සජබ මහලේකම්
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට කෙරෙන සාකච්ඡා සඳහා තවත් ඉදිරි දිනයක් යොදාගෙන නැතැයි එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (03දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වෙතත් සජබය ඉල්ලා සිටි වෙනස්කම් කිරීමට කැමැති නම් ඒ සඳහා තව කෙටි කාලයක් පමණක් ඇතැයි ද හෙතෙම කීය. සජබ මහ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට තරග කරන්නෙත් නෑ. ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ කියපු නිසා අපි එජාපයේ නව නායකයකු සමග කතා කරන්න සූදානම් වුණා. අපි කිව්වේ චෝදනා ඇති දූෂිතයන් සමග අපට එකතු වෙන්න බෑ කියලයි. ඒවා මගහරින්න බැරි නිසා වෙන්න ඇති ඒ සාකච්ඡා සඳහා ඉදිරි දිනයක් දාගන්න බැරි වුණේ.”
එම මාධ්‍ය හමුවේදී සමගි ජන සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියා සිටියේ දූෂිත කණ්ඩායම් සමග සන්ධානගත වීමට නොහැකි වූ නිසා එම සාකච්ඡා නැවතුණු බවය.
අකිත පෙරේරා