එන්. එස්. එල්. තරගාවලියේ නුවර තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කරයි

81

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය (එන්එස්එල්) යටතේ සිය තෙවැනි ජයග්‍රහණය වාර්තා කර ගැනීමට නුවර කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත් විය.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව දඹුල්ලේ පැවැති තරගය ලකුණු 140 කින් ජය ගනිමින් නුවර ක්‍රීඩකයෝ එම දස්කම ප්‍රදර්ශනය කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 385 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 244 ක් තුළ දවාලීමට නුවර කණ්ඩායම සමත් වූ අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනුජ් සහන් ලකුණු 47 කට කඩුලු හතරක් සහ රොෂාන් ජයතිස්ස ලකුණු 68 කට කඩුලු 4 ක් දවා ගත්හ.

නුවර කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග 8 කට සහභාගි වී තරග තුනක් ජයග්‍රහණය කර තරග තුනක් පරාජය වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙන ඇත.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 276ට පිළිතුරු ලෙස දඹුලු ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණි. ඒ අනුව ලකුණු 69ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ මහනුවර පිල සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 315 ක් ලබා ගැනීමට සමත් වූයේය.

මේ අතර වාර්තාගත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරඟය ඊයේ (07 වැනිදා ) ජය පරාජයෙන් තොරව අවසන් විය.

යාපනය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මේ තරගයේ ගාල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 711ක් රැස් කර තිබිණි. මෙය වසර 16කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු පෙළ තරගයක වාර්තා කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය සටහන් විය.

ඊට පිළිතුරු ලෙස යාපනය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 480 ක් ලබා ගත්හ.

අනතුරුව යළි පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 143ක් ලබා සිටියේය.

සිය පළමු පෙළ ක්‍රිකට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට ගාල්ල කණ්ඩායමේ 24 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර එහිදී සමත් වූ අතර ඔහු පන්දු 346 කදී ලකුණු 242ක් රැස් කළේය.

පසිඳුට අනගි සහයක් දුන් ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 122ක් වාර්තා කළ අතර, දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 250ක සබඳතාවක් පිහිටු වූහ.

ලකුණු සාරාංශය

මහනුවර – දඹුල්ල

මහනුවර පළමු ඉනිම – 276 (ඕවර 72.4) අහන් වික්‍රමසිංහ 64, රොෂාන් ජයතිස්ස 50 (ලක්ෂාන් ගමගේ 19/3, මුර්වින් අබිනාෂ් 40/2, මොහොමඩ් ශිරාස් 49/2) සහ දෙවැනි ඉනිම – 156/4 (ඕවර 42.2) සිතාර ගම්හාන 58 (සොනාල් දිනූෂ 16/2)

දඹුල්ල පළමු ඉනිම – 207 (ඕවර 58.5) (සිතුම් දිසානායක 43/3, නිම්සර අතරගල්ල 53/3, රොෂාන් ජයතිස්ස 36/2)

නුවර දෙවැනි ඉනිම 315 (ඕවර් 93)

සිතාර ගිම්හාන 58, රවීන් යසස් 83

සොනාල් දිනූෂ 50/4

දඹුල්ල දෙවැනි ඉනිම 244 (69.2)

සනෝජ් දර්ශික 53

වනුජ සහන් 47/4, රොෂාන් ජයතිස්ස 64/4

ගාල්ල – යාපනය

ගාල්ල පළමු ඉනිම – 711/9 (ඕවර 172) පසිඳු සූරියබණ්ඩාර 242, ලක්ෂාන් එදිරිසිංහ 122, විෂාද් රන්දික 66, ශෙහාන් ප්‍රනාන්දු 56, සංගීත් කුරේ 49, අතිරේක 62 (ජනිත් ලියනගේ 86/2, කල්හාර සේනාරත්න 145/2)

යාපනය පළමු ඉනිම 480 (134)

ලහිරු මධුසංඛ 83, නිපුන් කරුණායක නොදැවී 76, සන්තුෂ් ගුණතිලක 62, ජනිත් ලියනගේ 65

සංගීත් කුරේ 71/4, සුමින්ද ලක්ෂාන් 103/4

ගාල්ල දෙවැනි ඉනිම

143/1
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment