලාවිය

මාස්ටර් විනයාක් දමෝදර්ගේ ‘නවයුග් චිත‍්‍රපටි’ චිත‍්‍රපට සමාගම බොම්බායට ගෙන යෑමේ ප‍්‍රතිපලයක් ලෙස ලතාට බොම්බායට සංක‍්‍රමණය වීමට සිදුවිය. එය සැබෑ ලෙසම ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. ඇය මෙහිදී උස්තාද් අලී කාන්, අහමත් කාන්, පණ්ඩිත් ෂර්මා යටතේ ඉන්දීය සම්භාව්‍ය සංගීතය හැදෑරීම කළේය.

මාස්ටර් විනයාක්ගේ අභාවය වූ 1947 දක්වා බඩී මා (1945) ජීවන් යත‍්‍රා (1946) සෝනා චාන්දී (1946) සුභද්‍රා (1946) වසන්ත ජොග්ලෙකාර්ගේ ආප් කී සේවා මේනේ (1947) සාලි සල් පෙහෙලි (1947) ෂෙනායි (1947) ආදී චිත‍්‍රපට සඳහා ලතා ගීත ගැයීය.

මාස්ටර් විනයාක්ගේ අභාවය 1947 දී සිදුවන අතර ගුල්හාම් හයිඩර් මාස්ටර් විනයාක්ගේ අඩුව පුරවනු ලබයි. වෙනත් නිෂ්පාදකයන් ලතා ගැන එතරම් පැහැදීමක් නොතිබුණු විට තමා සංගීතවත් කළ මජ්බුර් (1948) චිත‍්‍රපටයේ ‘දිල් මෙරා තොඩා’ නම් ගීතය ගැයීමට ලතාට අවස්ථාව දේ. එය ලතා නම් ගායිකාවට ලොවක් ජය ගැනීමට තිබූ පළමු පියවර ලෙස මෙම ගීතය හැඳින්විය හැක. ලතා මියයන තුරුම ගෞරවයෙන් සිහිපත් කළ නම් අතර ගුල්හාම් හයිඩර්ගේ නාමය මුල් තැනක් ගනු ලැබීය. 1940 දශකය අවසන් වන විට ලතා ඉන්දීය සිනමාවේ ප‍්‍රධානතම ගායිකාව බවට පත්ව සිටියේය. මහල් (1949) බර්සාත් (1949) අසාද් (1949) යන චිත‍්‍රපට ඇයගේ ප‍්‍රතිභාව මනාව පිළිබිඹු කළේය. එයට දිය හැකි හොඳම උදාහරණය මහල් චිත‍්‍රපටයේ ඇය ගැයූ ‘අයෙගා අයෙගා අයෙගා ආනේවාලා’ ගීතයයි. මෙම දශකය තුළ ඇයට ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ සංගීතඥයන් වන නෞෂාඞ්, සී. රාමචන්ද්‍ර, අනිල් බිස්වාස්, ගුල්හාම් මොහොමඞ් යටතේ ගී ගැයීමට වාසනාව ලැබීය.

1942 සිට ඇරඹි ලතාගේ චිත‍්‍රපට පසුබිම් ගායන ජීවිතය වසර 70 ක් පුරා ගලා යයි. මෙම දශක හත තුළ ඇය චිත‍්‍රපට 1200 ක පමණ ගීත ගයා ඇතැයි නිගමනය කළ හැක. ඇගේ අවසාන චිත‍්‍රපට ගීතය ලෙස සටහන් වන්නේ සමිර් තන්ඩොන් සංගීතවත් කළ 2009 තිරගත වූ ජේල් චිත‍්‍රපටයේ ‘දාතා සුන් ලේ මවුලා සුන් ලේ’ ගීතයයි. ලතා ගැයූ අවසාන ගීතය ලෙස වාර්තා වන්නේ ඇයට වයස අවුරුදු 90 දී එනම් 2019 දී ඉන්දීය හමුදාවට උපහාරයක් ලෙස ගැයූ ‘සෞගන්ද් මුජේ ඉස් මිට්ටි කී’ ගීතයයි.

ලතා ගායිකාවක් පමනක් නොව ඇය චිත‍්‍රපට රාශියකට සංගීත සැපයූ සංගීත අධ්‍යකෂවරියකි. ඇය පළමුවෙන්ම සංගීතය සැපයූයේ 1955 දී තිරගත වූ රාම් රාම් පහාවණී නම් මරති චිත‍්‍රපටයටය. එය ඇගේ නමින්ම සංගීත අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපටයයි. එයට අමතරව මොහිත්යාන්චි මන්ජුල (1962) මර්තා ත‍්‍රිකුවා මෙල්වාව (1964) සාධි මන්සේ (1965) හා තම්බඩී මාතී (1969) යන චිත‍්‍රපටවලට ඇය සංගීතය සැපයීය. මෙම චිත‍්‍රපට සියල්ලම මරාතී චිත‍්‍රපට වූ අතර ඇය සංගීතය සැපයූයේ ආනන්ද් ගහාන් නම් අන්වර්ථ නාමයෙනි. ඇගේ තනු මනරම්ය. ඇගේ සංගීත අධ්‍යක්‍ෂණය ඇය ප‍්‍රවීන සංගීත අධ්‍යක්‍ෂවරයකු බව සනාථ කොට පෙන්වීය. ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්ත රාජ්‍යය විසින් පවත්වන සම්මාන උළලේදී හොඳම සංගීත අධ්‍යක්‍ෂක ලෙස සාධි මන්සි චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ලතා සම්මානයට පාත‍්‍ර විය. එම චිත‍්‍රපටයේ වූ ‘අයිරනිජා දේව තූලා’ නම් ලතා තමාගේම සංගීතයට ගැයූ ගීතය වසරේ හොඳම ගීතය ලෙස එම උළෙලේ දී සම්මාන ලැබීය.

ලතා රඟපෑම පිළිබඳ පළමු පාඩම ලැබෙනුයේ තම නිවස තුළින්මය. මන්ද ඇය කුඩා කල තම නිවස තුළ දුටුවේ නාට්‍ය පුහුණු වන අයුරුය. ලතාගේ පියා මියගිය පසු ලතාට අත දුන් විනයක් වයස අවුරුදු 13 ක් වූ ලතා පළමු වරට තමාගේ චිත‍්‍රපටයක රඟපෑමකට යොදා ගනී. එය 1942 තිරගත වූ ආර්. එස්. ජුන්නාකර් අධ්‍යක්‍ෂණය කළ පහිලි මංගල් ගෞර් නම් චිත‍්‍රපටයය. ඇය චිත‍්‍රපටයේ රඟපෑමේදී අපහසුතාවයට පත්වූයේ දැඩි ආලෝක දහරා යටතේ රඟපෑමට වීමෙනි. එයට පසුව චිමුක්ලා සංසාර් (1943), මහි බාල්, ගජ්බාවු (1944) බදී මා (1945), ජීවන් යාත‍්‍රා, සුභද්‍රා (1946) මන්දීර් (1948) චිත‍්‍රාපති ශිවාජී (1952) ආදි චිත‍්‍රපට රාශියක ඇය රඟපෑවාය. ඇය ගජ්බාවුවල කළ රඟපෑම එකල විචාරක පැසසුමට ලක් විය.

ලතා චිත‍්‍රපට නිෂ්පාදකවරියකි. ඇගේ පළමු නිෂ්පාදනය වූයේ 1953 දී තිරගත වූ වාදල් නම් මරාතී චිත‍්‍රපටයය. එම වසරේදීම ජහන්ජාර් හින්දි චිත‍්‍රපටය සී. රාමචන්ද්‍ර සමඟද නිෂ්පාදනය කළ ඇය 1955දී කාංචන් ගංඟා නමින්ද චිත‍්‍රපටයක් නිපදවයි. ඇය මේ සියල්ල කළේ වයස අවුරුදු 25 දීය. 1990 දී නිපදවූ ලෙකින් ඇයගේ අවසන් නිෂ්පාදනය විය.

ලතා ඉන්දීය සිනමාවේ 1940 ගණන්වල සිට 2010 කාල සීමාව තුළ බිහි වූ සියලුම නිළියන්ට පසුබිම් ගී ගයා ඇත. ලංකාවේ සැඩ සුළං චිත‍්‍රපටයේ රඟපෑ ෆෙලොරීඩා ජයලත්ටද එම වාසනාව ලැබුණි. එහෙත් මුල් කාලයේ ජනප‍්‍රිය නිළියක්ව සිටි සුරෙයියාට ඇය ගී ගයා නැත්තේ සුරෙයියාම ඇයට පසුබිම් ගායනය කළ හෙයිනි. එහෙත් සුරෙයියා පසු කාලෙක ප‍්‍රකාශ කළේ ඇයට ලතාගේ

ගායනකට ඇය රඟපෑමට කැමත්තක් දැක්වුවද එයට සංගීත අධ්‍යක්‍ෂවරු ඉඩ නොදුන් බවය.

ලතා තම පියාගෙන් පටන් ගෙන ඉන්දියාවේ සියලුම ප‍්‍රධාන පෙළේ සංගීතඥයන් යටතේ ඇය ගී ගයා ඇත. පසුකාලීනව මුල් යුගයේ ඇයට සංගීතය සැපයූ සංගීතඥයන්ගේ දරුවන් වන ආර්. ඩී. බර්මන්, රාජේෂ් රෝෂන්, ඒ. ආර්. රහුමන් හා ආනන්ද මිලින්ද් යන

නව පරපුරේ සංගීතඥයන් යටතේද ගීත ගැයීය. විවිධ හේතූන් මත ඕ. පී. නයියාර්ගේ සංගීතයට ඇය කිසිම දිනක ගී නොගැයීම විශේෂත්වයකි. එපමනක් නොව ඇයගේ පරපුර පැවත ආ ගොවේහි ඇය කිසි දිනක
ගී ගයා නැත.

ලතා තරම් සම්මානයට හා ගරුත්වයට පත් ගායිකාවක් ලෝකය තුළ මෙතෙක් බිහි නොවූ බව සත්‍යයකි. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට පළමු වරට ගායනයට සම්මානයක් ඇතුළත් කරන්නේ 1958 දීය. එහිදී පළමු වරට හොඳම ගායිකාවට පිරිනැමෙන සම්මානය හිමිවනුයේ ලතාටය. ඒ මධුමතී චිත‍්‍රපටයට ලතා ගැයූ ‘ආජාරේ පර්දේශී මෙතෝ’ නම් ගීතයටය. මෙහිදී අපූරු සිදුවීමක් වාර්තා වී ඇත. ෆිල්ම් ෆෙයාර් සම්මානය නිරුවත් කාන්තාවක් නිරූපණය වූ බව පවසා එම සම්මානය පිළිගැනීම ලතා ප‍්‍රතික්ෂේප කොට ඇත. පසුව එම සම්මානය සුදුරෙදි කඩකින් ඔතා නැවත පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කොට ඇත. එයට පසු ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් 1963 දී බිස් සල් බාද් චිත‍්‍රපටයේ ‘කහීන් දීප් ජලේ’, 1967 දී ‘කාන්දාන්’ චිත‍්‍රපටයේ ‘තුමේ මෙරි මන්දිල්’ හා 1970 ‘ආප් මුයිහි අච්චේ’ නම් ගීතයන් සඳහා හිමිකර ගෙන ඇත. ඉන්දියාව තුළ පිලිගත් මහාරාෂ්ඨ රාජ්‍ය චිත‍්‍රපට සම්මාන හයක්, ජාතික චිත‍්‍රපට සම්මාන තුනක් බෙංගාලි මාධ්‍යවේදී සංගමයේ වාර්ෂික සම්මාන 15 ක් ලතා හිමිකර ගෙන තිබුණි. යාවජීව සම්මාන ආදී සම්මාන රුසක් ඇය සතුව තිබුණි. ඇමෙරිකාව ඇතුළු රටවල් රාශියක් ඇයට සම්මානණීය පුරවැසිභාවය පිරිනමා ඇත. ප‍්‍රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය වන Knight of the Legion of Honour 2010 දී ලතාට පිරිනමන ලදී.

2001 දී ඉන්දියාව ලතාට දිය හැකි ඉහළම ජාතික සම්මානය වන භාරත රත්න ගෞරව නාමය ඇය වෙත පිළිගැන්විය. එයට පෙර පත්ම විභූෂණ ආදී ජාතික සම්මාන පිරිනමා තිබුණි. 2008 දී ඉන්දියානු 60 වන නිදහස් උත්සවයේදී One Time Award for Lifetime Achievement ජාතික සම්මානය ලතාට පිරිනැමුනි.

එක් දිනයක් පමනක් පාසල් ගිය ලතාට ඇය සංගීතයට කළ දායකත්වය සලකා බලා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලින් සම්මාන අචාර්ය උපාධි අටක් පිරිනමා ඇත. එයින් එක් විශ්වවිද්‍යාලයක් වනුයේ නිව්යෝක් විශ්වවිද්‍යාලයය. මහාරාෂ්ඨ හා මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්ත රාජ්‍යයන් ලතා ලෝක සංගීතයට කළ මෙහෙය අගයමින් ඇගේ නමින් ලතා මංගේෂ්කාර් සම්මානය නමින් සම්මානයක් එම ප‍්‍රාන්ත තුළ හඳුන්වා දෙනු ලැබීය.

1994 දී නව පරපුරේ ගායිකාවන් දිරිමත් කිරීමට තමාට මෙයින් පසු වර්ෂයේ හොඳම ගායිකාවට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ නොකරන ලෙස ඇය ඉල්ලා සිටියේය. ඉන්දියාව තුළ නිර්මාණය වූ දේශාභිමානී ගීත අතර ලතා ගැයූ ”ආයි මෙරේ වදන්කේ ලෝගන්’’ නම් ගීතය මුල් තැනක වේ. කවි ප‍්‍රදීප් විසින් රචනා කරන ලද සී. රාමචන්ද්‍ර සංගීතවත් කළ මෙම ගීතය 1963 පළමු වරට ගයනුයේ ඉන්දීය ජනරජ දිනයේය. ඉන්දු – චීන යුද්ධය නිමවී මාස කිහිපයකට පසුව ආ ජනරජ දිනය සැමරුයේ නවදිල්ලිවල රම්ලිලා ක‍්‍රීඩාංගණයේදී එවකට ඉන්දීය අගමැති ජවහල් ලාල් නේරුගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී වූ විශේෂත්වය වනුයේ යුද්ධයෙදී මියගිය සෙබළුන් සිහි කරමින් ගෞරව දැක්වීමය. ලතා මෙහිදී ”ආයි මෙරේ වදන්කේ ලෝගන්’’ ගීතය ගායනා කළේ සමස්ත ඉන්දියාවම මොහොතක් නිහඬ කරමිනි. වේදිකාවේ සිටි නේරුගේ ඇස්වල වූයේ කඳුළු ය. එදා ගීතය ගයා අවසන් වූ පසු නේරු ”ලතා ඔබ මා හැඬවුවා යැයි’’ ඇයට පැවසීය. අදටත් මෙම ගීතය ඕනෑම අයෙක් ගයන විට මුළු පේ‍්‍රක්ෂකාගාරයම නැගිට සිටී. ලතා කිසිම දිනක සංගීත ප‍්‍රසංගයක ගී ගැයීමට පාවහන් සහිතව වේදිකාවට නැඟ නැත.

කලාකාරියක ලෙස ලතා ඉන්දියාව තුළ බිහි වූ අතිවිශිෂ්ඨ චරිතයකි. ඇය සංගීත ප‍්‍රසංගයන් හරහා උපයා ගත් ධනය අසරණයන්ට සරණ වීමට පුණ්‍යායතනයන්ට පරිත්‍යාග කළාය. ලතා ඇතුළු පවුලේ සමාජිකයන් හා හිතවතුන්ගේ මූල්‍ය සහයෙන් දුප්පත් ජනයා සඳහා 2001 දී ඇඳන් 800 කින් යුත් අංග සම්පූර්ණ රෝහලක් හා වෛද්‍ය පරීක්‍ෂණ ආයතනයක් පුනා හි ගොඩනගයි. එයට දිනනාත් මංගේෂ්කාර් අනුස්මරණ රෝහල ලෙස නම් කරයි. ලතා තමාට ලැබුණු දියමන්ති විකුණා එයින් ලැබූ පවුම් 105000ක් 2005 භූමිකම්පාවෙන් අසරණ වූවන් සඳහා පරිත්‍යාග කළේය. 1983 ලෝක ක‍්‍රිකට් කිරුළ ජය ගත්තද එය සැමරීමට ක‍්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොවීය. ක‍්‍රිකට් ලෝලියකු වූ ලතා නොමිලේ සංගීත ප‍්‍රසංගයක් පවත්වා මණ්ඩලයට ඉන්දියානු රුපියල් මිලියන 2ක මුදලක් සොයා දෙනු ලැබීය.

ලතා වටා ගොඩනැඟුණු කනගාටුදායකම පුවත අසන්නට ලැබෙන්නේ 1962දීය. හදිසියේ අසනීප වන ලතාට ගී ගැයීමට අපහසුතාවයක් මතු වේ. මාස තුනක ජීවිතයේ අසීරුම අවස්ථාවක් ගත කළ ලතා නැවත ඇගේ හඬ නැවත මතු වනුයේ සමස්ත ලෝකයේම වාසනාවකටය. සිද්ධිය වූ දිනම මාසික වැටුපද ගත් නිවසේ ඉහුම් පිහුම් කළ කාන්තාව නැවත පැමිණියේ නැත. පසුව කළ පරීක්‍ෂණයකදී සොයා ගෙන ඇත්තේ ලතාගේ ජීවිතයට හානි කිරීමට ඇයට වස දී ඇති බවය.

ලතා සම්බන්ධ ආදර කතාවලද අඩුවක් නොවීය. එහි සත්‍යතාවය පිළිබඳ ගැටලූ ඇතත් ඒවා සමාජගත වී අවසානය. ලතා දැඩි ක‍්‍රිකට් ලෝලියකු විය. ප‍්‍රකට ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක පසුකාලීන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වූ රාජ් සිං දුන්ගර්පූර් හා ලතා අතර ආදර සබඳතාවයක් වූ බවත් මහාරාජා පරපුරක සමාජිකයකු වූ රාජ් සිංගේ දෙමව්පියන් විවාහයට විරුද්ධ වූ නිසා එම ආදරය නිම වූ බව එක් කතාවකි. ලතා හා සංගීතඥ සී. රාමචන්ද්‍ර අතරද සබඳතායක් පැවති අතර ඔවුන් දෙදනා එක් වී ජන්ජාර් නමින් චිත‍්‍රපටයක්ද 1953 දී නිපදවිය. එහෙත් සමහරුන්ගේ මතය වූයේ ඔවුන් අතරේ පැවතියේ විශේෂ මිත‍්‍රත්වයක් බවය.

1999 දී ලතා රාජ්‍ය සභවට මන්ත‍්‍රීවරියක ලෙස පත් කරයි. එහෙත් නිතිපතා ඇය සහභාගි නොවීම මත විවේචනයට ලක් විය. ඇයට මන්ත‍්‍රීවරියක ලෙස හිමි දිල්ලියේ නිවසත් වැටුපත් දීමනාත් ඇය ප‍්‍රතික්ෂේප කොට ඇත.

කවුරුත් ලතා හැඳින් වූයේද (ලොකු අක්කා) යන ආදර නමිනි. ලෝක මාධ්‍ය ඇය හැඳින්වූයේ ඉන්දියාවේ හඬ (Voice of India) ලෙසය. 1995 දී The Queen in Concert ප‍්‍රසංගයට ලතා එස්. පී. බාලසුභ‍්‍රමනියම්ට මදුරාසියේ සිට පැමිණීම ගැන ඔහුට ස්තුති කළේය. බාලසුබ‍්‍රමනියම්ගේ පිළිතුර වූයේ ‘දෙවියන් වරමක් දෙන්නේ නම් එය ප‍්‍රතික්ෂේප කරන්නේ කවුද’ යන්නය.

ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected]

ආශී‍්‍රත ලිපි

Lata Mangeshkar reaches her 80th Birthday – T.K.Premadasa The Island 19th September 2009 Introduction

මුලින්ම හේමා නම ලැබූ ලතා එක් දිනක් පමණක් පාසල් ගියද අවසානයේ සම්මාන ආචාර්ය උපාධි 8 කින් පිදුම් ලැබීය. 1962 දී ලොවම කම්පා වන්නේ ලතාට වස දුන් පුවත ඇසීමෙනි. මාස හයකට පසු නැවත ලතාගේ හඬ ඇසීමට තරම් ලෝකයා භාග්‍යවන්ත විය.

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment