එල් සී විවෘත කර දෙනවා නම් ඉල්ලූමට සරිලන පරිදි නියම ප‍්‍රමිතියේ ගෑස් ගේනවා – ලාෆ් සභාපති කියයි

151

ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (එල්සී) විවෘත කර දෙන්නේ නම් රටේ සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලමින් ඉල්ලූමට සරිලන පරිදි ගෑස් ගෙන ඒමට තම සමාගම සූදානම් යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මෙරට පාරිභෝගිකයින් මසකට ගෑස් මෙටි‍්‍රක් ටොන් 45,000ක් 50,000ක් පමණ පාවිච්චියට ගන්නා බවත් ඒ සම්පූර් ගෑස් අවශ්‍යතාව සපුරාලීමට සිටින ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ගෑස් ලබාගෙන අවශ්‍ය නම් ලිට්‍රෝ සමාගමටද ඒවා ලබාදීමට තමාට හැකියාව ඇතැයි වෑගපිටිය මහතා කීය.

මේ වන විට රටේ ඩොලර් හි`ගය නිසා තම සමාගමට අවශ්‍ය වන ගෑස් ප‍්‍රමාණය මෙරටට ගෙන ඒමට නොහැකි වී ඇතැයි ද රජය මැදිහත්වී අදාළ ඩොලර් මුදාහැර එල්. සී. විවෘත කර දෙන්නේ නම් නියම ප‍්‍රමිතියෙන් යුත් ගෑස් මෙරටට ගෙනත්දීමට තමා සූදානම් යැයිද වෑගපිටිය මහතා සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම මගින් මෙරටට

ගෙනැවිති තිබෙන ගෑස් නෞකා දෙකක තිබෙන ගෑස්වල එතිල් මර්කැප්ටන් සංයුතිය නිසි පරිදි නොමැති නිසා එම ගෑස් ගොඩබෑම ප‍්‍රතික්‍ෂේප කිරීමට පාරිභෝගික අධිකාරිය මේ වනවිට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙටි‍්‍රක් ටොන් 3700කින් යුත් ගෑස් අඩංගු නෞකාවක් සහ මෙටි‍්‍රක් ටොන් 3200කින් යුත් තවත්

ගෑස් අඩංගු නෞකාවක් වරායේ සිරවී තිබේ.

මේ හේතුව නිසා රට තුළ බරපතළ ගෑස් හිගයක් නිර්මාණය වී තිබෙන අතර ඉදිරි දිනවලදී ගෑස් හිගය තවත් උග‍්‍ර වනු ඇතැයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment