එල්.පී.එල්. කණ්ඩායම් සංචිත තෝරයි – මැතිව්ස්, චන්දිමාල්, ධනංජය සහ කුසල් පෙරේරා අතහැර

1641

ලංකා පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා කී‍්‍රඩකයින් තෝරා ගැනීම  (Player Draft)  මතභේදාත්මක තෝරා ගැනීම් කිහිපයක් සමගින් පෙරේදා (09 වැනිදා) රාති‍්‍රයේදී අවසන් විය. එ් අනුව එහිදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප‍්‍රබල කී‍්‍රඩකයින් කිහිපදෙනකු අතහැර අදාළ කණ්ඩායම් පහේ සංචිත තෝරා ගැනීමට කණ්ඩායමේ හිමිකරුවන් කි‍්‍රයා කිරීම විමතියට කරුණක් බවට මේ වනවිට පත්ව තිබේ.

කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගත් කී‍්‍රඩකයින් අතර ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ෂිරාන් ප‍්‍රනාන්දු, සධීර සමරවික‍්‍රම, ප‍්‍රවීන් ජයවික‍්‍රම, කසුන් රාජිත සහ ඕෂධ ප‍්‍රනාන්දු යන කී‍්‍රඩකයින් ඇතුළත්ව සිටී. එ් අනුව මෙම කී‍්‍රඩකයින් නොමැතිව මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් සංචිත තේරීම හාස්‍ය ජනක කරුණක් වී ඇති අතර කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් කෙටුම්පතට ලියාපදිංචි වී සිටියද ඔහුගේ නම කෙටුම්පතට ඇතුළත් නොවී තිබීමද විමතියට කරුණක් බවට පත්ව තිබේ.

කරුණු එසේ වෙත්දී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගත් සහ වයස්ගත දේශීය මෙන්ම විදේශීය කී‍්‍රඩකයින් කිහිප දෙනකුම මෙවර තරගාවලියට ඇතුළත්ව තිබේ. එ් අනුව උපුල් තරංග සහ තිසර පෙරේරා ජැෆ්නා

කිංග්ස් කණ්ඩායම මගින් සහ ඉසුරු උදාන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මගින් මිලදී ගෙන තිබේ. මීට අමතරව පසුගිය එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුල කඩ කළ වරදට තරග තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකව මෙවර ගාල්ල කණ්ඩායම මගින් සිය කණ්ඩායමේම රඳවා ගත් අතර නිරෝෂන් දික්වැල්ල දඹුල්ල කණ්ඩායම මගින් මිලදී ගෙන තිබේ.

තෝරාගත් එක් කණ්ඩායම් සංචිතයක් සඳහා විදෙස් කී‍්‍රඩකයින් 6 දෙනකු සහ දේශීය කී‍්‍රඩකයින් 14 දෙනකු ඇතුළත්ව සමස්ත කී‍්‍රඩකයින් 20ක් ඇතුළත්ව සිටී.

මෙම කී‍්‍රඩක තෝරා ගැනීම් වෙනුවෙන් කණ්ඩායම් හිමිකරුවන් හා පුහුණුකරුවන් සහභාගි වී සිටි අතර ලංකා පි‍්‍රියමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලන අංශ ප‍්‍රධානී අරුණ ද සිල්වා, ශී‍්‍ර ලංකා දේශීය කි‍්‍රකට් අංශ ප‍්‍රධානී චින්තක එදිරිමාන්න, ¥ෂණ මර්දන අංශ ප‍්‍රධානී තේජක වනිගසේකර යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

ජැෆ්නා කිංග්ස්

තිසර පෙරේරා, වනිඳු හසරංග, අවිශ්ක ප‍්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත් වියස්කාන්ත්, වහබ් රියාස්, ෆෆ් ඩුප්ලෙසිස්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රානමල්ලා ගුර්බාස්, ජෙඩින් සීල්ස්.

අතිරේක – දේවින්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික, රත්නරාජ් තේනුරාදන්, කි‍්‍රෂාන් සංජුල.

කළම්බු ස්ටාර්ස්

දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මුණවීර, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප‍්‍රසන්න, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී. එම්. සම්පත්, නුවනිඳු ප‍්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, කි‍්‍රස් ගේල්, අහමඞ් ශේෂාඞ්, මොහොමඞ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඞ්, මන්පි‍්‍රට් සිං.

අතිරේක – මලිඳු මදුරංග, නලීන් ප‍්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්.

ගෝල් ග්ලැඩියේටර්ස්

ඉසුරු උදාන, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, පුලින තරංග, නුවන් තුෂාර, ළහිරු මදුසංක, දිල්ෂාන් මදුසංක, අෂේන් ඩැනියෙල්. මොහොමඞ් හෆීස්, ටැබ්රයිස් ශම්සි, මොහොමඞ් අමීර්, සමිත් පටේල්, සෆ‍්‍රාස් අහමඞ්, අන්වර් අලී.

අතිරේක – කෙවින්

කෙත්තිගොඩ, මොහොමඞ් ශමාස්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජලෝ ජයසිංහ.

කැන්ඩි වොරියර්ස්

චරිත් අසලංක, ළහිරු කුමාර, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, ඉෂාන් ජයරත්න, බිනුර ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන් සිරිවර්ධන, රොවිමන් පවෙල්, කැමරන් ඩෙල්පොට්, මොහොමඞ් මිතුන්, නස්මුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, අම්ජාඞ් කාන්.

අතිරේක – නිමේෂ් මිමුක්ති, උදාර ජයසුන්දර, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න.

දඹුල්ල ජයන්ට්ස්

දසුන් ශානක, චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප‍්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, තරඳු රත්නායක, ළහිරු උදාර, සෂා ද අල්විස් සෙනෙවිරත්න, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, ඉම්රාන් තහීර්, රයිල් රොසව්, ෂොයිබ් මක්සූඞ්, ඔඩියන් ස්මිත්, ජොෂ් ලිටිල්, නිජබුල්ලා සඞ්රාන්.

අතිරේක- සචිත ජයතිලක, මදුෂාන් රවිචන්ද්‍රන්කුමාර්, ජනිත් ලියනගේ, චාමිකර එදිරිසිංහ

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment