කොරෝනා එන්නත් මධ්‍යස්ථානවලට ගොස් නිලධාරීන්ට බලපෑම් කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් ගැන ලැබෙන පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.
එන්නත් රාජකාරි කටයුතුවල නිරත සෞඛ්‍ය නිලධාරීන්ට රාජකාරිය කිරීමට ඉඩදී එම ස්ථානවලින් ඉවත් වෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා එම ප්‍රාදේශීය දේශපාලකයන් දැනුවත් කර ඇත.
‘දිවයින’ නැ`ගූ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එන්නත් සිදුකර ගැනීම සඳහා පිරිසක් පමණක් තෝරාගෙන ටෝකන් පත් භාරදීම අසාධාරණයක් යැයිද මීට ඉහතදී එවැනි සිද්ධියක් වාර්තාවූ අතර ඔවුන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කර තිබූ බවද සඳහන් කළේය.
එන්නත් රාජකාරි කරන සෞඛ්‍ය නිලධාරීගේ සේවය අගය කර ඔවුන්ට සහයෝගය දක්වනවා මිසක් හිතවතුන් බව කියමින් එම නිලධාරීන්ගෙන් අයුතු ඉල්ලීම් සිදු නොකරන ලෙස දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා කියා සිටියේය.
නෝමන් පළිහවඩන