නේපාලයේ පැවැත්වීමට නියමිත 2021 එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන් 8 දෙනකු සහභාගි වීමට නියමිතව ඇති බවට වාර්තා වේ. එ් අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගිය උපුල් තරංග, ධම්මික ප‍්‍රසාද් ඇතුළුව සීකුගේ ප‍්‍රසන්න, අසේල ගුණරත්න, ඕෂධ ප‍්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ සහන් ආරච්චි ඊට ඇතුළත්ව තිබේ.
2021 එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් ද කී‍්‍රඩා කිරීමට නියමිතව තිබුණද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත්ව ඇති හෙයින් චන්දිමාල් ඉන් ඉවත් වී තිබේ.
එවරස්ට් ප‍්‍රිමියර් ලීග් තරගාවලිය 2016 වසරේදී ආරම්භ කෙරුණු අතර 2018 වසරේදී එය අවසන් වරට පැවැත්විණි. එ් අනුව තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 3කට පසුව වේ.
|