පොල්ගෙඩියක් රුපියල් 160 – 170ත් අතර මිල ඉහළ යෑම නිසා ඉන් වැඩි වාසි ලබාගැනීමට හෝටල් හිමියෝ වැඩි පිරිසක් යොමු වී සිටිති.
මේ අතර බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් ආප්ප – බිත්තර ආප්ප මෙන් කේක් වර්ගවල මිල ද ඉහළ ගොස් තිබේ.
මේ පිළිබඳව බේකරි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ තම සංගමයේ දැනුම් දීම් අනුව කටයුතු කිරීමට බේකරි ව්‍යාපාරිකයන් ක්‍රියා කළ ද හෝටල් සංගමය කරන ප්‍රකාශ ඇතැම් හෝටල් හිමියන් පිළිනොගන්නා බවයි. ඒ හේතුවෙන් හෝටල් හිමියන් අධික මිල ගණන්වලට ආහාර පාන අලෙවි කරන බවද හෙතෙම පැවසීය.
අමුද්‍රව්‍ය මිල අධික වුවද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව ජයවර්ධන මහතා කීය.
නෝමන් පලිහවඩන