පසුගිය සති අන්තයේ කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයෝ එක්ව ජනාධිපතිවරයා සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ මෙසේය. මෙහිදී මුලින්ම ජනාධිපතිවරයා විමසා සිටියේ ලංකාවට එන්නත් ගෙන්වීමේ තත්ත්වය හා ඒවා බෙදා හැරීම මෙන්ම එන්නත්කරණය පිළිබඳ තොරතුරු ය. වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන ඒ පිළිබඳව ලොකු විස්තරයක් කළේය.
”අද සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් ලංකාවට ආවා. ඒවා අපි කුරුණෑගලට ලක්ෂ 4යි රත්නපුරට ලක්ෂ 2යි මාතරට ලක්ෂ 2යි බදුල්ලට 2යි… යනාදි වශයෙන් බෙදා හරිනවා. මේ වෙනකොට සියලූම එන්නත් ලක්ෂ 120ක් ලංකාවට ඇවිත් තියෙනවා.”
”දැන් ඔය බෙදාහැරීම් ගණන් හැදෙන්නේ දෙවැනි මාත‍්‍රාවක් එක්ක නේද..?” සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා ඇසීය.
”මිලියන දෙකක් අපි දෙවැනි මාත‍්‍රාව වෙනුවෙන් ඉතුරු කරලා තියෙනවා. ඉදිරියේදී දිගින් දිගටම තවත් එන්නත් එන නිසා ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ” ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
සැප්තැම්බර් වෙනකොට
රටම අරින සූදානමක්…
”ඒක නෙමෙයි දැන් කොහොමද කොළඹ තත්ත්වය…” ජනාධිපති ඇසීය. දිස්ත‍්‍රික්ක වශයෙන් එන්නත්කරණය පිළිබඳව අලූත්ම ගණන් මිනුම් ලබා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඒ ඒ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පැමිණි දේශපාලනඥයෝ අලූත් තත්ත්වය පැහැදිලි කළහ.
”මේ 31 වැනිදා වනකොට අපි නම් ගම්පහට එන්නත් දීලා ඉවර කරනවා.” ප‍්‍රසන්න රණතුංග කීවේය.
”අනුරාධපුරේ තව එන්නත් 55,000 ඉතුරු වෙලා තියෙනවා කියලා ආරංචි වුණා…”
”අපට නම් පෙන්නුම් වෙන්නේ 25 000 ක් ඉතුරු වුණා කියලයි.” සෞඛ්‍ය ලේකම් කීවේය.
”ඔන්න ඕක තමයි ප‍්‍රශ්නේ. එක එක තැන්වල එක එක ගණන් සටහන් වෙනවා. හරියට Data Base එකක් තියාගන්න බැරිද. ඒක හරියට හොයල බලන්න. අන්තිමට ඕව ගැන ගණන් මිනුම් බලන්න එච්චරයි ඉතුරු වෙන්නේ. අපිට මේ විදිහට හැමදාම රට වහගෙන ඉන්න බෑ. රට අරින්න ඕන. මිනිස්සු තම තමන්ගෙ පුංචි පුංචි ව්‍යාපාර පටන් අරන් ස්වයං රැකියා පටන්අරන් ආර්ථිකයේ පහළම ස්ථරය ශක්තිමත් කරගන්න ඕන.” ජනාධිපති විස්තර කළේය.
”තවම මරණ සංඛ්‍යාව පහතට ආවේ නෑ…” ජනාධිපති කීවේය.
”හුඟක්ම මරණවලට මුහුණ දෙන්නේ වැක්සීන් එක නොගත්ත අය.” වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන කීවේය.
”ඒක තමයි… හුඟක් අය හිතන්නේ නෑ අද අපි ඉන්නේ ‘ක‍්‍රිටිකල් සිටුවේශන්‘ එකක කියලා. ඒක අපි පුළුවන් තරම් මාධ්‍යවලින් රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕන… ” ජනාධිපති උපදෙස් දුන්නේය.
”වැඩ කරන ආයතන, කර්මාන්ත ශාලා වගේ තැන්වල ආයතන ප‍්‍රධානීන්ව දැනුවත් කරන්න ඕන තමන්ගෙ ආයතන මට්ටමින් හැමෝවම එන්නත් කරන්න යොමු කරන්න කියලා. ඒගොල්ල ඒක හොයා බලන්න ඕනා…” වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ කීවාය.
ළමයින්ට හා තරුණ අයට එන්නත් ලබා දීමේ හැකියාව පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡාවට ලක්විය.
”ඉස්සෙල්ලා අපි අපේ ඉලක්ක සපුරමු. අවුරුදු 30ට වැඩි කට්ටිය එන්නත් කරලා ඉවර කරන්න අපට සැලැස්මක් තිබුණ නෙ. අපි ඒක සම්පූර්ණ කරලා ඊට පස්සේ බලමු 30 ට අඩු අයට එන්නත්කරණය කිරීම ගැන… මොනවද ඕගොල්ලන්ගෙ අදහස්…” ජනාධිපති විමසීය. සියල්ලෝම එම අදහසට එකඟ වූහ.
මේ අතර විදේශ රැකියාවන් සඳහා යන අයට අවශ්‍ය එන්නත් ලබාදීමේ ප‍්‍රශ්නය මතුවිය…
”මම අදත් නිමල් සිරිපාල ඇමැතිතුමා එක්ක ඒ ගැනයි කතා කළේ. ” පවිත‍්‍රා ඇමැතිතුමිය කීවාය.
”ඒගොල්ලො රස්සාවල්වලට යන අය. අවශ්‍ය එන්නත ලබා දෙන්න. හැබැයි තැන් තැන්වලට යවලා ඒක කරන්න එපා. දූෂණ වෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවේ හොස්පිට්ල් එකකින්ම ගහන්න ලෑස්ති කරන්න. මං හිතන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලැයිස්තුව අරගෙන ආමි හොස්පිටල් එකෙන් ගස්සවන එක තමයි හොඳ.”
මේ අතර කුඩා ළමයින්ටත් කොවිඞ් වැලඳීමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙමින් සෞඛ්‍ය නිලධාරියෙකු අදහස් දක්වනු ලැබුවේය.
”ළමයින් මිය ගිහිල්ලා තියනවද…”
”දැනට 10 දෙනෙක්ම මියගිහිල්ලා තියනවා. ඒත් එයින් 7 දෙනෙක්ම වෙනත් රෝග නිසා මියගිය අය. 3 දෙනෙක් විතරක් කෝවිඞ් නිසා මැරිලා තියෙනවා. ඒත් ඒ අය පරක්කු වෙලා ගෙනල්ලා තියෙන්නේ…” සෞඛ්‍ය බලධාරියෙක් කරුණු පැහැදිලි කළේය.
ලොකු අයට එහෙමලූ
පොඩි අයට මෙහෙමලූ
පසුගිය සතියේ මාධ්‍ය ලෝකයේ පෙරළිකාර මාධ්‍ය හිමිකරුවකුගේ හදිසි මරණයක් ද සිදුවිය. ඒ වූ කලී කැපිටල් මහාරාජා ආයතනයේ අධිපති රාජමහේන්ද්‍රන්ගේ අභාවයයි.
පුංචි කාලයේ පටන්ම මහාරාජා සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ අයෙකු ලෙස සජිත් පේ‍්‍රමදාස මෙම මරණයත් සමඟම දැඩි කම්පනයට පත්ව සිටියේය. සජිත්ට රාජමහේන්ද්‍රන් සහ පවුල සමග වූයේ දශක ගණනාවක් පැරණි සම්බන්ධතාවයකි. සජිත් කුඩා කල සිටම රාජමහේන්ද්‍රන් පවුල පිළිබඳව හැඳින සිටියේ සිය පියා නිසාය. ඔහුගේ මරණය සැලවූ වහාම සජිත් රාජමහේන්ද්‍රන්ගේ නිවසට ගොස් බොහෝ වේලාවක් එහි රැඳී සිටියේය. අවමඟුල් කටයුතු සිදු කළ බොරැල්ල කනත්තට ගිය ඔහු දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන තෙක් සෞඛ්‍ය නීති පිළිපදිමින් පසෙකට වී බලා සිටියේය. ඒ අතරම සංවේදී ලෙසින් විශේෂ ප‍්‍රකාශයක් ද කළේය.
”පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට මෙතුමා බොහෝ උදව් කළා. ඒ දෙන්නා අතර සමීප සම්බන්ධයක් තිබුණා. මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා උදව් කළා. මම පොඩි කාලයේදී මෙතුමා මාව වඩාගෙන ඉඳලා තියෙනවා’’ අවමඟුල් උත්සවයට පැමිණ සිටි හිතවතුන් සමග සජිත් කීවේය. පසුගිය සතියේ සඳුදා දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම පවා පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ ය. ඇමැති මණ්ඩලය පවා ඒකරාශී කිරීම මෙම අවස්ථාවේ අවදානම් සහිත කටයුත්තක් බව සෞඛ්‍ය අංශ කල්තියා දැනුම් දී තිබෙන්නට ඇත. ඇමැති මණ්ඩලය පවා එවන් අවදානමක් නොගෙන රාජ්‍ය පරිපාලන කටයුතුවලට තීන්දු තීරණ ගන්නා රටක ඇතැම් ව්‍යාපාරිකයෝ කොවිඞ් මරණ සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත ගැන කැබිනට් මණ්ඩලයේදී පවා ප‍්‍රශ්න ඇතිවිය.
ඇතැම්හු මහාරාජාගේ අවමංගල්‍ය උත්සවය ගැන විමතිය පළ කරමින් කතා කරද්දී ජනාධිපතිවරයා මේ පිළිබඳව වගකීම ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරියට බව පෙන්වා දුන්නේය.
‘‘පුංචි මිනිස්සුන්ට කොවිඞ් මරණ සම්බන්ධයෙන් එක විදියක් ක‍්‍රියාත්මක කරනකොට මේ වගේ ප‍්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් ඔබතුමියලා ගේ නීතිරීති ක‍්‍රියාත්මක වන්නේ නැද්ද….” ඇමැතිවරු ප‍්‍රශ්න කළහ.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ගුරු ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා වූ යෝජනා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනා දෙක එකවර සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ඒ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට විශේෂ දැනුම් දීමක් කෙරිණි.
”ඇමරිකන් ඩොලර් බිලියනයක ණය වාරිකය අපි ගෙව්වා. තව තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකයි. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුණත්, සඳුදා ණය මුදල ගෙව්වා. ඒ එක්කම පවතින මූල්‍ය ගැටලූ සහගත තත්ත්වයන් ගෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා” මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.
නැවත ගුරු ප‍්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයේ මූලාරම්භයේ සිට මේ දක්වා තොරතුරු සඳහන් කළ අධ්‍යාපන ඇමතිවරයා ”මේක වසර ගණනාවක්ම ඇදෙන ප‍්‍රශ්නයක්. මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ඉල්ලීමට අවධානය යොමු කරලා අපි තීරණයක් ගන්න ඕනේ.” කීය. අධ්‍යාපන ඇමැතිවරයාගේ පැහැදිලි කිරීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ”වැටුප් වැඩි වැඩිකිරීම ගැන ප‍්‍රශ්නයක් නැහැ. ප‍්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කිරීමට අපි එකඟයි. නමුත් රටේ පවතින තත්ත්වය එක්ක මේ ගැන හිතන්න වෙනවා. ගුරු විදුහල්පතිවරු ඉල්ලන වැටුප් දෙන්න කෝටි 6800 ක් විතර යනවා. රටේ පවතින තත්ත්වය එක්ක ඒක කරන්න අමාරු උනත් ඊළඟ බජට් එකේදි ඒක කෙරෙන්න ඕනෙ.” යැයි කීවේය.
”ගුරුවරුන්ගෙ වැටුප් අවුරුදු 24 කින් වැඩි වෙලා නැහැ. මේක ගුරුවරුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්” ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කීවේය.
කොහොමටත් ඉදිරි අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ ගැන අමාත්‍යාංශයේ සාකච්ඡා වෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ හැකියාව ගැන සොයාබැලීම් කෙරෙමින් තිබෙනවා” මුදල් අමාත්‍යවරයා ද කීය.
විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරු මෙහිදී ගුරු ප‍්‍රශ්නය පිළිබඳව අදහස් දැක්වූ අතර සෑම කෙනෙක්ම සඳහන් කළේ ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය සාධාරණ බවයි. නමුත් වත්මන් තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් ගුරු ප‍්‍රශ්නය කරළියට ගෙන ඇති බවද කියැවිණි.
”ගුරු ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා. මේ වෙනකොට ඔන්ලයින් ඉගැන්වීම් නතර වෙලා. ඔන්ලයින් ඉගැන්වීම් කරන්න කැමති ගුරුවරුන්ටත් ඇතැම් වෘත්තීය සමිති ඉගැන්වීම් කරන්න දෙන්නේ නැහැ. බලපෑම් කරනවා. එතන තියෙන්නේ දේශපාලන කාරණයක්. මේ අයට රට ඇතුලෙ ලොකු අර්බුදයක් මවන්නන් ඕන වෙලා තියෙන්නෙ. සංවේදී තත්ත්වය රට තුළ පවතින වෙලාවකම තවත් සංවේදී ප‍්‍රශ්නයක් කරළියට ගේන්නෙ ඒ නිසයි.” විමල් වීරවංශ ඇමැතිවරයා කීය.
”පුළුවන් ඉක්මනට අධ්‍යාපනය වෙනුවෙන් ටීවී චැනල් එකක් පටන් ගත්තා නම් මේ වෙලාවේ ලොකු දෙයක්. ඒ ගැන වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ” විමල් වීරවංශ ඇමැතිවරයා යළි කීවේය.
ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ” ඒකට අපි ලැහැස්තියි. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඒ සඳහා ක‍්‍රමවේදයක් සහිත සැලැස්මක් අපිට ඕනේ” කීය.
”අපි ඒක හදාගෙන යනවා” අධ්‍යාපන ඇමැතිවරයා පෙරළා පිළිතුරු දුන්නේ ය.
”අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉක්මනට සැලැස්ම හදලා චැනල් වැඬේ පටන් ගන්න. අගමැතිතුමා හා ඇමැතිවරු කීපදෙනෙක් ගුරු සංගම් සමඟ මේ ගැන සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ තත්ත්වය ඒ අයට පැහැදිලි කරලා දෙන්න” ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුදින ගුරු සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ සඳහා විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නම් යෝජනා විය. ඩලස් නිරෝධායනය වෙමින් සිටින නිසා ඊට සහභාගි විය නොහැකි බව කීවේය.
ශ‍්‍රී ල නි ප කණ්ඩායම
ජනපතිට ගෙනා පැමිණිලි
පසුගිය 26 වැනිදා දහවල් ජනාධිපතිවරයා ඉතා සුවිශේෂී දේශපාලන හමුවකට සහභාගී විය. හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතරයි. වර්තමාන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇතුළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවට පසුගිය දිනවල සමාජයේ ලොකු කතාබහක් පැතිර තිබිණි. එම කතාබහට පදනම වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය දිනක දැක්වූ අදහස් කිහිපයකි. වත්මන් ආණ්ඩුව තමන්ට ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවත්, ආණ්ඩුවෙන් තමන්ට සහ පක්ෂයේ අයට ලබා දී ඇත්තේ හාස්‍යජනක ඇමැතිකම් බවත්, ඒවායින් රටට හා ජනතාවට දැනෙන සේවාවක් කළ නොහැකි බවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් ඔහු ඉදිරිපත් කළේ බරපතළ චෝදනාවකි. මේ සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්ව ජනාධිපතිවරයා දැනුවත් කර තිබිණි.
ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ අදාළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු සමග සමීපව සාකච්ඡා පවත්වන්නට කල්පනා කළේ පවතින මෙකී අනවබෝධය දුරු කර ගැනීම සඳහාය.
පසුගිය 26 වැනි දා දහවල් මෛත‍්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය ආදීහු මෙම රැස්වීමට කල් වේලා ඇතිවම පැමිණ සිටියහ. ඊට අමතරව මෙම රැස්වීමට සහභාගි වීමට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ද පැමිණ සිටියහ. පැය දෙක හමාරකට අධික කාලයක් ඉතා ගැඹුරින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව පැහැදිලි විය. එහෙත් ඒ සාකච්ඡාව මාධ්‍යවලට විවෘත නො වී ය.
පක්ෂ දෙක අතර පවතින අනවබෝධය හා අසමගිය දුරු කරගෙන ඉදිරි ගමනක් යෑම සඳහා ශක්තිමත් පදනමක් ඉදිකර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව පමණක් පසුව හෙළිදරව් විය.
උගන්වන්න ඉගෙනගන්න
ලලිත් වීරතුංග කියාදෙයි
පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තවත් ඉතා වැදගත් දෙයක් සිදුවිණි. ඒ වූ කලී ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් පටන් ගැනීමයි. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී සුදේව හෙට්ටිආරච්චි හා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්තුරුන්ගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් මෙම මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය විය.
ජනාධිපතිවරයාගේ හා ජනාධිපති කාර්යාලයේ තොරතුරු මෙන්ම ජනාධිපති කාර්යාලය ගනු ලබන තීන්දු තීරණ ගැන මාධ්‍ය දැනුවත් කිරීම මෙහි මූලික කාර්යභාරය විය. මෙම මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 29 වැනිදා උදය වරුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් තෝරාගත් සීමිත මාධ්‍යවේදීන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ජනාධිපති මාවතේ ජනාධිපති මාධ්‍ය ඒකකය පරිශ‍්‍රයේදී පැවැත්විණි.
උත්සවයට පැමිණි අමුත්තන් හා මාධ්‍යවේදීන් පිළිගනිමින් කතා කළ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මෙම මධ්‍යස්ථානයේ අරමුණු පැහැදිලි කළේය.
”ජනාධිපති තුමාගෙන් ජනාධිපති කාර්යාලයෙන් සාධනීය දේවල් හුඟක් වෙනවා. වැදගත් තීන්දු තීරණ රැසක් රට වෙනුවෙන් ගන්නා තැන මෙතන. හැබැයි ඒවා මාධ්‍යවලට යන ප‍්‍රමාණය හා ගුණාත්මකබව පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. සමහර තොරතුරු ලබාගන්න දුෂ්කරයි මාධ්‍යවේදීන්ට. ඒ නිසා තමයි අපි මේ වගේ මාධ්‍ය මධ්‍යස්ථානයක් බිහිකළේ මාධ්‍යවේදීන්ට ඇවිල්ලා අපෙන් ප‍්‍රශ්න කරලා උනත් අවශ්‍ය තොරතුරු දැනගන්න.
හැබැයි මේක අපි ඔක්කොගෙම වැඩක්. මේක අපි පවත්වාගෙන යන්නේ අපේ තොරතුරු ඔබට කියන්න විතරක් නෙවෙයි. අපි දෙගොල්ලෝ අතර තොරතුරු හුවමාරු කරගන්න. ඔබ දන්න දේ අපට කියන්න. ඔබගේ යෝජනා අපට කියන්න. මේක අපි දෙගොල්ලන්ගේම සහයෝගෙන් සහභාගිත්වයෙන් සිද්ධ වෙන වැඩක්…”
ඉන්පසුව මාධ්‍යවේදීන් අමතා කතා කළේ ලලිත් වීරතුංග මහතාය…
”මේක ඔබටත් අපටත් අපි ළඟ තියෙන තොරතුරු හුවමාරු කරගන්න හොඳ අවස්ථාවක්. මේ රටේ දැන් ජනප‍්‍රිය මාධ්‍ය කියලා එකක් තියනවා. ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතියෙන් ඔබ්බට ගිහිල්ලා වගකීමකින් කටයුතු කරන මාධ්‍ය සම්ප‍්‍රදායක් අද රටට අවශ්‍ය වෙලා තියෙනවා. මම ඒකට ඉතාම උනන්දුයි. ඒ වගේම තමයි මාධ්‍ය පිළිබඳ භාෂාව. මේක ඇතුලෙ ලිඛිත භාෂාව තියනවා. කටවහර තියෙනවා. වියත් වහර තියනවා… මේවා ගැන සාකච්ඡා කරන හැදෑරීම් කරන පන්ති කාමරයක් ලෙසත් මෙය භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම අපේ අරමුණ තමයි ඒ වෙලාවේ සමාජය මත පවතින ඉතා තාර්කික වැදගත් සංකීර්ණ මාතෘකාවක් අරගෙන මේ ඉඩකඩ ඇතුළෙ සාකච්ඡා කිරීම. ඉදිරියේදී සතියකට එකක් හෝ සති කීපයකට එකක් වශයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේවි. ඒ අනුව අද අපි කතා කරන මාතෘකාව තමයි කොවිඞ් එන්නත්කරණය. මේ වෙලාවේ ඕගොල්ලන්ට තියන ඕනම ප‍්‍රශ්නයක් ඒ පිළිබඳව මගෙන් අහන්න පුළුවන්. ඒ අනුව මාධ්‍යවේදීන් එන්නත්කරණය පිළිබඳ තමන්ට ඇති ප‍්‍රශ්න අසා සිටි අතර කොවිඞ් එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප‍්‍රධානියා ලෙස ලලිත් වීරතුංග මහතා මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.
මුල්ම දිනයේ මෙම සාකච්ඡාව සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 35 දෙනෙක් පමණ පැමිණ සිටියහ.
ෂැඩෝ කැබිනට් වෙනුවට
සජිත්ගේ රියල් කැබිනට්
ඉකුත් බදාදා (28) හවස නාරාහේන්පිට ජානකී හෝටලයේ ජාතික පුවත්පත්වල දේශපාලන වාර්තාකරුවන් හා දේශපාලන රචකයන් සීමිත පිරිසක් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්විණි.
සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබුණේ මනුෂ නානායක්කාර සහ සංජය නල්ලපෙරුමයි. ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන් විස්සක් පමණ මේ සඳහා සහභාගි වී සිටියහ. මෙම හමුව වෙත සජිත් එන විට හවස 7.00 පමණ වී තිබිණි. ජානකී හෝටලයේ කුඩා සම්භාෂණ ශාලාවේ රැස්ව සිටි මාධ්‍යවේදීන් සිසාරා වටයක් බැලූ ඔහුට යම් යම් මාධ්‍යවේදීන් නම් කියා හඳුනාගන්නට තරම් මතකයක් ද තිබිණි. සජිත් සඳහා වෙනම මේසයක් අසුනක් සූදානම් කර තිබුණත් එහි වාඩි නොවූ ඔහු පුටුවක් ඇදගෙන මාධ්‍යවේදීන් සමීපයේම වාඩිවී කතා බහ කරන්නට පටන් ගත්තේ සුපුරුදු විහිළු තහළුවලින් යුතුවය.
සුහද කතාබහෙන් පසුව යම් යම් දේශපාලන කාරණා ගැන ද සංවාදයක් ඇති විය.
මෙහිදී මුලින්ම එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න ගැන හා පරිසර හානිය ගැන කතා බහක් ඇති විය.
”ගින්න නිසා ලොකු වන්දියක් ආණ්ඩුවට ලබාගන්න පුළුවන් වේවි නේද…” මාධ්‍යවේදියෙක් කීවේය.
”හොඳ වන්දියක් ගන්න තිබුණු අවස්ථාවක් තමයි. හැබැයි ඉතින් ඒකට ජාත්‍යන්තරය පිළිගන්න පරිසර හානිය පිළිබඳ තක්සේරු ඇස්තමේන්තුවක් හදන්න ඕන. මේගොල්ලෝ ඒ කිසි දෙයක් කරන්නැතුව එකපාරට ඩොලර් මිලියන මෙච්චර ඕන කියලා වන්දියක් ඉල්ලනවා. එහෙම වන්දි දෙනවද…”
නීතිපති දෙපාර්තමේන්තුව නේද ඒ ඇස්තමේන්තුව හදන්න ඕනා”
”නෑ නෑ… ඒක කරන්න ඕන පරිසර අමාත්‍යංශය. මේ වගේ පරිසර හානියක් පිළිබඳ ඇස්තමේන්තුවක් හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මගේ ළඟ තියනවා ඒ පිළිබඳ ආචාර්ය සුරේන් බටගොඩ ලියපු පොතක්. ආණ්ඩුවේ උදවිය ඒ පොත කියෙව්වා නම් ඔය පරිසර තත්ත්ව ඇස්තමේන්තුව මෙලහකටත් හදලා…” එසේ කියමින් සජිත් තම වාහනේ තිබූ එම පොත ගෙන්වාගෙන මාධ්‍යවේදීන්ට විස්තර කළේය.
”ගුරුවරුන්ගේ වැඩ වර්ජනයෙන් ආණ්ඩුව අනා ගන්නවා…” මාධ්‍යවේදීන් වෙනත් කතාබහක් පටන් ගත්තේය.
”ගුරුවරුන්ගේ ප‍්‍රශ්නේ බරපතලයි. එයාලගෙ ඉල්ලීම් සාධාරණයි. හැබැයි ඉතින් මේ ප‍්‍රශ්නෙ දෙපැත්තක් තියෙන විත්තිය අමතක කරන්න නරකයි. ඔය වගේ උද්ඝෝෂණයක් කරනකොට අපේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය ගැනත් සංවේදී වෙන්න ඕන…” ඔහු වඩාත් කල්පනාකාරීව සමබරව එම ප‍්‍රශ්නයට උත්තරයක් දුන්නේ එසේය.
”මේ රටේ හාල් මිල අඩු කරන්න ඔබතුමාට තියන විකල්පය මොකක්ද. අනිත් අතට මේ කරන්න යන කාබනික පොහොර භාවිතය හා ගොවිතැන ගැන ඔබේ හැදෑරීම මොකක්ද..?
”හාල් ප‍්‍රශ්නය නම් මුල ඉඳලම වරද්ද ගත්ත එකක්. මට දිග උත්තරයක් තියෙනවා. නමුත් කෙටියෙන් මෙහෙම කියන්නම්. අපේ රටේ කෘෂිකර්ම නිලධාරීන් උපදේශකවරු විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ගොවියා වවන්න ඕන මොනවද ඒ කොහොමද කියලා එයාලා ගොවියට උපදෙස් දුන්න නම් අද ගොවියා එකම ජාතිය වවන්නේ නෑ. බෝග විවිධාංගීකරණයක් ඕන. වී උනත් විවිධාංගීකරණයකින් යුතුව වැව්වා නම් මිල පාලනය ඉබේම සිද්ධ වෙලා.
අනිත් අතට ඔබ ඇහුවා නේද කාබනික ගොවිතැන ගැන. මම මේ පහුගිය දවස්වල හමුවුණා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ හා වී පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ඉන්න ඉහළම උගතුන් පිරිසක්. මහාචාර්ය බුද්ධි මාරඹේ එහෙම දන්නවා ඇතිනේ. බතලේගොඩ ගොවි පර්යේෂණ ආයතනයේ තියෙනවා අවුරුදු දහයක් තිස්සේ කරගෙන එන කාබනික ගොවිතැන පිළිබඳ ක්ෂේත‍්‍ර අධ්‍යනයක්. ඒකේ ප‍්‍රතිඵල අනුව උගතුන් කියන මතය තමයි තනිකර කාබනික ගොවිතැනට ගියොත් අස්වනුවල 30-40% අතර කඩාවැටීමක් වෙනවා කියන එක. ඒගොල්ලො නිර්දේශ කරන්නේ කාබනික හා රසායනික මිශ‍්‍ර වගාවක්.”
අනිත් එක අපි අලූත් වැඩක් කරනවා. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලො සහභාගි කරගෙන පාර්ලිමේන්තුවේ සියලූ මන්ත‍්‍රීවරුන්ට උපාධිය දක්වා ඉගෙන ගන්න අධ්‍යාපන වැඩපිළිවෙළක් අපි හැදුවා…”
”ඒක නම් ඉතාම වටිනා වැඩක්” මාධ්‍යවේදීන් සිනහවෙමින් කීහ.
මනුෂ නානායක්කාර මෙම සාකච්ඡාවට පැමිණියේ එම කතාබහ අතරය. ඔහු දුටු සජිත් ඔහුවත් තමන් ආසන්නයට ගෙන්වා ගත්තේය.
”විපක්ෂය හැටියට ඔබතුමා ෂැඩෝ කැබිනට් එකක් එහෙම හදලා නැද්ද…?”
”මොන ෂැඩෝ ද. මගේ ළඟ රියල් කැබිනට් එක ඉන්නවා. ඒක තියෙන්නෙ මගේ ඔළුවේ…” සජිත් එසේ කීවේ මනූෂ දෙසත් බලමිනි.
මේ අයුරින් කතාබහ කරමින් සජිත් පැය එක හමාරකට වැඩි කාලයක් මාධ්‍යවේදීන් සමඟ ගත කළේ තම පියාගේ කාලයේ පටන් දන්නා හඳුනන මාධ්‍යවේදීන් ගැන ද මතක් කරමිනි.
සජිත් එතනින් පිටත්ව ගිය පසු මාධ්‍යවේදීන් තව සැලකිය යුතු කාලයක් එතන රැඳෙමින් කතාබහ කරමින් සිටියේ පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍යවේදීන්ට ද මුණගැසෙන්නට මෙවන් අවස්ථා විරල වූ නිසාය.
ගුරුවරුන්ට විසඳුමක් දී
දරුවන්ටත් උත්තරයක් දෙයි
මෙවර කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය විසඳුනේ නැත. ඇමැති මණ්ඩලයේ දී කතාබහට ලක්වූයේ දැනටමත් එම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ඉතා සාධනීය යෝජනා රැසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ගුරු සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා රජය විසින් පත් කරනු ලැබූ කමිටුවක් දැනටමත් මෙම ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවකි.
කැබිනට් මණ්ඩලයෙන් යම් කිසි උත්තරයක් බලාපොරොත්තුවෙන් සිටි ගුරු සංගම් මේ නිසා කලබලයට පත්වී නැවත වතාවක් සාකච්ඡාවක් සඳහා අගමැතිවරයා හමුවන්නට ගියහ. සාකච්ඡාව අරඹමින් අගමැතිවරයා කීවේ ‘අපි ප‍්‍රතිපත්තියක් විදිහට ගුරු වැටුප් වැඩි කරන්න එකඟයි. අපි ඒක කරනවා. ඊළඟ බජට් එකෙන් මේ ප‍්‍රශ්නෙ විසඳන්න අපි තීරණය කරලයි තියෙන්නේ. ඒ වෙනකම් අපිට සහාය දෙන්න. මේ වෙලාවේ සල්ලි නැතුව වෙන ඕනෑම දෙයක් ඉල්ලන්න’. කියාය. ගුරු සංගම් නියෝජිතයන් ඊට පිළිතුරු දෙමින් කීවේ ගුරු වැටුප් වැඩිවීම පිළිබඳ ප‍්‍රතිපත්තිමය එකඟතාවයක් අවශ්‍ය බවය. ඉතින් අපි ප‍්‍රතිපත්තියක් විදිහට ඒකට එකඟයිනේ. මේ වෙලාවේ රට බරපතළ ප‍්‍රශ්නයක තියෙන්නේ. ඒ නිසා අපිට ටික කාලයක් දෙන්න. අගමැතිවරයා යළි කීවේය. කෙසේ වෙතත් ගුරු සංවිධාන නියෝජිතයන් මස් රාත්තලම ඉල්ලා සිටින බව පෙණින. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවයකින් තොරවය. අවසානයේ දක්නට ලැබුණු කාරණාව වූයේ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු ගුරු සංගම් කිහිපයක් විසින් ආරම්භ කරනු ලද ගුරුවරුන්ගේ වෘත්තීය සටන විසඳුමක් නැතිව ඉදිරියට ඇදෙන වෘත්තීය අරගලයක් වනු නිසැක බවකි.
පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය ගැන රූපවාහිනී සංවාදවල ද සාකච්ඡාවට ලක්විය. එක් පුද්ගලික නාලිකාවක් විසින් මෙම වෘත්තීය සමිති කිහිපයෙහි නායකයෝ කරළියට ගෙනවිත් තිබිණි. සංවාදයට පාර්ශව දෙකක් සහභාගි වී සිටියහ. එක් පාර්ශ්වයක හිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියේ හඳපාන්ගොඩ මහත්මිය ප‍්‍රමුඛ නියෝජිතයින් ය. වෘත්තීය අරගලය නියෝජනය කරමින් මහින්ද ජයසිංහ, ජෝසප් ස්ටාලින් සංවාදයට සහභාගි වූහ. ගුරුවරුන්ගේ සැබෑ ප‍්‍රශ්න ගැන කරුණු රාශියක් මෙම සාකච්ඡාවේදී සංවාදයට බඳුන් වූහ. දෙපාර්ශ්වයම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කළ යුතු යැයි යන තීන්දුවෙහි සිටියත් එහි විසඳුම සම්බන්ධයෙන් දෙගොල්ලන්ටම තිබුණේ එකම අදහසක් නොවේ.
මෙහි දී ජෝසප් ස්ටාලින්ගේ වෘත්තීයභාවය ගැන ප‍්‍රශ්න රාශියක් හඳපාන්ගොඩ මහත්මිය මතු කරනු ලැබුවේය.
‘‘හරි මට කියන්නකො ඔබතුමා සේවය කරපු පාසල්… ඔබතුමාගෙන් ඉගෙන ගත්ත අය කවුද ඉන්නේ කියලා කියන්නකො… යනුවෙන් හඳපාන්ගොඩ මහත්මිය ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට ස්ටාලින්ට පිළිතුරක් නොවීය.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ ද බරපතල ප‍්‍රශ්නයක් මතු කර තිබිණි.
‘‘අර ජෝසප් ස්ටාලින් කියලා කෙනෙක් වෘත්තීය සමිති අරගලයකට බැහැලා ගුරුවරුන් නොමඟ හරිමින් මේ දවස්වල ගුරුවරු පාරට බස්සලා අර ඩෙල්ටා ප‍්‍රභේදය පතුරුවා හරින්න මහන්සි වෙනවා. මේක තනිකරම දේශපාලන ගුණ්ඩුවක්. ඔය ජෝසප් ස්ටාලින් සම්බන්ධයෙන් ප‍්‍රශ්න තියනවා… අපේ ආණ්ඩුව එල්ටීටීඊ එකට විරුද්ධව යුද්ධ කරනකොට ඔය ජෝසෆ් ස්ටාලින්ලා අරගල කළේ මහජනතාවගේ ආරක්ෂාවට යොදපු යුද හමුදා බංකර් අයින් කරන්න කියලා. දළදා මාලිගාවට පවා එල්ටීටීඊ තර්ජන තියෙද්දි එයා පාරට බැහැලා උද්ඝෝෂණ කළා දළදා මාලිගාව ඉස්සරහින් තියෙන පාර අරින්න කියලා. කාගේ වුවමනාවටද ඒවා කළේ…. දළදා මාලිගාව අනතුරේ හෙළලා එදා ඒ පාර හැරිය නම් වාසි වෙන්නේ කොටින්ට නෙවෙයිද…. ගුරුවරු නොමඟ ඇරියට එයා ගුරුවරයෙක් නෙවෙයි කියලා බරපතළ චෝදනාවක් තියෙනවා. ඒ අස්සෙ තවත් සමහර අය එයා ගුරුවරයෙක් බව පෙන්වන්න, එයා ඒ දවස්වල ඔයාමඩුව පැත්තෙ දුෂ්කර පාසල්වල උගන්වමින් මහජනතාවට සේවය කළාය කියන එක පෙන්නන්න බොරු වීරකාව්‍ය ගොත ගොත සමාජ මාධ්‍යවලින් පතුරුවා හරිනවා. කාව රවට්ටන්නද මේවා කරන්නේ” මේ අයුරින් ජෝශප් ස්ටාලින් සම්බන්ධයෙන් සමාජයේ නැගෙන චූ චෝදනාවල ද ඉවරයක් ම නොවීය.
ගුරුවරුන්ගේ හා ගුරු විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් අරගලය ද විසඳුමක් නොමැතිව දිගින් දිගටම ඉදිරියට ඇදෙන්නට විය. මේ අතර ජනාධිපතිවරයා හමු වන්නට ගිය විවිධ පාර්ශ්ව ගුරුවරුන්ගේ මේ ප‍්‍රශ්නය විසඳන්නට මැදිහත් වන්නැයි කියමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විවිධ යෝජනා කරන්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීම් වූයේ වසරකටත් වැඩි කාලයක් එක දිගට පාසල් නොමැතිව ගෙවල්වලට කොටුවී නිකරුණේ කාලය ගත කරන තම දුවා දරුවන්ට නැණස පාදන ගුරුවරුන්ටත් සාධාරණයක් ඉටුකර තම දරුවන්ට සාධාරණයක් කරන්නට ඔවුන් යොමු කරවීම ඉක්මන් කරන්නැයි කියාය.
ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්නට තීන්දුවක් ගත්තේය….
නිවාඩු ගත්ත ඇති –
දැන් වැඩ පෙන්නන්න
ඉවරයක් නැති ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ගැන රජය අභ්‍යන්තරයේ ලොකු කතිකාවක් ඇති විය.
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගි ජන බලවේගය හා රටට සතුරු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම උද්ඝෝෂණ රැල්ල මෙහෙයවන බව සමහර නිරීක්ෂකයන්ගේ මතය වූහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු වෘත්තිය සමිතිය ඇතුළු මිත‍්‍රශීලි ගුරු සංගම් කිහිපයක් රජය සමග නිරතුරුව සාකච්ඡා කරමින් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප‍්‍රශ්න විසඳන්නට කඩිනම් පියවර ගනිමින් තිබියදී මෙවන් දුෂ්කර අවස්ථාවක රටේ දූ දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට තබාගෙන ඇතැම් ගුරු සංගම් විසින් ආරම්භ කර තිබූ මේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැන රජය සිටියේ බලවත් කලකිරීමකය. මෙවන් වසංගතයකින් රට විපතට පත්ව තිබියදී ඒ ව්‍යසනයෙන් ගොඩ යන්නට රජය දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් සිටියදී ගුරුවරුන් වැනි දැන උගත් පැලැන්තියක් මෙසේ දේශපාලන අවස්ථාවාදීන්ගේ අතකොළු බවට පත්වීම රජයේ ඇතැම් පිරිස් අනුමත කළේම නැත. සැබෑ ගුරුවරුන්ට සත්‍ය පහදා දී ඔවුන් මේ ව්‍යසනයෙන් ගලවා ගත යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස විය. මේ සඳහා ගුරුවරුන් සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බව රජය තීරණය කළේ ඒ අතරයි. ඒ සඳහා වහාම ගුරුවරුන් සේවයට කැඳවිය යුතු බව ඒ පිළිබඳව පැවැත්වූ බොහෝ සාකච්ඡාවල අවසාන නිගමනය විය. මේ අතර ජනාධිපතිවරයා 29 වැනි බ‍්‍රහස්පතින්දා උදේ මුළු ලංකාවේම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සමග විශේෂ සාකච්ඡාවක් කළේය. මෙයට ද ආණ්ඩුකාරවරු පැමිණ සිටියහ. එම සාකච්ඡාවට අධ්‍යාපන ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ද සහභාගිවන්නට ආරාධනා කර තිබිණි. දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ගෙන් ඒ ඒ දිස්ත‍්‍රික්කවල වර්තමාන තත්ත්වය හා රජයේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන විමසීමක් කළ ජනාධිපතිවරයා ඉන් පසුව අදහස් දක්වන්නට පටන් ගත්තේ ය.
”රාජ්‍ය සේවයේ මේ වගේ අකුලලා තියලා බෑ. රාජ්‍ය සේවය යළිත් වැඩ පටන් ගන්න ඕන. කොහොමද මේ දවස්වල වැඩ කෙරෙන්නේ…?”
රාජ්‍ය පරිපාලන ලේකම්වරයා රජයේ සේවකයන් සේවය සඳහා දායක වන අන්දම ගැන පැහැදිලි කිරීමක් කළේය.
”මෙච්චර දවසක් ඒගොල්ලන්ව ගෙදර තියන්න, ගෙවල්වල ඉඳලා වැඩ කරන්න නිකුත් කරපු රජයේ චක‍්‍රලේඛ ඔක්කොම අවලංගු කරන්න. ලබන මාසේ 2 වැනිදා ඉඳලා හැමෝම සේවයට වාර්තා කරන්න කියලා අලූතෙන් චක‍්‍රලේඛයක් නිකුත් කරන්න. ඒවගේම ඒගොල්ලන්ව සේවයට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න…”
”රජය කොච්චර දුෂ්කරතා මැද වුණත් රජයේ සේවකයා අපහසුතාවට පත් කළේ නෑ. මුළු රජයේ රාජ්‍ය සේවයට ම සතයක් අඩු නොකර වැටුප් දුන්නා. දැන් ඔවුනුත් තමන්ගේ රාජකාරිය වෙනුවෙන් කැප වෙන්න ඕන වෙලාව ඇවිත්…” සංවර්ධන කමිටු සභාපතිවරු කීහ.
”ගුරුවරු සේවයට ගෙන්වන්න තිබුණේ මීට ගොඩක් කලින්…”
”අපට එහෙම කරන්න බැහැ. අපි මුලින්ම කළේ ඒගොල්ලන්ට එන්නතේ රැකවරණය ලබා දීපු එක. දැන් ගුරුවරු 265,000ටම එන්නත ලබාදී ඉවරයි. දැන් රැකියාවට පැමිණෙන්න බාධාවක් නෑ…” ජනාධිපති කීවේය.
”එතකොට පාසල් පටන් ගන්නවා ද ජනාධිපතිතුමා…”
”ඔව්… මුලින්ම අපි ගුරුවරුන්ට පාසල් පටන්
ගන්නවා. ඊට පස්සේ පියවරෙන් පියවර ළමයි පාසලට ගේනවා.”
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී සිදු වූ වැදගත්ම කාරණාව වූයේ රාජ්‍ය සේවයේ වැඩ පටන් ගැනීමට තීන්දු කිරීම හා ඒ පිළිබඳ චක‍්‍රලේඛ නිකුත් කරන ආකාරය ගැන නිලධාරීන් සමග සාකච්ඡා කිරීමය.
– බුලිත ප්‍රදීප් කුමාර