එන්නත් ගැහුවොත් ඇමරිකාවට මොනිටර් වෙනවාද?…ඇත්තම කතාව මෙන්න

1043

මොඩානා එන්නත ගැන මහනුවරට බයක්

එන්නත්කරණය ආරම්භ වූ දා සිටම මධ්‍යම පළාතේ මහනුවර දිස්ත‍්‍රික්කයේ විවිධ කතාන්දර පැතිර ගියේ පුවත් මවමිනි. ස්පුට්නික් එන්නත ලබා දීම ඇරඹි මැයි තිස්එක් වැනිදා සිට මොඩර්නා එන්නත ලබා දුන් ඉකුත් ජූලි විසි වැනිදායින් ඇරඹි සතිය නිම වන තුරුම එන්නතක් ගැන නානාප‍්‍රකාර කතා කියන්නට රට්ටු පෙළගැසී සිටියහ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අභූත කතා කියමින් මොඩර්නා එන්නත හරහා ලූසිවරයිස් එන්සයිමය සහ නැනෝ චිප් ශරීරගත කරන කතාවක්ද සුළඟක් සේ පැතිර ගියේ මිනිස් සිත් තුළ කුකුසක් ඇති කරමිනි.

සාර්ථක ලෙස එන්නත්කරණය සිදුවෙමින් පවතින විට එවැනි කතා පැතිර යෑමෙන් සිදුවන අගතිය වළක්වාලීමට මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා මහනුවර පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේ මේ අතරදීය. මොඩර්නා එන්නත ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ආර්.එන්.ඒ. වර්ගයේ උසස් වර්ගයේ එන්නතක්. සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝවක් ඔස්සේ ප‍්‍රචලිත කර තිබුණේ ලූසිවරයිස් සංඝටකය අඩංගු වන බැවින් අනාගතයේ 5ජී තාක්ෂණය යටතේ ඇමෙරිකාවේ සිට ඒ ඒ පුද්ගලයන් පාලනය කළ හැකි බවයි. බොහෝ පිරිස් මේ කතාව මත මොඩර්නා එන්නත ලබා ගැනීමට බියක් දැක්වූවා.

ලූසිවරයිස් යනු එන්සයිමයක්. එම එන්සයිම පරීක්ෂණාගාරයේදී භාවිත කරනවා. මෙම එන්නතේ කුඩා අංශු සිරුරේ ෙසෙලවල ක‍්‍රියාකරන්නේ කෙලෙසින්ද යන්න පරීක්ෂා කිරීම සදහා ලූසිවරයිස් භාවිතයෙන් සොයා බැලිය හැකියි. නමුත් මෙම එන්නතෙහි ලූසිවරයිස් අඩංගු වන්නේ නැහැ. එස්. එම්. 102 යනු ලිපිඩ ස්ථරයක්. ආර්.එන්.ඒ. යනු ඉතාම සියුම් දාමයක්. උෂ්ණත්ව වෙනසකදී මෙම දාමය කැඞී යෑමට ඇති ඉඩ වැඩියි. ඒ නිසා තමයි අධික ශීත පසුබිමක එන්නත ගබඩා කරන්නේ. ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට ආගන්තුක නොවී හදුනා ගනිමින් සිරුරේ තැන්පත් කළ යුතු නිසා තමයි ලිපිඩ ස්ථරයක් තුළ දමා එන්නත තැන්පත් කර තිබෙන්නේ. ෙසෙල තුළට බාධාවක් නැතිව ගමන් කළ හැකි පරිදි මෙය සකසා තිබෙනවා. ඒ හැර මෙහි නැනෝ චිප් එකක් වත් වෙන රටක සිට පාලනය කළ හැකි වෙනත් ක‍්‍රමවේදයක්වත් අඩංගු වන්නේ නැහැ. විෂ ද්‍රව්‍ය කිසිවක් මෙහි නැති බව ජනතාව දැනගත යුතුයි. මෙය බරපතළ තත්ත්වයක් කරා ගෙන යන්නේ අනුවණකාරී පුද්ගලයෝ. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකොට මෙවැනි කටයුතු සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් දැම්මා. මහජනතාව මේ අසත්‍ය ප‍්‍රචාරවලට රැවටෙන්න එපා කියා මම ඉල්ලා සිටිනවා යැයි වෛද්‍ය පාලිත මහතා කියා සිටියේ පොලිස් පරිශ‍්‍රයේදීය.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙවන් කටයුත්තක් සිදුකර ඇත්නම් අපරාධ නීතියේ 120 යටතේ ද`ඩුවම් දෙන්න හැකියාව අපරාධ නීතියෙන් හිමිව තිබෙන බවත් කියා සිටියේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතායි. නමුත් අද වන තුරු නැවත මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණ ප‍්‍රතිඵලයක් ලබා දුන්නේ නැති බව ද කිව යුතුයි.

මුළු ලෝකයේම මේ වන විට කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී අවසන්. මුල් අවධියේදී රෝගය පැතිර යෑම හොඳින් කළමනාකරණය කර ගනු ලැබූ වියට්නාමය ශ‍්‍රී ලංකාව වැනි රටවල වර්තමානයේ රෝගය පැතිර යෑම ඉහළ සීඝ‍්‍රතාවයකින් යුක්තව සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්. රෝගය සාර්ථකව මර්දනය කළ බව ප‍්‍රකාශ කළ ඇමෙරිකාවේ ද නැවත රෝගය සීඝ‍්‍රයෙන් පැතිර යන බවක් දක්නට ලැබෙයි.

ලෝකය පුරා ඖෂධ සමාගම් සහ විශ්වවිද්‍යාල එකතුව වෛරස මර්දනය සඳහා විවිධාකාර වූ පරීක්ෂණ මත එන්නත් වර්ග කිහිපයක්ම මේ වන විට නිපදවා තිබෙනවා. එන්නත පිළිබඳව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය නිම කිරීමට ප‍්‍රථම අවශ්‍යතාවය පදනම් කරගෙන ලොව පුරා ඒවා හදිසි භාවිතාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබාදී තිබෙනවා. නමුත් තවමත් රෝගය මර්දනය කිරීම සඳහා ඉතා සාර්ථක එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ. මෙහිදී සිදුවන්නේ මිනිසා වෛරසයට එරෙහිව සටන් කරන විට වෛරසය ද මිනිසාට එරෙහිව සටන් කිරීමයි. එන්නතක් මඟින් සිරුර තුළ වෛරසයට එරෙහිව සාර්ථකව ප‍්‍රතිදේහ වර්ධනය කිරීමක් සිදුවන විට වෛරසය සිදු කරන්නේ එම ප‍්‍රතිදේහවලට ප‍්‍රතිරෝධය දැක්විය හැකි වන පරිදි සිය හැඩය වෙනස් කරගැනීමයි. පරිණාමවාදයේ දක්වා ඇති පරිදි උචිතෝන්නතිය මත ඉන්පසු එම ප‍්‍රතිරෝධී ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් වර්ධනය වනවා. මේ වන විට ලෝකය පුරා පැතිරී යන කොවිඞ් 19 ඩෙල්ටා ප‍්‍රභේදය ද මෙවන් ආකාරයේ ප‍්‍රතිරෝධී ප‍්‍රභේදයක්. එය මුලින්ම වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ රෝගය මර්දනය කිරීම සඳහා භාවිතා කළ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත පළමු මාත‍්‍රාව එන්නත් කොට දෙවන මාත‍්‍රාව ලබාදීම සඳහා දිගු කාලයක් ගත කිරීම හේතුවෙන් මෙම ප‍්‍රතිරෝධී ප‍්‍රභේදය බිහි වුණේ ද යන්න ගැන සැකයක් පවතිනවා. එන්නතින් පළමු මාත‍්‍රාව ලබා දී සති දෙකක් පමණ ගතවන විට ප‍්‍රතිදේහ ඇතිවී උපරිමයකට පත්ව ඉන්පසු ටික ටික එම ප‍්‍රතිදේහ ප‍්‍රමාණය අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී දෙවන මාත‍්‍රාව ලබා දීමෙන් දිගුකාලීනව පවතින ඉහළ ප‍්‍රතිශක්තියක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් දෙවන මාත‍්‍රාව ලබාදීම කල් ගතව සිදුවන විට සිරුරේ ප‍්‍රතිදේහ මගින් වෛරසය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට පහසුවෙන්ම මෙවන් ප‍්‍රතිරෝධී ප‍්‍රභේද බිහි වීමේ හැකියාවක් තිබෙනවා. අපේ රටේ මේ වන විට ලෝකයේ භාවිතා කරන ප‍්‍රධාන පෙළේ එන්නත් වර්ග සියල්ලම පාහේ භාවිතා කර තිබෙනවා. එකම එන්නතක් නොව එන්නත් වර්ග කිහිපයක් භාවිතා කිරීම නිසා ඉහත සඳහන් කළ පරිදි ප‍්‍රතිරෝධී ප‍්‍රභේද ඇතිවීමේ හැකියාව අවම වනවා. එසේ වන්නේ විවිධ එන්නත් මගින් සිරුරු තුළ ඇතිකරන ප‍්‍රතිදේහ එකිනෙකට ඉතා සුළු වෙනස්කම් සහිත වන නිසයි.

එන්නත් ගැහුවොත් ඇමරිකාවට මොනිටර් වෙනවාද?…ඇත්තම කතාව මෙන්න

මේ වන විට ඇමෙරිකාවේ නිෂ්පාදිත, ඉතා සියුම් m Rna දාමයන් අඩංගු පයිසර් සහ මොඩර්නා නැමැති එන්නත් වර්ග දෙක බොහොමයක් යුරෝපා රටවල්වල භාවිතා වනවා. අනෙකුත් එන්නත්වල භාවිතා වන්නේ ජාන වෙනස් කරන ලද හානිකර නොවන වෛරස් වර්ගයක් යොදාගෙන මිනිස් සිරුර තුළ ප‍්‍රතිදේහ ඇතිකරන ක‍්‍රමවේදයක්. මොඩර්නා එන්නත සහ පයිසර් එන්නත යන එන්නත් දෙකෙහිම භාවිතා කරන්නේ කොවිඞ් 19 වෛරසයේ බාහිකය සෑදීමට අවශ්‍ය වන කේත ඇතුළත් mRna දාමයන් පමණි. මෙය වෛරසයටත් වඩා ඉතාම කුඩා එමෙන්ම ඉතාමත්ම අස්ථායි කේත දාමයකි. ඒ නිසා තමා ෆයිසර් එන්නත සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 70 වැනි දැඩි සීතල පරිසරයක ගබඩා කළ යුතු වන්නේ. තාපයට සංවේදී වන බැවිනි උෂ්ණත්වය මදකින් හෝ ඉහළ ගියහොත් mRna දාමය බිඳී එන්නත අක‍්‍රීය තත්ත්වයට පත් වෙනවා. එකම ආකාරයේ mRnav දාමයන් භාවිතා කළ ද ෆයිසර් සහ මොඩර්නා එන්නත් දෙක අතර එය නිපදවීමට යොදා ගන්නා ද්‍රව්‍යයන් සහ ක‍්‍රමවේදයන් අතර වෙනසක් පවතිනවා. මොඩර්නා එන්නත නිපදවීමේදී භාවිතා කරන නැනෝ තාක්ෂණික ක‍්‍රමවේදයන් හේතුවෙන් එය සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 15 ක සිට ඍණ 50 දක්වා උෂ්ණත්වයක ගබඩා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා එම එන්නත ඝර්ම කලාපීය රටවල, ෆයිසර් එන්නතට වඩා පහසුවෙන් ගබඩා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මොඩර්නා එන්නත මෑත කාලයේ දී ශ‍්‍රී ලංකාවට ද ලැබුණා. එය ප‍්‍රධාන වශයෙන් භාවිතා කළේ මහනුවර ප‍්‍රදේශයේ ජනතාවට එන්නත් කිරීම සඳහායි. නමුත් ඒ සමගම ප‍්‍රදේශයේ ජනතාව වෙත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මොඩර්නා එන්නත ලබා නොගන්නා ලෙස පවසමින් වීඩියෝ සාකච්ඡාවක කොටසක් ප‍්‍රචාරය වන්න පටන් ගත්තා. එම වීඩියෝ සාකච්ඡාවෙන් ප‍්‍රචාරය කරන ලද්දේ මොඩර්නා එන්නත නිපදවීමේ සම්පූර්ණ පාලනය මයික්‍රෝසොෆ්ට් සමාගමේ අධිපති බිල් ගේට්ස් සතුව පවතින බවත්, ඔහු විසින් මෙම එන්නත නිපදවීමේදී ඉතා සියුම්ව ලූසිෆරේස් නැමැති, විශේෂිත ස්කෑන් යන්ත‍්‍රයකින් බලන විට ආලෝක අංශු නිකුත්කරන රසායන ද්‍රව්‍යයක් නැනෝ අංශු ලෙස මෙම එන්නතට එකතු කොට ඇති බවත්ය. එන්නත ලබා ගන්නා පුද්ගලයන්ගේ සිරුරු තුළට මෙම නැනෝ අංශු ඇතුළත් වූ පසුව එය සිරුර තුළ සංසරණය වෙමින් පවතින බවත්, එන්නත විදින ලද ස්ථානයේ ලූසිෆරේස් අඩංගු ජෙල් තැන්පත්ව පවතින බවත්, මතු දිනක ලොව පුරා 5ඨ තාක්ෂණය පැතිරුන විට, චන්ද්‍රිකා හරහා එම ලූසිෆරේස් ජෙල් අඩංගු පුද්ගලයන් ඇමෙරිකාවේ ස්ථාපනය කොට ඇති ප‍්‍රධාන පරිගණකයකට සම්බන්ධ කරන බවත් තවදුරටත් එම වීඩියෝ දර්ශනයේ සිටින පුද්ගලයා ප‍්‍රකාශ කරනවා. ඉන් පසුව ඇමෙරිකාවේ ප‍්‍රධාන පරිගණකය මගින් ඒ එක් එක් පුද්ගලයාගේ සිරුරු තුළ ඇති නැනෝ අංශු පාලනය කරමින්, එම පුද්ගලයාගේ පාලනය එම පරිගණක යන්ත‍්‍රය මගින් ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට සිදුකරන බව ප‍්‍රකාශ කරන මෙම පුද්ගලයා ඒ නිසා කිසිදු ලෙසකින් මොඩර්නා එන්නත ලබා නොගන්නා ලෙස පවසනවා.

ප‍්‍රදේශයේ ජනතාව මේ නිසා මහත් භීතියට පත්ව සිටියා. බොහෝ දෙනා එන්නත ලබා ගැනීමට මැළි වුණා. තවත් බොහෝ දෙනා පෞද්ගලිකව මගෙන් එම එන්නත ලබා ගන්න එපාද කියලා විමසුවා. විද්‍යා ප‍්‍රබන්ධයක් සිදුවිය හැකි නමුත් සැබෑ ලෝකයේ වර්තමානයේ සිදු විය නොහැකි මෙවන් කතාවක් සමහර වෛද්‍යවරුන් පවා විශ්වාස කරන විට සාමාන්‍ය ජනතාව ගැන කවර කතාවක් ද?

මේ නිසා මා විසින් වහාම මහනුවර මූලස්ථාන පොලිසියට ගොස් එන්නත්කරණ ව්‍යාපාරය අඩාල කිරීමට හේතුවන මෙම ව්‍යාජ කරුණු ඇතුළත් වීඩියෝ සංවාදය පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා පැමිණිල්ලක් කළා.

ලූසිෆරේස් නමින් හඳුන්වන්නේ එන්සයිම වර්ගයකි. එයට ලූසිෆර් කියන සංඝටකය මත ක‍්‍රියාකොට ආලෝකයේ නිපදවීමේ හැකියාව ඇත. ලූසිෆර් යන වචනයේ ලතින් තේරුම ‘ආලෝකය දරන්නා’ යන්නයි. මෙහිදී සිදුවන්නේ කණාමැදිරියන් තුළ ආලෝකයේ නිපදවීමේ ක‍්‍රියාවලිය වැනි සංසිද්ධියකි. ඖෂධ සහ එන්නත් වර්ග නිපදවීමේදී ඒවා ඉතා කුඩා අංශු වන බැවින් ඒවා සිරුර තුළ ක‍්‍රියා කරන ආකාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී, මෙම ලූසිෆර් කියන රසායන ද්‍රව්‍ය සහ ලූසිෆරේස් කියන එන්සයිමය දර්ශකයක් ලෙස යොදාගනිමින් ඉන් නිකුත් වන ආලෝකය පරීක්ෂා කරමින් එම ඖෂධයේ හැසිරීම පිළිබඳව පරීක්ෂා කිරීම සිදු කරනවා. මෙය භාවිතා කරන්නේ පරීක්ෂණ අවධියේදී පමණයි.

භාවිතය සඳහා ඖෂධය හෝ එන්නත නිපදවීමේදී මෙම දර්ශකය එහි අඩංගු කරන්නේ නැහැ. ලූසිෆර් සහ ලූසිෆරේස් යන නම් දෙක හඳුන්වා දුන්නේ ක‍්‍රි.ව. 1849 සිට 1929 දක්වා ප‍්‍රංශයේ ජීවත් වූ Raphael Dubois නම් ඖෂධවේදියා විසිනි. නමුත් අවාසනාවට ලූසිෆර් යන නම ඈත අතීතයේ දී යක්ෂයා, මුර්ගයා හෙවත් සාතන් ‘හැඳින්වීම සඳහා විශේෂයෙන්ම ආගමික පොත්පත්වල භාවිතා කොට තිබුණා. වීඩියෝ පටයේ කතා කරන පුද්ගලයාද ලූසිෆර් යන්නට ලබා දෙන්නේ මේ අර්ථයමය.

එසේම මෙම වීඩියෝ පටයේ සඳහන් වන තව දෙයක් වන්නේ මොඩර්නා එන්නතේ අඩංගු SM102 නම් සංඝටකය තුළ ලූසිෆරේස් අඩංගු නැනෝ අංශු අඩංගුව ඇති බවයි. මෙය ද අමූලික බොරුවකි. SM102 සංඝටකයේ අඩංගු වන්නේ ඇමයිනෝ අම්ල සහ ලිපිඩ ඇතුළත් නැනෝ අංශුයි ‘‘නැනෝ’’ යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රමාණයෙන් ඉතාම කුඩා අංශු බවයි. ඒවා නිපදවීම සඳහා නැනෝ තාක්ෂණය භාවිතා කරනවා. මෙම සංඝටකය මගින් මුලින් සඳහන් කළ ඉතා අස්ථාවර mRna දාමය වටා ආරක්ෂක ආවරණයක් ඇති කරනවා. ඒ මගින් එම දාමයට සිරුරේ ප‍්‍රතිශක්තිය මගින් විනාශ නොවී අදාළ ෙසෙල තුළට ඇතුළු වීමේ හැකියාවත්, ගබඩා කිරීමේදී තරමක තාපය දැරීමේ හැකියාවකුත් ලබා දෙනවා. මෙම සංඝටකය මෑතකාලීනව ඖෂධ විද්‍යාඥයන් විසින් හඳුන්වාදෙන ලද දෙයක්. එහි පේටන්ට් බලපත‍්‍රය බිල් ගේට්ස් සතු වන බවට වීඩියෝ පටයේ කරන සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව අන්තර්ජාලයේ විශ්වාසනීය මූලාශ‍්‍රවලින් පවසනවා.

මිනිසා නිමවා ඇත්තේ ඉලෙක්ට්‍රොනික පරිපථ වලින් නම් ඔය කියන ආකාරයේ දුරස්ථ පාලනයට ලක් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එය එසේ නොවන නිසා මිනිසා එසේ දුරස්ථ පාලනයකට ලක් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. යථාර්ථයෙන් බැහැරව, විද්‍යා ප‍්‍රබන්ධ විශ්වාස කරන පුද්ගලයන්ද, බාල බොළඳ ගණයේ ඉන්දීය ටෙලිනාට්‍යවල දැක්වෙන පරිදි හිටිවනම කාන්තාවන් සර්පයන් වීමත් සර්පයන් කාන්තාවන් වීමත් විශ්වාස කරන සමහර මිනිසුන් ජීවත්වන රටක, මෙවන් ප‍්‍රබන්ධ කතා, විශ්වාසනීය අයුරින් පවසන විට ඒවා හිස් මුදුනින් පිළිගන්නා විශාල පිරිසක් සිටීම අරුමයක් ද නොවේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment