එන්නත් නොගත් මව්වරු දෙදෙනෙක් නිවස තුළම මරු වැළඳ ගනිති

311

කිසිදු කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් ලබා නොගෙන සිටි තිදරු මවක් හා දෙදරු මවක් කොවිඞ් නිව්මෝනියාව වැළඳීමෙන් නිවෙස් තුළදීම මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය විය. මියගොස් ඇත්තේ යක්කලමුල්ල, නාකියාදෙණිය ප‍්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් හා යක්කලමුල්ල කොට්ටවගම ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල


advertistmentadvertistment