‘එක රටක් ජාතීන් දෙකක්’ – උතුරේ වාර විභාග ප්‍රශ්න පත්‍රයටත් දේශපාලනය රිංගයි

542

උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක් හා එම පක්ෂයට අදාළ ඡායාරූපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

‘එක රටක් ජාතීන් දෙකක්’ යන වැකිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද යනුවෙන් ප්‍රශ්නයේ සඳහන්ව ඇති අතර එම වැකිය උතුරේ ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂයක තේමා පාඨය වී තිබේ. එම ප්‍රශ්නයට යටින් ඊළඟ ප්‍රශ්නය සඳහා ඡායාරූපයක් පළ කොට තිබූ අතර එම ඡායාරූපය ඉහත කී දෙමළ දේශපාලන පක්ෂයේ පක්ෂ ලාංඡනය වෙයි.

උතුරේ සමාජ මාධ්‍ය උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැඩි ලෙස විවේචනය කරමින් මේ ප්‍රශ්න දෙකම එම පක්ෂයට හිතවත් අයකු විසින් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කොට ඇති බවට චෝදනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉහළ යෑමත් සමගම පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment