එල්ලී මිය ගිය මන්නාරමේ ළමයාගේ මරණය ඝාතනයක්

672

මන්නාරමේ ඉලුප්පකඩවෙයි කල්ලියාඩි ගම්මානයේදී ගෙළ වැළලාගෙන මිය ගිය බව කියන දාහතර හැවිරිදි ළමයෙකුගේ මරණය සැක සහිත බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙකු ඊයේ 19 දා අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ළමයා සිය නිවසේ කාමරයක එල්ලි සිටින අන්දම ඔහුගේ මව විසින් දැක ඇති අතර මව පොලීසියට පවසා ඇත්තේ ඔහුට සියදිවි හානි කර ගැනීමට කිසිදු කාරණයක් නොමැති බවයි.

පොලීසියට මව විසින් කරණ ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ළමයා වී මෝලක කුළීකරුවකු ලෙස සේවය කරමින් සිටියදී එහි මුදල් නැතිවීමක් ගැන ඇති වූ සැකයක් මත වී මෝලේ පිරිසක් මොහුගේ නිවසට පැමිණ පහර දී ඇති බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.

ඒ අනුව අත් අඩංගුවට ගත් තරුණයින් හතර දෙනා මේ මස 24 වෙනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්න කිරීමට ඉලුප්පකඩවෙයි පොලීසිය මන්නාරම අධිකරණයෙන් රැදවුම් නියෝගයක් ලබා ගෙන තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment