එදා පත්තරේ තුළින් අද ඔබ වෙත අප ගෙන එන්නේ 1963 ජුනි මස 6 වැනිදා දවස පත්‍රයේ පළමු මුල් පිටුවයි. පැට්රල්, භූමිතෙල්, ඞීසල් තෙල් සහ යාන්ති‍්‍රක තෙල් වර්ග සියල්ලක්ම දිවයින තුළ බෙදාහැරීමේ තනි අයිතිය රජය යටතට ගැනීමට එදා රජය ගත් තීරණය එහි ප්‍රධාන පුවත වූවේය.
එවක පැවැති ලංකා තෙල් සංයුක්ත මණ්ඩලය යටතට එම ඉන්ධන බෙදාහැරීම පිළිබඳව වූ එවක කර්මාන්ත වාණිජ සහ වෙළෙඳ ඇමැතිව සිටි මෛති‍්‍රපාල සේනානායක මහතාගේ නිවේදනයක්ද එහි ඇතුළත් වූයේය.
අන්‍යොන්‍ය සම්මුතියකින් එකඟ කර ගන්නා මිලට තෙල් සැපයීමට විදේශ වෙළෙඳ සමාගම් අගමැති වුවහොත් තෙල් ගෙන්වීමද රජය විසින් ජනසතු කරන බවද එහි දැක්විණි.
ඒ වන විට මෙරට තෙල් වෙළෙඳාමෙන් සියයට පනහකට වැඩියෙන් කරනු ලැබ ඇත්තේ ෂෙල්, කැල්ටෙක්ස් සහ එකෝ යන සමාගම් 3 ක් විසිනි.
1963 දී විදේශ විනිමය ප්‍රමාණයක් තෙල් සමාගම් තුනට වෙන් කිරීමට ඇමැති මඬුල්ල තීරණය කරන ලදී. ඔවුන් අලෙවි කරන සමහර පැට්රල් නිෂ්පාදන ඒ වන විට කි‍්‍රයාත්මක වූ රජයේ තෙල් සංයුක්ත මණ්ඩලය ගෙන්වමින් තිබුණු සී.අයි.ඇස්. වලට සමානය. එහිලා රජය පවත්වන ලද සාකච්ඡුාවලදී සමාගම් ප්‍රතිවිරුද්ධ යෝජනා ඉදිරිපත් කළහ.
මේ කරුණු සියල්ල ප්රවේශමින් සලකා බලා තෙල් බෙදාහැරීම ගැන වූ ඉහත තීරණයට එළඹුනේ රජය බලාපොරොත්තු වන අරමුණු ඉන් ඉටුනොවන බවට ඇමැතිවරයා රජයට කරුණු දක්වා තිබෙන බවද එහි සඳහන්ය.
‘දවස’ මාණ්ඩලික වාර්තාකරු ෂෙල්ටන් ලියනගේ එම ප්‍රධාන පුවත ලියා තිබිණි.
එදා තෙල් සංයුක්ත මණ්ඩලය අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස කි‍්‍රයාත්මක වෙයි.
-නාරද