එදත්, අදත් වැදගත් ජපන් ශ්‍රී ලංකා මිතුදම

329

දශක හතකට පෙර දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව, ජපානයේ වඩාත්ම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ෆ්රැන්සිස්කෝ සාම ගිවිසුම හරහා ජපානය නැවත ජාත්‍යන්තර ප්‍රජාවට ඇතුළත් කරන විට ශ්‍රී ලංකාවේ සහයෝගය තීරණාත්මක විය. ඒ මොහොතේ සිට ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා වෙනුවෙන් අකිහිතෝ කුමරු සහ කුමරිය 1981 දී ශ්‍රී ලංකාවට පැමිණි විටද, 1965 සිට 2018 දක්වා කාලය තුළ මූල්‍ය ආධාර, වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 කට අධික මුදලක් ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ ජපානය ශ්‍රී ලංකාවට ඇති කෘතඥතාවයි. ඉදිරි වසරවලදී, ඉන්දු- පැසිෆික් මූලධර්මය නිසා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු වර්ධනයක් වනු ඇත. හේතුව කුමක් වුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව සම්ප්‍රදායිකව, ජපානයට නැඹුරු රටකි.

ජපානයේ විදේශ ප්‍රතිපත්තිය: ‘යොෂිඩා’ සිට ‘අබේ’ මූලධර්මය දක්වා දෙවන ලෝක සංග්‍රාමය අවසන් වූ දා සිට ජපානය සාමයට නැඹුරු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. තවද එක්සත් ජනපදය සහ ජපානය අතර ආරක්ෂක සන්ධානය ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ පදනමේ ප්‍රධාන කොටසක් විය. 1952 සිට, ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික දිශාව යොෂිඩා විදේශ ප්‍රතිපත්ති මූලධර්මය මත පදනම් විය. යොෂිඩා විදේශ ප්‍රතිපත්තියට (යොෂිඩා රේඛාව) අනුව රට ගොඩ නඟා ආර්ථිකය ධනාත්මක මාවතකට යොමු කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ විය. මීට අමතරව, ජපානයේ දීර්ඝතම අගමැති වූ, දිවංගත ෂින්සෝ අබේගේ විදේශ ප්‍රතිපත්තිය ‘මුහුදු දෙකේ සමුහය’ සහ ‘නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික්’ සංකල්පය මත පදනම් විය. අබේගේ විවෘත ‘ඉන්දු-පැසිෆික්’ ප්‍රතිපත්තියට අනුව ආරක්ෂක සහ ආර්ථික හේතු නිසා ශ්‍රී ලංකාව ජපානයට ඉන්දියන් සාගර කලාපයේ වැදගත් රටක් වේ. අබේ ගේ නිල කාලය තුළ, එක්සත් ජනපද-ජපාන සන්ධානය, චීන-ජපාන සබඳතා වැඩිදියුණු කිරීමට දායක වූ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළේය. ඊට අමතරව, රුසියාව සමඟ ජපානයේ සබඳතා විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස වැඩිදියුණු කළේය. අබේගේ විදේශ ප්‍රතිපත්ති මූලධර්මය ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික සන්දර්භයේ ආර්ථික පාලනය සහ සමතුලිත ප්‍රතිපත්ති සකස් කිරීමේදී වැදගත් උරුමයක් ඉතිරි කළේය. ජාත්‍යන්තර පිළිවෙත පවත්වාගෙන යෑමේ දී සහ ඒවා සඳහා සම්මුති, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් අනුගමනය කිරීමේ ආකල්ප ජපන් විදේශ ප්‍රතිපත්තිය හරහා වර්ධනය කිරීමට සැලසුම් කරයි. 2021 දී ජපානය විසින් මානුෂීය සහ ආපදා ආධාර සඳහා ඩොලර් බිලියන 17.6 ක් ලබා දී ඇති (OECD, 2022). ඉදිරි වසරවලදී විවෘත, සමබර, නීති මත පදනම් වූ සහ ස්ථාවර ජාත්‍යන්තර වෙළෙඳ තන්ත්‍රයක්, උපායමාර්ගිකව වැදගත් ඉන්දියන් සාගර කලාපයක් ජපාන විදේශ ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු විය හැක.

ෆ්රැන්සිස්කෝ සාම ගිවිසුමේ සිට ජපන් – ශ්‍රී ලංකා මිතුදම

2022 වසර ජපන්, ශ්‍රී ලංකා අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර හැත්තෑවෙනි සංවත්සරය සනිටුහන් කළේය. මීට අමතරව 1965 සිට 2018 දක්වා ජපානය ශ්‍රී ලංකාවට විදේශීය සංවර්ධන ආධාර (ODA) ඇමරිකානු ඩොලර් බිලියන 10.2 ක් පමණ ලබා දී ඇත (බාහිර දෙපාර්තමේන්තුව, මුදල් සම්පත් අමාත්‍යාංශය 2018). තවද ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් ජපානය දහතුන්වැනි අපනයන ශ්‍රේණිගත රට වේ. රටේ අවශ්‍යතා අනුව ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන යටිතල පහසුකම් සපයන්නෙකු ද විය. මීට අමතරව රටේ විවිධ ජපාන දායකත්වයට සමුද්‍ර සම්බන්ධතාද ඇතුළත් වේ.

තවද ලංකාවට ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ කාචයකින් බැලූවිට මෑත වසරවලදී සම්පූර්ණ ද්විපාර්ශ්වික ණයවලින්, ඩොලර් බිලියන 3.5 ක් පමණ ජපානය ශ්‍රී ලංකාවට ලබා දී ඇත. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 4.4% කි (රොයිටර් වාර්තා වලට අනුව). පැරිස් සමාජයේ සාමාජික රටක් වන ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF‍) ණය සහනය අනුමත කර ගැනීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධීකරණය කර ඇත. ජපානය සෑම විටම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, සමාජ – සුබසාධනයට සක්‍රීය උනන්දුවක් දක්වයි. දැනට 33,900 ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් ජපානයේ වාසය කරයි. 2019 ජුනි මාසයේදී, ජපානය සමඟ පුහුණු සේවක (SSW) සහයෝගීතා ගිවිසුමක්දහුවමාරු කර ගන්නා ලදී.

ශක්තිමත් ඓතිහාසික බැඳුම්ක්

ඓතිහාසික වශයෙන් ජපානය, ශ්‍රී ලංකාව සමඟ බහුපාර්ශ්වික කලාපීය විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. මෑත කාලයේදී ජපානයට ශ්‍රී ලංකාව සමඟ ඇති අපේක්ෂාවන් වඩාත් බලාපොරොත්තු සහගත වී ඇත. මධ්‍යම බලවතෙකුට සාර්ථක මාවතක් සකසන ආකාරය ජපානය මෑත කාලයේදී පෙන්විය හැකිය. භූ- දේශපාලනික සහ ආර්ථික වැදගත්කම කෙරෙහි ජපානය ශ්‍රී ලංකාව දෙසට අවධානය යොමුකර ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා අඛණ්ඩව විවිධ ක්ෂේත්‍ර හරහා ශක්තිමත් වීමට පටන් ගෙන ඇත.

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment