එතෙර තරුණ වැඩමුළුවලට ලොක්කෝ පිට කත එක්ක යති

273

ජාතික තරුණ සේවා සභාව විසින් තරුණ තරුණියන් කලාපීය ජාත්‍යන්තර තරුණ වැඩමුළුවලට සහභාගි කරවීම සඳහා වෙන්කරනු ලැබූ රුපියල් මිලියන 4.89ක ප්‍රතිපාදන මුදල් උපයෝගි කරගෙන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධ්‍යක්ෂක (කාර්මික හා වෘත්තීය පුහුණු) සහ තරුණ සේවා සභාවට සම්බන්ධ නොමැති කාන්තාවක පමණක් විදේශීය සංචාරවලට සහභාගි වී ඇති බවට අනාවරණය වී ඇත.

ක්‍රියකාරී සැලැස්ම අනුව වෙන්කරන ලද ප්‍රතිපාදන එම කාර්යයන් සඳහා යෙදවීමට කළමනාකරණය විසින් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

ජාතික තරුණ සේවා සභාව විසින් මේ සඳහා විගණනයට පිළිතුරු ලබා දී නොමැත. ජාතික තරුණ සේවා සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වී තිබුණි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment