එක රටක් එක නීතියක් බළකාය උතුරට යයි

420

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලූ පිළිබඳව සොයා බැලීමට තීරණය කර තිබේ.

එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් ප‍්‍රකාශ කළේ පෙරේදා (20 වැනිදා) සිට උතුරු පළාතේ ජනතාවගේ ගැටලූ අධ්‍යයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවය. ඒ අනුව පෙරේදා වව්නියාව දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව සොයා බැලූ බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

‘අපේම ජනතාවගේ ගැටලූ ප‍්‍රශ්න මොනවාද කියලා අපි සාකච්ඡුා කළා. දැනකියා ගත්තා. ඒවා යෝජනා විදියට සකස් කරලා ජනාධිපතිතුමාට භාර දීලා කාගෙත් බලාපොරොත්තුව වෙච්ච ‘එක රටක් එක නීතියක්’ ගොඩනැ`ගීම වෙනුවෙන් වූ වැඩසටහනට මේ අදහස් දායක කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක කාගෙත් හිතේ තියෙන බලාපොරොත්තුවක්. කවුරුත් මේ ව්‍යාපෘතියට අත ගැහුවේ නෑ. මොකද විවිධ හේතු නිසා. කවුරුත් කැමති එක රටක බොහොම ලස්සනට ජීවත් වෙන්න. අපිට පුළුවන් නම් අපේ තියෙන විවිධත්වයන් තේරුම් අරගෙන එක ජන කොටසක් හැටියට එක ජාතියක් හැටියට සැබෑ ලෙසම ජාතික ඒකාබද්ධතාවය හදන්න නම් අඩුම තරමේ එක නීතියක් යටතේ ගොනු විය යුතුයි. ඒක කරන්න ගොඩක් මහන්සි ගන්න ඕනේ. එහෙම වුණොත් ජයග‍්‍රහණය කරන්න පුළුවන්.’’

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment