“එදා අපි දිවයින පටන් ගත්තේ මෙහෙමයි” – දිවයින මුල් පිටුවේ මුල් පුවත ලියු නන්දසේන සූරියආරච්චි කියන කතාව

332

හැත්තෑව දශකය වනවිට  ශ‍්‍රී ලංකාවේ සිටි ප‍්‍රමුඛතම කෝටිපති සිංහල ව්‍යාපාරිකයා වශයෙන් සිටියේ උපාලි විජයවර්ධන මහතාය’ සිරිමා බණ්ඩාරනායක පාලන යුගය ඇතුළතදී විදේශ විනිමය සුරක්‍ෂිත කරගනු සඳහා අභ්‍යන්තර වශයෙන් ආර්ථික සම්බාධක රාශියක් රට තුළ ක‍්‍රියාත්මකව පැවතිණ’ එම අභියෝගය ජයගනිමින් උපාලි මැස්ඩා” උපාලි ෆියට් යන මෝටර් රථ මෙන්ම යුනික් රේඩියෝ” ඩෙල්ටා ටොෆි” කැන්ඩොස් චොක්ලට්” ක‍්‍රිස්ටල්” ටින්ගල් යන සබන් වර්ග කැන්විටා වැනි කිරි පානය රස ගන්වන නිෂ්පාදන රැසක් වෙළෙඳපොළ ජයග‍්‍රහණයට එක්කොට තිබිණ’ උපාලි විජයවර්ධන ඉන් නැවතුනේ නැත’ මාස ගණනක් මුළුල්ලේ රත්නපුරය බඳු දුර බැහැර පෙදෙසකට තම එකම මිතුරා වූ ධර්මසේන අතපත්තු මහතාගේ සමීප ඥාතියෙකු වූ රත්නපුරයේ රත්නාලෝක මැණික් මුදලාලිගේ මැණික් පතල්වලට ගොස් මැණික් පතල් කර්මාන්තය ගැනද අවබෝධයක් ලබා ගත්තේය’

"එදා අපි දිවයින පටන් ගත්තේ මෙහෙමයි" - දිවයින මුල් පිටුවේ මුල් පුවත ලියු  නන්දසේන සූරියආරච්චි කියන කතාව

තමන්ගේම පතලකින් ගොඩගත් නිල් මැණික් කැටයක් දෙස ඔහු පැය ගණනක් මුළුල්ලේ බලාසිටියේ මැණිකක අගය වටහා ගන්නට ලබා තිබූ දැනුම ඔස්සේ විකුණුම් කරුවන්ගෙන් නිල්” රතු” වයිරොඩි” පසින්ගල් මැණික් එතෙර වෙළෙඳපොළට යවා අධික ධනයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමටය’

කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට සැදූ තුන්මහලක නිවහනේ උඩම තට්ටුව කුඩා නාන තටාකයකටත්” සුවිසල් බුදු මැදුරකටත් වෙන්කොට කැලණි මහ වෙහෙරෙන් ලද සර්වඥධාතූන් වහන්සේ නමක් රත්තරන් කර`ඩුවක තැන්පත් කොට එහි තැබීය’ ආර්ථික විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ඉහළ ගෞරව උපාධියකින් සමත්ව ශාස්ත‍්‍රපති උපාධිය ද හිමිකරගෙන සිටි මේ ප‍්‍රඥාවන්තයා සතු කුසලතාව හොඳින්ම වටහාගෙන සිටි ඔහුගේ ඥාති සොහොයුරු ජේ’ ආර්’ ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය උඩු යටිකුරු කරන්නට සමත් වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ඔහු තෝරා ගත්තේය’ තම මවගේ පාර්ශ්වයේ ඥාතීන් හිතවතුන් බොහෝ දෙනකු කඹුරුපිටිය සිය මිත්තණියගේ නිවස වූ මිරිස්වත්ත වලව්ව සමීපයේ සිටින හෙයින් ඔවුන්ගේ මගුල් තුලා උත්සව පැවැත්වීම සඳහා උපාලි විජේවර්ධන සම්මන්ත‍්‍රණ ශාලාව නමින් විශාල ගොඩනැගිල්ලක් ඉදිකර වීය’ පළාතේ මන්ත‍්‍රී වීරසිංහ මල්ලිමාරච්චි සමග කථිකා කොට තම වියදමින් මාතරට අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල පද්ධතියක් ඇති කරන බව පුවත්පත්වල පළ කරන්නට විය’ රජයේ ඇමැතිවරු මෙයින් ත‍්‍රස්ත වූහ’ ගැටුම් ඇතිවන්නට විය’ මේ හැමෙකක්ම පුවත්පත්වල ශීර්ෂපාඨ විය’ උපාලි විජයවර්ධනගේ දේශපාලන ආගමනයේ මූල බීජය මෙයයි’

"එදා අපි දිවයින පටන් ගත්තේ මෙහෙමයි" - දිවයින මුල් පිටුවේ මුල් පුවත ලියු  නන්දසේන සූරියආරච්චි කියන කතාව



මෙබඳු සුවිශේෂ ගති ලක්‍ෂණ සහිත පුද්ගලයෙක් අප සමාජයේ මෙතෙක් කාලයකට පාදුර්භූත වී නොසිටි හෙයින් ඔහු පිළිබඳව රටේ ජනතාව දැනුවත් කළ යුතු බවට මා සිතූ නිසාම ඉතා අපහසුවෙන් කාල වේලාවක් නියම කොට ගෙන ඔහු හමුවීමට බ්ලූමැන්ඩල් පාරේ පිහිටි කාර්යාලයට ගියෙමි’ යොවුන් විය පසුකරමින් සිටින මේ ආකර්ෂණීය පුද්ගලයා සිටි අසුන පිටුපස බිත්ති ඔරලෝසු තුනක් විය’ ඒ එක් එක් ඔර්ලෝසුවේ සටහන්ව තිබුණේ වේලාවන් තුනකි’ අපේ කතාව අරඹන්නට පෙර මා ඔහුගෙන් ඇසුවේ ඒ කාලවේලා පිළිබඳවයි’ අපේ රටේ වේලාවන්ට නොගැළපෙන එම වේලාවන් එම රටවල්වල ව්‍යාපාරිකයෝ ව්‍යාපාරවල යෙදී සිටින වේලාවන් බව ඔහුගේ පිළිතුර විය’ අපේ මිනිසුන් රැයක් දහවලක් නොමැතිව තමන්ට පැවරුණු ඉදිරි දැක්ම සපුරාලීමට ඔහු ගන්නා ප‍්‍රයත්නය ගැන මා තුළ ඇති වූයේ දැඩි හැගීමකි’ අපි රට තොටේ ප‍්‍රශ්න ගැන ද කතා බහ කළෙමු’ මේ 1978 වර්ෂයයි’ රත්නපුර කලවාන මැතිවරණ කොට්ඨාසයට අතුරු මැතිවරණයක් සඳහා පෙළ ගැසෙමින් තිබුණු කාලයයි’ මෙයට හේතුව වූයේ කලවානේ මන්ත‍්‍රී සරත් මුත්තෙට්ටුවගේ හදිසි මරණයයි’ ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂකත්වය පතා පළාතේ නම ගිය වෙද මහත්මයකු ඇතුළු ප‍්‍රභූන් 19 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ’ උපාලි විජේවර්ධන තරමක සිනාවක් පහළකොට තමාත් එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට බලාපොරොත්තු වන බව කීවේය’ ඒ පිළිබඳව යමක් දන්නේ දැයි උපාලි මගෙන් ඇසීය’ ඒ කාලයේ රත්නපුර කච්චේරියේ රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා වූයේ මා හිතවත් අසෝක ජයවර්ධන මහතාය’

ඔහු සමග කලවාන ගැන තොරතුරු දැනගෙන එන්නට පොරොන්දු වූ මම පසුදාම එහි ගොස් පැමිණ කාරණය කීවෙමි’

රත්නපුරය පැත්තට උපාලි එනවා නම් මම තනිකරම උදව් කරනවා’ පසුදා වනවිට එ’ ජා’ ප අපේක්‍ෂකත්වය පතා සිටි 19 දෙනාම උපාලිගේ ගෙදරට ගෙන ඒමට අපි කටයුතු කළෙමු’

හෝමාගම ගලවිලවත්ත ප‍්‍රදේශයේ ඒ වනවිට මුද්‍රණාලයක් පිහිටුවා තිබිණ’ එහි මුද්‍රණය වෙමින් තිබුණේ ‘‘චිත‍්‍ර මිත‍්‍ර’’ නමැති චිත‍්‍රකතා පත්තරයකි’ කොළ පැහැති වර්ණයෙන් ‘‘උපාලි අපිට’’ ‘‘අපි උපාලිට’’ නමින් උපාලි විජයවර්ධන මහතාගේ පින්තූරය යොදා අති විශාල පෝස්ටර් දසදහසක් රැයක් එළිවන තුරා මුද්‍රණය කොට බෙදාහැරීමට උපාලි සමූහයේ අධ්‍යක්‍ෂවරයකු වූ ආනන්ද පේලි මුහන්දිරම් මහතා කටයුතු යොදා තිබිණ’ එයට අමතරව මැතිවරණ කාලය තුළ නවාතැන් ගෙන කටයුතු කිරීමට විශාල නිවසක් සහිත තේ වත්තක්ද මිලදී ගෙන තිබුණි’ ඡන්ද සටන උග‍්‍රවිය’ ඩබ්’ දහනායක මහතා උපාලිගේ නිවසට පැමිණ හැම රැයකම උපදෙස් දෙයි’

නාම යෝජනා දිනයේ උදෙන්ම එ’ ජා’ ප’ අපේක්‍ෂක අබේරත්න පිලපිටිය උපාලි හමුවීමට පැමිණියේය’ දෙදෙනා විවිධ දේ කතාකරමින් සිටි අතර ජේ’ ආර්’ සමග ද කතා කරන හඬ ඇසිණ’ නාමයෝජනා භාරගන්නා කාලය අවසන් විය’ පිලපිටිය එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයා විය’

එවකට මා කටයුතු කළේ සිළුමිණ පුවත්පතේය’ හිටපු අගමැති වරුන්ගෙන් ඉතිරිව සිටි එකම පුද්ගලයා සර් ජොන් කොතලාවලය’ සිළුමිණ කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ ආරාධනය කින් සර් ජෝන් හමුවන්නට දිනයක් වේලාවක් රැගෙන කඳවල වලව්වට ගියෙමි’ ඒ සඳහා කාර්යාලයෙන් ලැබී තිබුණේ කේම්බි‍්‍රජ් වර්ගයේ වෑන්රථයකි’ රියදුරා රථය නැවත්වූයේ වලව්ව ඉදිරිපස වූ පෝටිපෝවේය’ මා එනතුරු බලා සිටි සර් ජෝන් මුලින්ම ඇහුවේ ‘‘අර ඩක්කුව කොහෙන් හොයාගත්තාද’’ කියාය’ මම ලජ්ජාවෙන් බිම බලාගතිමි’

තැනින් තැන මැති සබය ගැන එදා කළ විහිළු තහළු චන්ඩිකම් සර් ජෝන් ඉදිරිපත් කළේ අමුතු ප‍්‍රාණයක් ලද්දකු මෙනි’ හිතවත්කම කොතෙක් වැඩි වූයේද කීවොත් උඹ” බාන්” බොලන් යැයි ඇමතීමද ඔහුට පුරුද්දක් විය’

කඳවල නිවසට ආරක්‍ෂකයන් ලෙස සිටියේ කර්කේලිස්” මර්තේලිස් සහ රියදුරු බණ්ඩා පමණි’ අධික ලෙස දියවැඩියා වෙන් පෙළුනු සර් ජෝන්ට උවටැන් කිරීමට කර්තේලිස් පමණක් සිටියේය’ නිවස පිටිපස මොණරුන්” මුවන් වැනි සතුන් සඳහා අක්කර කාලක ඉඩක් වෙන්විය’ නිවසේ උඩුමහලට යෑමට විදුලි සෝපාවක් විය’ එදා මා සර් ජෝන්ගේ නිවසින් පිටත්වීමට පෙර මට අවවාදයක් කළේය’

‘‘මේ ගෙදරට නැවත මේ ඩක්කුවෙන් එන්න එපා’ එන දිනය මට කියපන්’ මම මගේ කාර් එක එවන්නම්’’’

සර් ජෝන් පිළිබඳව මා ලියූ ලිපි පෙළ මාස 9 මුළුල්ලේ සතිපතා සිළුමිණ පුවත්පතේ පළ විය’ උපාලි විජයවර්ධන මහතා ද මගේ හොඳ පාඨකයකු විය’ ඔහු දිනක් සවස් කාලයක මා කැඳවීය’

‘‘මටත් සර් ජෝන් ගැන එකක් කියන්න තියෙනවා’ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම අශ්වයා පිටින් කඳවල වලව්ව බලන්න ගියා’ මුරකරුවෙක් ඇවිත් මාව ඇල්ලල සර් ජෝන් ළගට එක්ක ගෙන ගියා’ වගතුග ඇසුවා’ වළව්වට එක්ක ගියා’ මට සංග‍්‍රහයක් ද කළා’ නුඹලා අපේ නෑදෑයො තව ටිකක් ලොකු වෙල වරෙන්” මම උඹට අශ්වයා පිට නැගලා කරන ‘‘පෝලෝ’’ සෙල්ලම පුරුදු කරවන්නම් කියලා කිව්වා’

මටත් පොඩි පෞද්ගලික උදව්වක් කරන්න පුළුවන්ද කවද හරි වයසට ගියාම කියවන්න පුංචි කාලෙ අවුරුදු ගණනක් මම පදිංචිවෙලා හිටිය කඹුරුපිටියේ මිරිස්වත්ත වලව්වේ මම ආස්සරය කරපු මගේ ආත්තම්ම” ළ`ගම නෑදෑයො” උගන්වපු ඉස්කෝලෙ හාමිනේ ඒ වගේම ගමේ අය ගැන පුංචි පොතක් ලියා දෙන්න’ ඒකට දින දෙක තුනක් විතර යාවි’ විස්සක් තිහක් විතර කට්ටිය මුණ ගැහිලා තොරතුරු හොයාගන්න’ මේ ධර්මසේන අතපත්තු එක්ක ගියාම ගමනට ලේසියි’ දින දෙක තුනක් එහේ නැවතිල ඉන්න’ පසුවදාම මා කඹුරුපිටියේ මිරිස්වත්ත වලව්වට ගියේ උපාලිගේම 280 බෙන්ස් රථයෙනි’ මේ වන විට ලංකාවේ තිබුණු අධි සුඛෝපභෝගී එකම මෝටර් රථය එයයි’ මිරිස්වත්ත වලව්ව ළග තිබුණු වෙල්යායවල් කඳුශිඛර පීරාගෙන මහ සෙනග කන්දරාවක් මිරිස්වත්ත වලව්වට පැමිණෙමින් සිටියහ’ නම් ලැයිස්තුවේ තිබූ සියලූ පිරිමි ගැහැනු උදවිය වලව්වට පැමිණ සිටියහ’ මුලින්ම සිංහල අකුරු ඉගැන් වූ කරලැයින් ඉස්කෝලේ හාමිනේ පුංචි උපාලි සතුව පැවැති ස්මරණ ශක්තිය” දෙමාපිය නෑදෑයන්ට කීකරුවීම” හාවුන් කුරුල්ලන් සතුන් පසු පස්සේ දුවයන හැටි කියන්නට පටන් ගත්තේය’

මේ කතා පුවත ලියා අවසන් කරන්නට පළමු හදිසියේ තමන් හමුවන ලෙස උපාලිගෙන් මට පණිවුඩයක් ලැබිණ’ මම අලූත් පත්තරයක් පටන්ගන්න තීන්දු කළා’ එංගලන්තයේ ප‍්‍රසිද්ධම සමීක්‍ෂණ මණ්ඩලයක් ගෙන්වා රට පුරා සමීක්‍ෂණයක් කළා’ අලූතෙන් ඉරිදා පත්තරයක් පටන්ගත්තොත් කොච්චර අලෙවියක් තියේද කියලා’ බණ්ඩාරනායක මැතිනියගෙ ප‍්‍රජා අයිතිය නැති කරපු හින්ද දැන් රටම කනස්සල්ලෙ ඉන්නෙ’ මේක දේශපාලන පත්තරයක් වෙන්න ඕන’ ඒ වගේම මිනිස්සුන්ට අපේ ඉතිහාසය සාරධර්ම අමතක වේගන යනවා’ රටේ දූෂණය පිරිලා’

අලූත් පත්තරයක් පටන්ගත්තොත් අඩුම තරමේ සතියකට 75000 ක් වත් අලවි කරන්න පුළුවන්’ ඔය ලේක් හවුස් එකෙන් අස්වෙලා ආවොත් මම දෙගුණයක් පඩි ගෙවන්නම්’ හෙටම ලේක් හවුසියෙන් අස්වෙන්න’ අස්වීමේ ලිපිය මම හදලා තියෙන්නෙ’ මේක අත්සන් කරල භාරදෙන්න යන්න’ වසර දොළහක් මුළුල්ලේ පළමු ශ්‍රේණියේ පුවත්පත් කලාවේදියකු සේ සේවය කළ මම ලේක් හවුසියෙන් අස් වී 1981 මැයි මස 1 දින කාර්යාලයක් නොමැති පුංචි කාමරයක් තිබුණු උපාලි සමූහ ව්‍යාපාරයට පිවිසියෙමි’ මගේ උපදේශකයා වූයේ එවකට එම ආයතනයේ අධ්‍යක්‍ෂවරයාව සිටි අති දක්‍ෂ තරුණයෙකි’ ඒ ආනන්ද පේලි මුහන්දිරම්ය’ කිසිදු විනය වරදක් නොකොට තවත් සේවා කල් තිබියදී ලේක් හවුසියෙන් ඉවත් වුවත් එහි ඕනෑම වේලාවකට යෑමට ඊමට කිසිදු බාධාවක් මට නොවීය’ මා සිත තුළ පැළපැදියම්ව ඇති මානව සම්පත යොමුකර ගැනීම කෙසේ වෙතත් භෞතික සම්පත් නව ආයතනයකට අත්කර ගැනීම මගේ පළමු කටයුත්ත විය’ සේවා ස්ථානයකට පැමිණිමේදී අත්සන් තබන ලේඛන” දැන්වීම් භාරදීම සඳහා අවශ්‍ය කරන දැන්වීම් පත‍්‍රිකා” පිටු සකස් කරන ආකෘති පත‍්‍ර ආදී භෞතික සම්පත් සියල්ල එකින් එක පිටපත් ලබා ගතිමි’ කර්තෘ මණ්ඩලයට අමතරව බෙදාහැරීමේ අංශය” බෙදාහැරීම් කළමනාකරු” ගණකාධිකාරී අංශය” නීති උපදේශ අංශය ගැන මා සිත යොමුවන්නට විය’ පළමුව පුවත්පත සඳහා අත්දැකීම් බහුල දේශපාලන බුද්ධියක්් සහිත සන්වේදී පුද්ගලයකු ලෙස වසර 12 ක් මුළුල්ලේ මා ළගින් ඇසුරු කළ එඞ්මන්ඞ් රණසිංහ මහතා ඊළගට අපේ පත‍්‍රයේ කර්තෘ වශයෙන් උපාලි විජයවර්ධන මහතාගේ ද කැමැත්ත ඇතිව” සමූහ ආයතනයේ මගේ කාමරයට එක්විය’

අලූතෙන් දිවයින පත්තරය බිහිවන බව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කී වේලේ එතුමිය බලවත් සේ සතුටු වූවාය’ ‘‘මගෙන් මොනවද කෙරෙන්න ඕන’’ එතුමිය විමසුවාය’

‘‘ මැතිනියට කරන්න එක දෙයක් තියෙනවා’ දැන් ඔබතුමිය යන හැම රැස්වීමක දීම කියන්න උපාලි විජයවර්ධන අලූත් පත්තරයක් පටන්ගන්න යනවා කියලා’ දැන් අර උපාලි ගහන ‘‘චිත‍්‍රමිත‍්‍ර’’ කාටුන් පත්තරය ඇඳල ඉන්නෙ ‘‘රෝනී’’ කියලා නම තියෙන බල්ලෙක් නේ’ ඒවත් එළියට ඒවි’ අනික් එක උපාලි කියන්නේ ජේ’ ආර්’ගේ මස්සිනා’ ආණඩුවේ සෙල්ලම් බලන්න නම් ළගදී පිටවන උපාලිගෙ පත්තරය බලන්න’

ලේක් හවුසියේ අති දක්‍ෂ බෙදාහැරීම් කළමනාකරුවකු ලෙස දිගු කලක් සේවය කළ සේනාරත්න මහතා හමුවීමට මා ගියේ ඔහු දහවල් ආහාර ගනිමින් සිටි කාමරයටය’ ඒ වනවිටත් දිවයින ගැන ලේක් හවුසිය දැන සිටියේය’ මා දුටු විගස සේනාරත්න මහතා දහවල් කෑම නවතා අත පිසදමා එළියට ආවේය’ මම ඔහුට කරුණු පැහැදිලි කළේය’ දෙගුණයක් පඩි සහිතව මේ මාසයේ සිට රැකියාවට පැමිණෙන ලෙස මම කීවෙමි’ ලේක් හවුසිය ඉදිරියේ නවතා තිබූ පේලි මුහන්දිරම් මහතාගේ වාහනයෙන්ම ඔහු සමගම ගියෙමි’ කර්තෘ මාණ්ඩලිකයන් ලෙස එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ නිර්දේශ පරිදි දයාසේන ගුණසිංහ” ගාමිණී සුමනසේකර” ධර්මරත්න විජයසුන්දර” උපාලි තෙන්නකෝන් ඇතුළු හය දෙනෙක් වැඩ ආරම්භ කළහ’ අප කණ්ඩායම එක් වී සති තුන හතරක් මුළුල්ලේ අලූත් භාරදූර කටයුත්තකට වෙර දැරීමු’

මෙහිදී මතු වූ ප‍්‍රධාන සාධකය ප‍්‍රථම වරට පරිගණක අක්‍ෂර භාවිතයෙන් මුද්‍රණය වන එකම සිංහල පුවත් පත දිවයින පුවත් පත පමණක් වීමය’ ඒ සඳහා පරිගණක යන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් පැවතිණ’ එහෙත් සිංහල භාෂාවෙන් මෙතෙක් පරිගණක යන්ත‍්‍රවලට අක්ෂර වෙන්කර නොවූ හෙයින් ඒ සඳහා විශේෂ අක්‍ෂර මාලාවක් නිපදවන්නට සිදුවිය’ පරිගණක යතුරු පුවරු භාවිතය ද ඉතා මන්දගාමී විය’ මේ බරපතළ ගැටලූවෙන් විසඳුමක් නොලැබුණොත් සතිපතා පුවත්පතක් මුද්‍රණය කිරීම බලවත් ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තිබිණ’ මෙහිදී එයට විසඳුමක් සොයාගත යුතු විය’ විද්‍යාලංකාරයේ මා සමග සමීප මිතුරෙකුව සිටි ටීමන් ආනන්ද නමැත්තා” ඔහුගේ සමීපතම නෑයකු සමග වැලිකඩ රාජගිරියේ ‘‘සුසිත ඉන්ඩර්ස්ටි‍්‍රයල් ප‍්‍රින්ටර්ස්’’ ආයතනයේ රැකියාවක් කරමින් සිටියේය’ සතිපතා පුවත්පතකට අවශ්‍ය ලිපි ලේඛන සියල්ල ඔහු ලවා ටයිප්කොට සුදුපාට ආර්ට් පේපරයේ පිටපත් ගෙන්වා ගතිමි’

අද මෙන් පරිගණකය මගින් පුවත්පතේ සියලූම කටයුතු සිදුවෙතත් එදා සිදු වූයේ පත්තර පිටුවක ප‍්‍රමාණයට සැරසූ බ්‍රෝමයිඞ් පිටුවේ ඇලවීමයි’ මාතෘකා පාඨ පරිගණක අක්‍ෂරයෙන් ඇතුළත් කරයි’ ඔක්තෝබරයේ හතර වැනිදා වනවිට කාර්ය මණ්ඩලයේ සේවය කළ අප හැම දෙනාම සිතින් අධික ලෙස සතුටට පත්ව සිටිය ද ගතින් දුබලව සිටියෙමු’ හරියකට කෑමක් බීමක් හෝ අඩු වශයෙන් රැවුළ කපා නොගත් බොහෝ දෙනෙකු සිටියහ’ දැඩි තෙහෙට්ටුවෙන් ගෙදරට පැමිණිය ද උදේ අට නමය වනවිට බණ්ඩාරනායක මැතිනියගේ දුරකථන පණිවිඩ දෙක තුනක්ම නිවසට ලැබිණ’ පත්තර වෙළෙඳ සල් අසල පොරකන මිනිසුන් අති විශාලය’ 4 වැනිදා රාත‍්‍රිය වනවිට දැනගන්නට ලැබුණේ මංගල පුවත්පත පිටපත් දෙලක්‍ෂ පනස්දහසක් ඉක්මවා ගොස් බවය’ මෙය එංගලන්තයේ සිට පැමිණි සමීක්‍ෂණ කණ්ඩායම සමහරවිට දැනගත්තා විය හැකය’

නන්දසේන සූරියආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment