එච්. ආර්. ජෝතිපාල සොයා ගියෙමි

561

1987 ජුලි මස 7 වන දින ලක්බිම කම්පනය කළ පුවත වූයේ වයස අවුරුදු 50 ක වයසක සිටි එවක ජනප‍්‍රියම ගායකයා වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ හදිසි අභාවයය. එච්. ආර්. ජෝතිපාලයන් කලාකරුවන් අතර අදටත් සුවිශේෂ චරිතයක් වනුයේ ඔහු මියගොස් වසර 35 කට ආසන්න කාලයක් වුවද අදටත් ඔහුගේ ජනප‍්‍රියත්වයට අභියෝග කළ හැකි ගායකයකු බිහිව නොසිටීමය. එතරම් ඔහු අමරණීයව සිටියි. කවුරුත් ආදරයෙන් ජෝති ලෙස හැඳින් වූ ජෝතිපාලයන්ගේ ගමන් මග එතරම් මටසිලිටු නොවීය. ඔහු ලොව ජයගත් පසු එහි කොටස්කරුවන් ලෙස බොහෝ පිරිස් පෙරමූණට පැමිණේ. එම නිසාම මෙය ඔහුගේ අභාවයේ 34 වන සංවත්සර දින ඔහුගේ දුෂ්කර ගමනත් ඔහුගේ ගීතයේ සැබෑ සවරූපය හා ඔහුට අත දුන් සැබෑ අයත් සොයා යෑමට ගත්් උත්සහයකි.
 
 1936 පෙබරවාරි 12 වන දින කොළඹ දෙමටගොඩ කැටවලමුල්ලේ මධ්‍යම පංතියක පවුලක උපන් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල කුඩා කල සිට කවුරුත් ආදරයට ඇමතුවේ ජෝති නම් කෙටි නමිනි. ඔහුගේ පියා වෘත්තියෙන් ඇ`දුම් මසන්නෙකු වූ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජේමිස් වන අතර මව එච්.කේ. පොඩිනෝනා පෙරේරා ගෘහණියකි. ජෝති මරදානේ ශාන්ත ලෝරන්ස් විදුහලෙන් හා දෙමටගොඩ ශාන්ත ජොන්ස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරීය. කුඩා කල සිට සංගීතය කෙරේ ලැදි වූ ජෝති තම නිවසේ ගුවන් විදුලියක් නොවූ නිසා නිතරම නිවස අසල වූ තේ කඩයකට ගොස් ගීත ඇසීම පුරුද්දක් කොට ගෙන සිටියේය. එකළ කලාකරුවන් රාශියක් මරදාන ප‍්‍රදේශයේ ජීවත්වීම ජෝති ගායන ලෝකයට එමට ආධාරකයක් වූයේය.
 
 ජෝති කලා ලොවට පිවිසීමේ මුල් පියවර තබනුයේ ගුවන් විදුලි ආධුනික ගී තරගයන් හරහාය. ස්ටැන්ලි ඔමාර් යන සංගීතවේදියා ජෝතිගේ හො`දම මිතුරකු බවට පත් වනුයේ දෙදනාම මරදාණේ මලිගාකන්දේ එකම කාමරයක නැවතී සිටීම නිසාය. එකළ රැුජින ලොසින්ජර සමාගමේ අනුග‍්‍රහයෙන් අරියදාස පීරිස් විසින් මෙහෙය වනු ලැබූ ආධුනික පැය නමින් වූ ගුවන් විදුලි ගී තරගයට ස්ටැන්ලි ඔමාර් විසින් ජෝතිපාලට අවස්ථාව සලසා දේ. මෙම තරගයේදී තාලාද් මෙහෙමුද්ගේ ‘සුකිරියා’ නම් ජනප‍්‍රිය හින්දි ගිතය ගැයූ ජෝති එහි ප‍්‍රථමයා වී අනුග‍්‍රාහකයන්ගෙන් ටොෆි පාර්සලයක් තැගි ලෙස ලැබුනි. පසුව ‘ජයග‍්‍රාහි පෙළපාලිය’ නම් ගුවන් විදුලි වැඩසටහනට සහභාගි වී හො`දම ගයකයා ලෙස අභිෂේක ලැබීම නිසා පාකර් 51 පෑනක් සංවිධායකයන් විසින් පිරිනමන ලදි.
 
 1954 අග භාගයේදී වසන්තා සන්දනයක ගැයූ ‘මහවැලි නදියේ’ ගීතයට ජෝති සම්බන්ධ වුවද ඔහුට ගැයීමට ලැබුනේ ‘තොටියෝ තොටියෝ’ යන වචන තුන පමණි. එම වසරේම ‘ලැබෙයි සිතාලද ආලේ කළේ’ නම් යුග ගීතයක් ජී. ඇස්. බී. රාණි පෙරේරා සමග ගැයීමට ජෝතිට වරම් ලැබේ. ජෝතිගේ සැබෑ මුල් ගීතය මෙයයි. 1955 දී ජෝති වසන්තා සන්දනායක සමග ‘අද අද එයි මරුවා’ ගීතය ඔහුගේ දෙවන ගීතය බවට පත් වේ. එම වසරේදීම තම මිතුරු ස්ටැන්ලි ඔමාර් ලියා සංගීතවත් කළ ජෝති තනිව
 
 ගැයූ ප‍්‍රථම ගීය රන් රාජිනී බිහි විය. එතැන් සිට මියයන තුරුම ජෝති 3500 කට අධික ගීත සංඛ්‍යාවක් ගයා ඇත.
 
 මගේ රන් රාජිනි සුකුමාලි ලතා
 සොඳුරු පෙම් ශී‍්‍රයා
 නොපෙනේ මාගේ නෙතින්
 එයි ගලා පෙම් කඳුළැලි දහරා
 
 ආර්. ඒ. චන්ද්‍රසේන මහා සංගීතවේදියාගේ දියණිය දර්ශනී චන්ද්‍රසේන අපූර්ව කථාවක් අප වෙත පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ ඇය සදහන් කළ කරුණු ජෝති චන්ද්‍රසේනට ලියූ ලිපියක් ඇතුළු වෙනත් ලේඛන රාශියක් සාක්කි ලෙස ඉදිරිපත් කිරීමය.
 
 ජනප‍්‍රිය ගායිකා ජී. ඇස්. බී. රාණි පෙරේරා ගේ විවාහයේ ලියාපදිංචිය 1953 පෙබරවාරි 17 වන දින පුවත් පත් කලාවේදී සිසිර කුමාර මාණික්කආරච්චිගේ නුගේගොඩ නිවසේදී සිදුවිය. එහි ප‍්‍රීතිය නිමිත්තෙන් සංගීත සාඡ්ජයක් සංවිධානය විය. මෙම සංගීත සන්ධා්‍යාවේ සංගීතය මෙහෙය වූයේ ආර්. ඒ. චන්ද්‍රසේන විසිනි. රාණිගේ අත ගත් ඇන්ටන් පෙරේරා මරදානේ ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් වන අතර මරදානේම සිටි චන්ද්‍රසේන ඔහුගේ සමීපතම මිතුරෙකු විය. මෙම සංගීත සන්ධ්‍යාවට ඇන්ටන් පෙරේරා විසින් මරදානේ ප‍්‍රසිද්ධ පුද්ගලයකුට ආරාධනා කර තිබූ අතර එදින එම පුද්ගලයා සමග අවුරුදු 16 ක පමණ තරුණයකුද පැමිණියේය. සංගීත සාඡ්ජය ඇරඹීමට පෙර මෙම ආරාධිත අමුත්තා තමා සමග පැමිණ සිටි තරුණයාට ගීත ගැයීමට හැකි බව දන්වා ඇන්ටන් පෙරේරාට මේ සාජ්ජයේ ගී ගැයීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඇන්ටන් තම මිතුරු චන්ද්‍රසේනට මෙම තරුණයා හ`දුන්වාදීමෙන් පසු චන්ද්‍රසේනගේ සංගීතයට ගී
 
 ගැයීමට ඔහුට අවස්ථාව ලබාදෙන ලදී. මෙම ආරාධිත අමුත්තා මරදානේ චොප්පේ නමින් හඳුන්වනු ලැබූ ප‍්‍රසිද්ධ පුද්ගලයාය. තරුණයා අන් කිසිවකු නොව පසුකාලයේ ලංකාවේ අමරණීය ජනප‍්‍රියත්වයට පත්
 
 ගායකයා වූ එච්. ආර්. ජෝතිපාලය. ජී. ඇස්. බී. රාණි පෙරේරා ජෝතිට උදව් කළේ ඇයගේ සැමියා වූ ඇන්ටන් පෙරේරා ඔහු හඳුන්වා දුන් නිසාය.
 
 ජෝතිපාලගේ දක්ෂතා හා හැකියාව මනාව අවබෝධ කරගත් චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි චන්ද්‍රසේන ඔහුට තම දරුවකුසේ සැලකීය. 1954 දී චන්ද්‍රසේන මතභේදය චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ලෙස ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවේ ජෝතිපාල චන්ද්‍රසේනයන්ට ලියූ ලිපියෙන් ජෝති චන්ද්‍රසේනයන්ව අමන්ත‍්‍රණය කරනුයේ ‘මා ගුරු හා මිතුරු’ ලෙසය. ජෝතිපාලයන් තුළද මෙම දෙපළට කිසියම් ගෞරවයක් විය.
 
 චන්ද්‍රසේනගේ චතුරාංගනී හා පංචාන්ගනී යන සංගීත සංදර්ශන ඇතුළු තම සියලූම සංගීත සංදර්ශනවලට ජෝතිට ගී ගැයීමට අවස්ථාවන් ලබාදුන්නා පමණක් නොව තමා විසින් තනිව සංගීතය අධ්‍යක්‍ෂණය කළ පළමු චිත‍්‍රපටය වූ මතභේදය සඳහා ගී ගැයීමට තෝරා ගන්නා ලදී.
 
 මතභේදය චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඔහුගේ චිත‍්‍රපට සඳහා බොහෝ විට ගී ගැයීමට යොදා ගත්තේ මොහිදින් බෙග්ය. දිනක් චන්ද්‍රසේන ජෝති පසුබිම් ගායකයකු කිරීමේ සැ`ගවුණු අරමුණ සහිතව මතබේදයේ සංගීතය ගැන සාකච්ඡුා කිරීමට බව පෙන්වා ජෝති ද රැුගෙන ජයමාන්නගේ නිවසට ගියේය. එහිදී ඉතා අසීරුවෙන් ජෝතිට
 
 ගීයක් ගැයීමේ අවස්ථාව ලබාදීමට ජයමාන්නව කැමති කරවා ගැනීමට චන්ද්‍රසේන සමත්විය. තම නිවසට ජෝති ගෙන්වා ගෙන ‘ගින්නකි හද මාගේ පෙම්’ ගීතය පුහුණු කළේය. පුහුණුව නිමාවූ පසුව නියමිත දිනක ඉන්දියාව බලායෑමට සූදානම්ව රත්මලාන ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ජෝතිට උපදෙස් දෙන ලදී. ඒ අනුව නියමිත දින ගුවන්තොටුපළට පැමිණියද ඔහු සතුව විදෙස් ගමන් බලපත‍්‍රයක් නොමැතිව සිටි බැවින් ජෝතිට චිත‍්‍රපට පසුබිම් ගායකයකු වීමේ මහ`ගු අවස්ථාව අහිමිවිය.
 
 ජෝතිපාල පසුබිම් ගායකයකු වීමේ අභියෝගයන් දුෂ්කරතාවන් හා පසුබෑම්වල කථාව නැවත ආරම්භ වනුයේ පෙරකදෝරු බෑණා චිත‍්‍රපටය සමගය. බී. ඇස්. පෙරේරා සංගීත අධ්‍යක්ෂණය කළ පෙරකදෝරු බෑණා චිත‍්‍රපටයේ ගී ගැයීමට ජෝතිට අවස්ථාව ලැබුණද එම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ඒ. බී. රාඡ් ජෝතිගේ හ`ඩ නොගැළපේ යැයි ජෝති ප‍්‍රතික්ෂේප කළේය.
 
 මතභේදය හා පෙරකදෝරු බෑණා චිත‍්‍රපටවල ගී ගැයීමට අහිමි වූ ජෝතිව දිනක් සංගීතවේදී ටී. එෆ්. ලතීෆ් හා එච්. ජී. සුගතදාස සංගීත අධ්‍යක්ෂණය කළ සිරිසේන විමලවීරගේ පොඩි පුතා චිත‍්‍රපටයේ රාණි පෙරේරා සමග යුග ගීයක් ගැයීමට අවස්ථාව ලැබුණේය. මේ සම්බන්ධ කථා දෙකක් පවතී. එකක් නම් ගීතය තැටි ගත වූ පසු ශබ්ද පරිපාලක හා සිරිසේන විමලවීර ජෝතිගේ කටහ`ඩ දෙදරනවා යැයි පවසා ගීතය ප‍්‍රතික්ෂේප කළේය. අනෙක් කථාව ජෝතිපාල පොඩි පුතා තිරගත කරන දින තම මිතුරන් හා ආඩම්බරයෙන් චිත‍්‍රපටය බැලීමට ගියත් තම ගීතය වෙනත් අයෙකු ගායනා කරනු දුටුවේය. ජෝති නැවත මිතුරන් හා ආපසු පැමිණියේ සිත් වේදනාව පමණක් ඉතිරිකොට ගෙනය.
 
 1956 තිරිගත වූ සුරතලී චිත‍්‍රපටය සමග පසුබිම් ගායකයකු වීමේ සිහිනය සැබෑකර ගැනීමට හැකිවිය. වරක් චිත‍්‍රපට ලෝකයේ පතාකයකු බ`දු ජබීර්. ඒ. කාදර් හමුවීමට ජෝතිට අවස්ථාව ලබා ගන්නේ ඔහු සමග සිටි සමාජයේ බලවත් පුද්ගලයන් හරහාය. ඒ අතර සිටි අය අතර ස්ටැන්ලි ඔමර්ද වේ. කාදර් හමුවූ විට ඔහු ජෝතිට පවසා ඇත්තේ ගීතයක් පටිගත කොට තමා හමුවන ලෙසය. ගීතයක් තැටිගත කිරීමට විශාල මුදලක් අවශ්‍ය වූ අතර ඒ ස`දහා මුදල් නොතිබුණද තම මිතුරු ස්ටැන්ලි ඔමර් එකළ විශාල මුදලක් වූ රුපියල් 35 ක්දී ගීතයක් තැටිගත කොට කාදර්ට ඉදිරිපත් කළේය. සමහරුන් මෙම ගීතය ඔමර් විසින් ලියන ලද ”මාගේ රන් රාජනී’ ගිතය බව පවසයි. ජෝතිගේ හ`ඩට සතුටු වූ කාදර් තම මීළ`ග නිෂ්පාදනය වූ සුරතලී චිත‍්‍රපටයේ ගීත ගැයීමට ජෝතිට අවස්ථාව උදාකළේය. මෙයද මල් මාවතක් නොවීය.
 
 දින කිපයකට පසුව සුරතලී චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න ඇතළු චිත‍්‍රපටයට සම්බන්ධ සියලූ දෙනා සමග ජෝති චිත‍්‍රපටයේ ගීත තැටිගත කිරීමට ඉන්දියාවට ගියේය. නැවතත් ජෝතිට අභියෝගයකට මුහුණදීමට සිදුවිය. චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ටී. ආර්.ිපාපා ගී තැටි ගත කරන විට ජෝතිගේ හ`ඩ නුසුදුසු බව පවසා ජොතිගේ හ`ඩ ප‍්‍රතික්ෂේප කළේය. එම මොහොතේම ජෝති සිරිල් පී. අබේරත්නගේ බිරිඳට මෙම සිද්ධිය විස්තර කළේය. ඇය වහාම තම ස්වාමි පුරුෂයාට කතා කොට කීවේ මෙම චිත‍්‍රපටය පෙන්වන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නොවන බවත් ගීතයන් අසන්නේ පාපා හෝ ඉන්දියාවේ අය නොවන බවත් පවසා මෙම තරුණයාගේ හ`ඩට බාධා නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙම මහත්මියගේ අප නොදුටු අරගලයේ ප‍්‍රතිඵලය ජෝතිට ‘සුරතලී’ චිත‍්‍රපටයේ ගීත තුනක් ගයා ලංකාවේ ප‍්‍රමුඛ චිත‍්‍රපටයේ පසුබිම් ගයකයා වීමේ මංගල පියවර තැබීමය. ප‍්‍රසිද්ධ ‘සිරියාමේ සාරා’ සවර්ණා අබේරත්න සමග ගැයූ ”ආලෝකේ දේය’ හා ධර්මදාස වල්පොල රාණි පෙරේරා හා ස්වර්ණා සමග ගැයූ ”පුදුමේකි ලොකේ’’ මේ ගීත තුන විය.
 
 සුරතලී චිත‍්‍රපටයේ ගී ගයා වසර දෙකකට පසු නැවත 1958 දී මුලදී ජෝති ප‍්‍රතික්ෂේප කළ සිරිසේන විමලවීරගේ එකමත් එක රටක චිත‍්‍රපටයේ ”බොලේ යකඩ යකා’’ නම් යුග ගීතය ගයයි. එයට පසු ඔහු මියයන තුරුම චිත‍්‍රපටවල ගී ගැයූ අතර මෑතක් වන විට චිත‍්‍රපට 400 පමන ගී ගයා තිබුණි. වඩාත් වැදගත් වන්නේ ඔහු මියගිය ගොස් අදටත් ජෝති ගැයූ ගීත චිත‍්‍රපටවලට නැතිවම බැරි අංගයක් බවට පත් වීමය.
 
 ”මීහි`දුම් සිහින’’ චිත‍්‍රපටයේ සරා සඳේ ගීතයටත්  ”ඔබට දිව්රා කියන්නම්’’ චිත‍්‍රපටයේ පාළු සුසානේ ගීතයටත් පිලිවෙලින් 1983 හා 1986 වසරවල හො`දම ගායකයා ලෙස සරසවි සම්මානයන්ගෙන්ද 1972 ජනප‍්‍රිය ගායකයා ලෙස දීපසිකා සම්මානයෙන්ද ජෝති පිදුම් ලබයි.
 
 ජෝති බොහෝ විට හින්දි අනුකාරක ගීත ගැයූ බවත් ඔහුගේ ගී රටාව වෙනස් වූයේ අමරදේව හා කේමදාසයන් හමුවෙන් පසුව බවට මතයක් පවතී. අමරදේව හා කේමදාසයන් ජෝතිව චිත‍්‍රපටවලට යොදා ගන්නේ ඔහු ජනප‍්‍රියත්වයේ ඉහළම සිටින විටය. එදත් අදත් ජෝතිගේ ගීයක් චිත‍්‍රපටවලට යොදා ගනුයේ ඒ වටා වූ වාණිජමය වටිනාකමක් ඇති හෙයිනි. එදත් නිෂ්පාදකයන් ජෝති යොදා ගන්නට සංගීතඥයන්ට බලපෑම් කළේ එයින් ලබන ප‍්‍රතිලාභ ගන වැටහීමක් වූ නිසාය. මෙම පසුබිම අමරදේව කේමදාස හා වෙනත් අයටද බලපාන්නට ඇත.
 
 නමුත් ජෝතිපාල 1950 ගණන් වල සිට ෂෙල්ටන් පේ‍්‍රමරත්න, සුනිල් ශාන්ත, එඞ්වින් සමරදිවාකර, පී. වී. නන්දසිරි සිසිර සේනාරත්න, ආර්. මුත්තුසාමි, මොහොමඞ් සාලී, රෝක්සාමි, තිලක් කරුණාරත්න ආදීන් යටතේ ස්වතන්ත‍්‍ර ශාස්ත‍්‍රීය ගී ගයා තිබුනි.
 
 ජෝතිගේ පළමු ස්වතන්ත‍්‍ර තනුවකට ගී ගැයුවේ 1958 තිරගත වූ ෂෙල්ටන් පේ‍්‍රමරත්නගේ සංගීතයට සිරිසේන විමලවීරගේ පද වලට එක්මත් එක රටක චිත‍්‍රපටයට ගැයූ මෙම ගීතයය.
 
 බොලේ යකඩ යකා – අන්න අඟුරු කකා කොළඹ දුවනවා
 ඒ දුම් දාගෙන හූ කිය කිය හැටේ දුවනවා
 
 මුල්ම යුගයේම ජෝතිගේ ගමන් මඟ වෙනස් වන්නේ එඞ්වින් සමරදිවාකර සංගීතය සැපයූ කරුණාරත්න අබේසේකරගේ පද රචනයකට 1958 දී දස්කම චිත‍්‍රපටයට ගැයූ ගීතයය.
 
 වසනාව පෑදේවී හෝ හෝ – රූප රාණි සීදේවී
 ජීව සාගරේ රැල්ලයි රැල්ලයි – දව්‍ය පේ‍්‍රමයේ මල් වැල් ඉල්ලයි
 මේ විනෝද මංගල්ලේ හෝ හෝ මේ විනෝද මංගල්ලේ
 
 මෙයට පසුව ජෝතිගේ සිනමා ජීවිතයේ මුල් කාලයේදීම ස්වතන්ත‍්‍ර ගී තනු ලැබීම ඔහු ලත් භාග්‍යයකි. ආලෙහි මිහිර පෙන්නා (ගැහැනු ගැට) පෘතුගීසි කාරයා (සංදේශය) මහසෙන් වළගම්බා, කුකුලා අරන් (ගංතෙර) වන මලට ආශාවේ (හිතට හිත) නරපතියා වෙත යන්නේ (සීගිරි කාෂ්‍යප) සුමුදු වෙරළ දිගේ (පිනිබිදු) මෙයට උදාහරණය. එසේම මෙම කාලය තුළ ශාස්ත‍්‍රීය සංගීත තනුවලට ජෝති ගැයූ අවසථා ද වේ. මෙයට හො`දම උදාහරණයක් වනුයේ දැවෙන පිපාසය චිත‍්‍රපටයට පී. වී. නන්දසිරිගේ සංගීතයට ශ‍්‍රීමති තිලකරත්න සමග ගැයූ ගීතතයි.
 
 රිදී වළා තුළින් එබී – බැබළෙන රන් තාරකා
 ඔබේ නුවන් වාගේ පෙනේ
 
 1970 හා 80 දශකයන් තුළ සෝමදාස ඇල්විටිගල, පේ‍්‍රමසිරි කේමදාස, අමරදේව, රොක්සාමි, වික්ටර් රත්නායක, ගුණදාස වේරගොඩ, වික්ටර් දළුගම, සරත් බාලසූරිය ගුණදාස කපුගේ, කැලැරන්ස් විජේවර්ධන, සරත් අල්විස් ආදීන්ගේ සංගීතයට ජෝති ගැයූ චිත‍්‍රපට ගීත සියල්ලම ස්වතන්ත‍්‍ර තනු වීම ඔහුට ආලෝකයක් විය. මේ කාලය තුළ ජෝතිපාලගේ ගී රටාවේ පරිවර්තනයේ හැරවුම් කරු සරත් දසනායක යැයි කීම යම් තරමකට සරත්ට කරන ගෞරවයකි. සරත් මෙතෙක් හින්දි ගීත අනුකරණය කළ චිත‍්‍රපට ගීතයනට අභියෝග කරමින් නව රැුල්ලක් චිත‍්‍රපට සංගීතය තුළ බිහි කළේය. සදහටම ඔබ මගේ චිත‍්‍රපටයේ සිට සරත්ගේ ඔහුගේ බොහෝමයක් චිත‍්‍රපටවලට ජෝති තෝරා ගත්තේ ඔහු තමගේ පෙරලියට නියම සුදුස්සා ජෝති නිසාමය. ඔහු තම චිත‍්‍රපට ස`දහා පමනක් නොව ජෝතිගේ තජ්මහලක් තනවන්න නෑ මට වැනි ගුවන් විදුලි ගී ස`දහාද ස්වතන්ත‍්‍ර තනු සැදුවේය.
 
 ජෝතිපාලගේ චිත‍්‍රපට සමස්තයම ගත් කල ඔහු වැඩියෙන්ම ගයා ඇත්තේ ස්වතන්ත‍්‍ර තනු අනුවය. ජෝති ගී ගැයූ බොහෝමයක් චිත‍්‍රපට වානිජ වශයෙන් සාර්ථක වූයේ ජෝති නිසාය.
 
 ජෝතිපාලයන්ගේ ජනප‍්‍රියත්වය ඔහු සමග ගී ගැයූ සමහර ගායිකාවන්ගේ ජනප‍්‍රියත්වයට හේතු වූවා සේම ඔහුගේ පරිවර්ථනයන්ද ඒවාට දැඩිව බලපෑම් කළ අවස්ථා ද විය. 1978 දී අනුපමා චිත‍්‍රපටයට ලතා වල්පොල සමග ගී ගැයීම ආර්ම්භ වීම සමහර ගායිකාවන්ට තිබූ අවස්ථාවන් වැසී ගියේය. එසේම එයට පෙර සිට ලතා ජෝතිපාල සමග ගී ගැයුවේ නම් සමහර ගායිකාවන්ගේ ඉරණමද වෙනස් වීමට ඉඩ තිබුණි.
 
 ජෝතිපාලයන් අද මහා ගායිකවන්ට පවා අත දුන් අයෙකි. ජෝති තම ජීවිතයේ වඩාත් සිත් වේදනාවට පත් වූ දිනයක් වූයේ ඔහු අත දුන් පසුකලෙක ප‍්‍රසිද්ධ ගායිකාවක සමනලයෝ චිත‍්‍රපටයට ඔහු හා ගීත ගායනා කිරීම ප‍්‍රතික්ෂේප කිරීමය.
 
 ජෝතිගේ කඩවසම් පෙනුම ඔහුට සිනමා රංගනයට එමට පිටුවහලක් විය. 1958 දස්කම චිත‍්‍රපටයේ කුඩා කොටසක් රඟපා සිනමාවට ආ ජෝති ‘ඇතුල්වීම තහනම්’ වැනි චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිතය රඟපෑවේය. සුමිතුරෝ චිත‍්‍රපටය නිපද වූ ජෝති 1958 දස්කමේ සිට 1985 කිරීමදුවැල් චිත‍්‍රපටය දක්වා චිත‍්‍රපට 33 ක රඟපෑවේය.
 
 මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා විසින් කළ කතාවකින් ජෝති සොයා ගිය ගමනේ නැවතුම තබමු. මහා සංගීතවේදී සුනිල් ශාන්ත ශුරීන්ගේ ජන්ම ශත සංවත්සරයේදී මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා කළ කතාවක ජෝති ගැන මෙසේ ස`දහන් විය. ”සංදේශය චිත‍්‍රපටයේ
 
 පෘතුගීසිකාරයා ගීතය ඉතා සුන්දර ගීයක් වුවත් එය ගායනයට වාදනයට අමාරු ගීතයක්ය. එසේම පෘතුගීසි සොල්දාදුවන්ට උරුම වූ බයිලා නැටුමට ඔවුන්ගේ ආඩම්බරකම රණශුරත්වය උලූප්පා දැක්වීමට සුනිල් ශාන්තයන් තනුව නිර්මාණය කරයි. මෙය ගයනා කළේ සිඞ්නි අටිගල හා එච්. ආර්. ජෝතිපාලය. ජෝතිපාල ඒ වන විට හින්දි තනුවලට සිංහල වචන යොදා ගයනා කරමින් සිටි කාලය නිසා අලූත් තනුවක් ඔහුට මෙම ගීතය ගායනා කළ හැකි වේයැයි කවුරුත් සිතූයේ නැත. නමුත් ජෝතිපාල ඒ ගීතයට හො`ද සාධාරණයක් ඉටු කළා. සංගීතය හැදෑරුවා නම් ජෝතිපාල අද මොහොමඞ් රාෆිගේ තත්ත්වයට පත් වන්නට තිබුණා. ජෝතිපාල ඒ තරම් ප‍්‍රතිභාපූර්ණ ගායකයෙක්. ගයනා කිරීමට අපහසු මේ ගීතය ඔහු කොච්චර හොඳින් ගයනා කරලා තිබේද ගීතය අසන විට පෙනේ.’’ (ගුරු දෙවි සුනිල් ශාන්ත සංකථන සංග‍්‍රාහය 124 පිටුව)

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

(ලේඛකයා – ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected])

advertistmentadvertistment
advertistmentadvertistment