එල්.පී.එල්. වෙන්දේසියේ සල්ලි මලු ඉගිලේ

223

මතීෂගේ වේගය වාර්තා බිඳියි

මතීෂට ඩොලර් 120,000 (රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක්)

ඉසුරු උදානට ඩොලර් 100000 (රුපියල් කෝටි තුනක්)

දසුන් ශානකට ඩොලර් 85000 (රුපියල් කෝටි දෙකහමාරක්)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයකු අලෙවි වූ ඉහළම වටිනාකමේ වාර්තාව වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ඉදිරියේ ඊයේ (21 වැනිදා) කොළඹ දී සටහන් වූයේය.

කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ පැවති එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසකට (120000) එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනහමාරකට ඉහළ අගයක් මතීෂ වෙත ලබා දෙන ලදි.

පසුගිය වර පැවති එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ශාන් මධුසංඛ ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනක ආසන්න මුදලකට මිලදී ගත් අතර මතීෂ හමුවේ මෙවර එම වාර්තාව බිඳී ගියේය.

මතීෂට පසුව වැඩිම වටිනාකමක් හිමිවූ ක්‍රීඩකයා වූයේ ඉසුරු උදානයි. ඔහු ඩොලර් ලක්ෂයක මුදලකට එනම් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලකට ගෝල් මාවල්ස් මිලදී ගත්තේය.

දසුන් ශානක ඩොලර් 85000කට බී ලව් කැන්ඩි කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි.

මෙවර වෙන්දේසියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩකයන් විසිහතර දෙනා බැගින් මිලදී ගත් අතර ගෝල් මාවල්ස් සහ කැන්ඩි බි ලව් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් විසි දෙදෙනා බැගින් මිලදී ගත්හ.

කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ක්‍රීඩකයන් 20 ක් මිලදී ගත්තේය.

මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස ඩොලර් අසූ දහසකට ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක කරීම් ජනට් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 420ක් ඉදිරිපත් කර තිබූ අතර වෙන්දේසිය වට 18කින් යුක්ත විය.

මෙම වෙන්දේසිය ප්‍රකට වෙන්දේසිකරු චාරු ශර්මා විසින් මෙහෙයවන ලදි.

ඩොලර් දසදහසකට වැඩි මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් සහ ඔවුන් මිලදී ගත් කණ්ඩායම් මෙසේය.

ලක්ෂාන් සඳකැන් ඩොලර් 20000 බී ලව් කැන්ඩි,

වනුජ සහන් ඩොලර් 10,000 ජැෆ්නා කිංග්ස්

අසේල ගුණරත්න ඩොලර් 11000 දඹුල්ල තන්ඩර්ස්

ළහිරු මධුසංක ඩොලර් 20000 දඹුල්ල තන්ඩර්ස්

ආසම් ඛාන් ඩොලර් 50,000 බී. ලව් කැන්ඩි

අගා සල්මාන් ඩොලර් 10,000 බී ලව් කැන්ඩි

මුජීබ් උර් රහ්මාන් ඩොලර් 50,000 ගෝල් මාවල්ස්

ජෙෆ්රි වැන්ඩර්සේ ඩොලර් 30,000 ගෝල් මාවල්ස්

පැතුම් නිස්සංක ඩොලර් 40000 ජැෆ්නා කිංග්ස්

කසුන් රාජිත ඩොලර් 26000 බී-ලව් කැන්ඩි

නිෂාන් මධුෂ්ක ඩොලර් 10000 ජැෆ්නා කිංග්ස්

හේදර් අලි ඩොලර් 25000 දඹුල්ල තන්ඩර්ස්

අශේන් බණ්ඩාර කැන්ඩී බී ලව් ඩොලර් 28,000

දිනේෂ් චන්දිමාල් කැන්ඩි බී ලව් ඩොලර් 40,000

දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ ජැෆ්නා කිංග්ස් ඩොලර් 60,000

ජනිත් ලියනගේ ඩොලර් 36,000 ගෝල් මාවලස්

ඩුවෙන් පිස්ටෝරියස් ඩොලර් 30,000 ගෝල් මාවලස්

ෆේබියන් ඇලන් ඩොලර් 32,000 ජැෆ්නා කිංග්ස්

ධනංජය ද සිල්වා ඩොලර් 50,000 ජැෆ්නා කිංග්ස්

චාමික ගුණසේකර ඩොලර් 10,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

දුනිත් වෙල්ලාලගේ ඩොලර් 50,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

රමනුල්ලාහ් ගුර්බාස් ඩොලර් 50,000 කළම්බු ස්ටයිකර්ස්

ලහිරු උදාර ඩොලර් 14,000 දඹුල්ල තන්ඩර්ස්

ටස්කින් අහමඩ් ඩොලර් 50,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

ළහිරු කුමාර ඩොලර් 30,000 ගෝල් මාවලස්

ප්‍රමෝද් මධුෂාන් ඩොලර් 20,000 ජැෆ්නා කිංග්ස්

ප්‍රභාත් ජයසූරිය ඩොලර් 10,000 ගෝල් මාවලස්

අකිල ධනංජය ඩොලර් 20,000 දඹුල්ල තන්ඩර්ස්

ශෝන් විලියම්ස් ඩොලර් 20,000 ගෝල් මාවලස්

දසුන් ශානක ඩොලර් 85,000 බී ලව් කැන්ඩි

ඇන්ජලෝ පෙරේරා ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

ශෙවෝන් ඩැනියල් ඩොලර් 15,000කට කළම්බු ස්ට්‍රයිකර්ස්

ධනුෂ්ක ගුණතිලක ඩොලර් 22,000 දඹුල්ල තන්ඩර්ස්

ඉෆ්තිකාර් අහමඩ් ඩොලර් 50,000 දඹුල්ල තන්ඩර්ස්

නුවනිඳු ප්‍රනාන්දු ඩොලර් 34,000 දඹුල්ල තන්ඩර්ස්

දිමුත් කරුණාරත්න ඩොලර් 10,000 බී ලව් කැන්ඩි

ජේසන් බෙරෙන්ඩ්‍රෝෆ් ඩොලර් 50,000 ජැෆ්නා කිංග්ස්

බිනුර ප්‍රනාන්දු ඩොලර් 55,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

නුවන් ප්‍රදීප් ඩොලර් 36,000 දඹුල්ල තන්ඩර්ස්

ගරුක සංකේත් ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

මතීෂ පතිරණ ඩොලර් 120,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

අසිත ප්‍රනාන්දු ඩොලර් 40,000 ජැෆ්නා කිංග්ස්

සහූර් ඛාන් ඩොලර් 10,000 ගෝල් මාවලස්

මල්ෂ තරුපති ඩොලර් 25,000 ගෝල් මාවලස්

මොහොමඩ් ශිරාෂ් ඩොලර් 10000 කළම්බු ස්ට්‍රයිකර්ස්

මොහොමඩ් හසනායින් ඩොලර් 30,000 කැන්ඩි බී ලව්

ලහිරු සමරකෝන් ඩොලර් 13,000 ජැෆ්නා කිංග්ස්

මුජිබර් රහ්මාන් ඩොලර් 50000 ගෝල් මාවලස්

ඉසුරු උදාන ඩොලර් 100,000 ගෝල් මාවලස්

මුහමඩ් වසීම් ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්

ඇලෙක්ස් රොස් ඩොලර් 20,000 ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

හසර්තුල්ලාහ් සායි ඩොලර් 50000 දඹුල්ල තන්ඩර්ස්

ධනංජය ලක්ෂාන් ඩොලර් 10,000 ගෝල් මාවලස්

චතුරංග ද සිල්වා ඩොලර් 30,000 කැන්ඩි බී ලව්

කරිම් ජනට් ඩොලර් 80,000 දඹුල්ල තන්ඩර්ස්

අල්ලා මොහොමඩ් ඩොලර් 10000 කළම්බු ස්ට්‍රයිකර්ස්

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment