ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව පොලිස් බල ප‍්‍රදේශයට අයත් ගල්කඩ, මැදහින්න ප‍්‍රදේශයේ මරා වල දමා තිබූ 36 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් පෙරේදා (23දා* දින වැලිමඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ජයසේකර මහතා ඉදිරියේ ගොඩ ගන්නා ලදී.

මෙසේ අමානුෂික ලෙස ඝාතනය කර තිබුනේ රමණි සේපාලිකා නැමති දෙදරු මවකි. මෙම තරුණිය මීට පෙර විවාහයක් සිදු කර ගෙන ඇති අතර පසුව ඇය එම විවාහය අතහැර සැකකාර හතලිස් හැවිරිදි හිටපු හමුදා සෙබළා සමග එකම නිවසක දිවි ගෙවා ඇත. එම හමුදා සෙබළාද තම නීත්‍යානුකූල බිරිඳ අතහැර සිටි අයෙකු වන අතර මෙම අනියම් විවාහයෙන් මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු පහේ සහ තුනේ පසුවන අය වෙති. අඹගස්දෝව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධව තොරතුරු හෙළිව තිබේ.

පසුගිය 15දා රාත‍්‍රියේ සැකකරු හා ඔහුගේ අනියම් බිරිඳ අතර සිදුවූ ආරවුලකදී සැකකරු සිය අනියම් බිරිඳ ඝාතනය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. අනතුරුව එදින අ`ළුයම් කාලයේදී නිවසට මීටර් තිහක් පමණ ඉදිරියෙන් පිහිටි අතහැර දමා ඇති වගා බිමක සැකකරු විසින් සිය අනියම් බිරිඳගේ මළ සිරුර වළ දමා තිබේ. මෙහිදී සැකකරු අඩි 4 ක පමණ වළක් කපා කාපට් එකකින් ඔතන ලද මළ සිරුර වළදා තිබේ.
දේහය අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා දියතලාව මූලික රෝහලට රැුගෙන යන ලදී. දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එච්.එම්. සුරංග මහතා විසින් දේහය පිළිබද පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

බණ්ඩාරවෙල කොට්ඨශ භාර පොලිස් අධිකාරි එන්.සී. අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි(02* බී.එච්.එස්. කළණසිරි මහතාගේ මග පෙන්වීම් මත සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. පියරත්න ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් විසින් සිදු කරති.
බොරලන්ද – සමන්ත කුමාර