එක එක මැති ඇමැතිලා කියන දේවල්වලට උත්තර දෙන්න ලෑස්ති නෑ

609
එක එක මැති ඇමැතිලා කියන දේවල්වලට උත්තර දෙන්න ලෑස්ති නෑ

ආණඩුවේ එක එක මැති ඇමැතිවරුන් කියන දේවල්වලට උත්තර දෙන්න තමන් සූදානම් නොමැති බවත් බල්ලො බිරුවට කඳු පහත් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් බතික් අත්යන්ත‍්‍ර දේශීය රෙදිපිළි රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
 
 ලක්සල ආයතනය වෙත භාණ්ඩ සහ සේවා සැපයූ සැපයුම්කරුවන් හට ලබා දිය යුතු හි`ග මුදල් ඊයේ (13දා* ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ ආණ්ඩුව ඇතුළේ ලොකු සාධකයක්ද නැද්ද යන්න තීරණය කරන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඉහළ මට්ටමේ අය බවත් පොඩි පොඩි අය කියන දේවල් ගණන් නොගත යුතු බවත්ය.
 

 – අරුණ බෝගහවත්ත


advertistmentadvertistment