එල්ලෙන්න ඉඩ දෙන්න මටයි මගේ ගෙලටයි

1569

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන පාර්ශ්වකරුවා වන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ගමන් කළ වාහනයට කුණු බිත්තර සහ ගල් ගැසීමේ සිද්ධියක් ගැන දැනගන්නට තිබේ. මෙය සිදුවී අත්තේ ඔහු ගම්පහ පැවති දේශපාලන රැුස්වීමකට එමින් සිටියදීය. ගම්පහ සිටින ප‍්‍රමුඛ දේශපාලනඥයකු රුපියල් 5000 ක කොන්ත‍්‍රාත් එකක් දී මෙය කරවන ලද්දේලූ!. කවුරු කළත් මේවා හිඟන වැඩය. එමතුද නොව නිවට වැඩය. ලොකුම හිඟන වැඩය වන්නේ රුපියල් 5000 ට මේ වැඬේ කිරීමය. කොන්ත‍්‍රාත් එකට කුණු බිත්තර ගැසූ කණ්ඩායමේ දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ අපරාධ කොන්ත‍්‍රාත් මෙතරම් මිල පහළට බැස්සේ ඇයිදැයි අපි නොදනිමු. සමහරවිට එයට හේතුව කොලිටියක් ඇති අපරාධකරුවන් නොසිටීම විය හැකිය. එසේම දේශපාලන නායකයකුට කුණු බිත්තර ගැසීමට කොන්ත‍්‍රාත්තුවක් ප‍්‍රදානය කළ එකාද අමුම අමු දුබලයෙකි. එසේම ඉදිරියේදී රුපියල් 2500 කටත් මිනී මරණ අපතයන් බිහිවීමට ඉඩ තිබේ. එවිට බුලත් විටක් දී කුණු බිත්තර ගැස්සවිය හැකි තත්ත්වයක් මතුවේ. කුණු බිත්තරයකින් නිකුත් වන්නේ හයිඩි‍්‍රජන් සල්ෆයිඞ් වලින් නිකුත් වන අමු කුණු ගඳය. මෙය ඇෙඟ් ගෑවුනොත් සෑහෙන වෙලාවකට ගඳ නොයයි. කුණු බිත්තර ගැසීමට වරදකරුවන් වන අයට කුණු බිත්තර කන්නට සැලැස්වීමේ වැඩපිළිවෙළක් රජය ක‍්‍රියාත්මක කළ යුතුය.
ඉහත කතාව අතුරු කතාවකි. ඊට අමතරව තවත් බොහෝ කතා තිබුණත් අද අප සාකච්ඡුා කරන්නේ විශේෂ සිද්ධියක් ගැනය. සිය දිවි හානිකර ගැනීමට නීතිමය අවසර ලබාදෙන ලෙසත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නව නීති සකස් කරදෙන ලෙසත් ඉල්ලමින් මාලඹේ පදිංචි නීතිඥයකු වන බී. ඒ. ඩබ්ලිව්. අබේවර්ධන නමැති මහතෙක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාට ලිපි යවා ඇත. නීතිඥ අබේවර්ධන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සේවකයකුව සිටියදී ඉවත් කරන ලදී. ඒ නිසා ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලැබීමේ ණය ජනතාවට ගෙවා ගැනීමට තමන්ට නොහැකි වූ බව ඔහුගේ ලිපියේ සඳහන්ය. ලිපියෙහි ශීර්ෂය වන්නේ ‘ණය ගෙවාගත නොහැකිකම මත සිය දිවි නසා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම’ය. ටිකක් විකට ස්වරූපයක් ඇතත් මෙය සැලකිය යුතු ප‍්‍රශ්නයකි. නීතිඥ අබේවර්ධනගේ ලිපිය අනුව සිය දිවි නසා ගැනීමට ඉඩදෙන නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කරන්නේ නැත. එසේ සම්මත කළැයි කියා අබේවර්ධන සිය දිවි නසා ගන්නේද නැත. අබේවර්ධනගේ ඉල්ලීම කිසියම් සංඛේතයකි. සිය දිවි නසාගැනීම යනු ඉතා දුෂ්කර කාර්යයකි. මෙයට අප‍්‍රමාණ ආත්ම ශක්තියක් හෝ විකල් වූ මානසිකත්වයක් අවශ්‍යය. ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලැබීමට වන්දි ගෙවා ගන්නට බැරි වීමේ සිද්ධියට විසඳුම සිය දිවි නසා ගැනීම බව නීතිඥ අබේවර්ධන අවංකව හිතන්නේ නම් ඒ සඳහා ඔහුට ආණ්ඩුවේ අවසරයක් අවශ්‍ය වන්නේ නැත. අබේවර්ධනගේ ප‍්‍රකාශය නොකෙරෙන වෙදකමක් වුවද එමගින් සමාජ කතිකාවක් නිර්මාණය කළ හැකිය. සාමාන්‍යයෙන් කිසිම සමාජයක් විසින් සිය දිවි නසාගැනීම ප‍්‍රවර්ධනය කරනු නොලැබේ. මිනිස්සු විවිධ ක‍්‍රමවලට දිවි නසා ගනිති. සමහරු කෝච්චියට පනිති. සමහරු එල්ලී මැරෙති. තවත් අය ගෙඟ් මුහුදේ පනිති. සෙස්සෝ එක්කෝ වස හෝ ඇසිඞ් බොති; නොඑසේ නම් ගිනි තබා ගනිති. ඉතා කලාතුරකින් හිසට වෙඩි තබා ගන්නා අයද වෙති. මේ සියල්ල ඉතා වේදනාකාරීය. ගෙල වැලලා ගැනීමට යෑමේදී කඹේ කඩාගෙන වැටුනොත් එල්ලූන එකාගේ කොන්ද කැඬේ. වස හෝ ඇසිඞ් බොන එකා මිය යන්නේ පැය කිහිපයක් තිස්සේ අපාගත දුකක් විඳීමෙන් පසුවය. සිරුරට ගිනි තබා ගැනීමේද විශාල වෙනසක් නැත. එමගින් හටගන්නා දැවිල්ල ලොව අන් කිසිදු දැවිල්ලකට සමකළ නොහැකි බව කියනු ලැබේ. ඉස්සර දිවි නසා ගැනීමට තැත්කිරීම වරදකි. එම වරද කළ එකාගේ ඇඟ බඳිනු ලැබේ. අපට දැනගන්නට ලැබී ඇති පරිදි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී සිය දිවි නසාගැනීමේ නීතිය සංශෝධනය විය. ඒ අනුව සිය දිවි නසා ගැනීමට තැත් කර මරණයෙන් බේරුණු එකාට විරුද්ධව නීතිය මගින් දඬුවම් කරනු නොලැබේ. එල්ලෙන එකා කඹේ කඩාගෙන බිම වැටුනොත් කොන්ද කැඞී යෑමම ප‍්‍රමාණවත් දඬුවමකි. ගිනි තබා ගැනීම, වස බීම වැනි ප‍්‍රයත්න වලින් බේරුණු අයටද තවදුරටත් නීති මගින් දඬුවම් කිරීමේ අවශ්‍යතාවක් නැත. දඬුවම් නොලැබෙනවා යැයි කියා කිසිවෙක් සිය දිවි නසාගත යුතු නැත. ජීවත්ව හිටියොත් කවර හෝ ගේමක් ගසා ප‍්‍රශ්නය විසඳිය හැකි බව නීතිඥ අබේවර්ධනට අපි කියමු. නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීමේ අමාරුව ඔතරම්ම තදට තිබේ නම් උදැල්ලක් ගෙන පුරන් වූ කුඹුරකට බැස එය අස්වද්දා සහල් නිපදවා ඒවා ජනතාවට නොමිලේ බෙදාදීම වැනි යමක් මේ උගත් නීතිඥයාට කළ හැකිය. සමහරවිට අබේවර්ධන එවැන්නක් නොකරනවා ඇත්තේ පොහොර අර්බුදය නිසා බව අපගේ සැකයයි. නීතියට අනුව සැකයේ වාසිය විත්තියටය.

advertistmentadvertistment
advertistmentadvertistment