එස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති

75

අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තනුක දාබරේගේ නායකත්වයෙන් යුත් ඒස් කැපිටල් ක්‍රීඩකයෝ දිනා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයක් ලබාගැනීමට කැපිටල් කණ්ඩායම සමත් විය. කුසලානට අමතරව මුදලින් ලක්‍ෂ 30ක මුදලක් ද හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම පසුගිය (11දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 ක තෑගි මල්ලකටද හිමිකම් කීහ.

එස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 45.5 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස්කර ගැනීමට සමත්විය. එම ඉලක්කය හඹා ගිය ඒස් කැපිටල් පිතිකරුවෝ ඉලක්කය පන්දු 5 ක් සහ කඩුලු 4ක් ඉතිරිව තිබියදී රැස්කර ගැනීමට සමත්විය.

ඒස් කැපිටල් පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ සම්මු අශාන් පන්දු 111ක දී නොදැවී ලකුණු 97ක් ලබා ගත්තේ විශිෂ්ට පිතිහරඹයක නියැළෙමිනි. එතරම් කලබලයක් නොදැක්වූ සම්මු තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගත්තේය. ලකුණු හඹා යෑම ආරම්භයේදී පිට පිට පන්දු 2ක දී හිරාන් ජයසුන්දර සහ පවන්ත වීරසිංහ දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක්වූ තනුක දාබරේ සහ රවීන් ද සිල්වා ලකුණු 59ක සම්බන්ධතාවක් පැවැත්වූහ. දාබරේගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සම්මු අශාන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රවීන් ද සිල්වා සමග ලකුණු 80ක සම්බන්ධතාවකුත්, සකුන ලියනගේ සමග 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සම්බන්ධතාවකුත්, පැවැත්වූහ. වටිනා ඉනිම් ක්‍රීඩා කළ රවීන් ද සිල්වා ලකුණු 38 කුත් සකුන ලියනගේ ලකුණු 25 කුත් රැස් කළහ. ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රවිඳු රත්නායක පන්දු 7 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 22ක් වාර්තා කරමින් ඒස් කැපිටල් ඉනිමේ පසු පෙළ ශක්තිමත් කළේය.

සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ලකුණු 80ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව ලසිත් කෲස්පුල්ලේ ලකුණු 33ක් සහ අන්ජල බණ්ඩාර 29ක් වාර්තා කළහ.

මෙම අවසන් මහා තරගයේදී පිතිහරඹයට අමතරව පන්දු යවමින් ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගත් සම්මු අශාන් අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට එම කුසලාන සමග මුදලින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් හිමිවිය.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නිගම්බු කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර සම්මා දිනා ගත්තේය. ඔහු තරග 8කදී කඩුලු 16ක් බිඳ හෙළමින් දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලාන සමග මුදලින් ලක්ෂ 10ක මුදලකට ද හිමිකම් කීවේය. දක්ෂතම පිතිකරුවා ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජයෙ ක්‍රිෂාන් සංජුල සම්මාන දිනා ගත්තේය. ඔහු තරග 7කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.4 ක් රඳවා ගනිමින් ලකුණු 347ක් ලබා ගනිමින් එම සම්මානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10ක තෑගි මුදල ද දිනා ගත්තේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා පිදෙන සම්මාන ඒස් කැපිටල් නායක තනුක දාබරේ විසින් දිනා ගනු ලැබීය. ඔහු පන්දු යවමින් කඩුලු 14 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 221 ක් රැස්කර

ගනිමින් එම වටිනා සම්මානය හිමිකර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට පිරිනැමුණු මුදල රුපියල් ලක්ෂ 15 ක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනන විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානයේදී ශූරතාව දිනූ ඒස් කැපිටල් පිලට ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30ක මුදලක් ද අනුශූරතාවට පත් සී.සී.සී. ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද හිමිවිය.

ලකුණු සාරාංශය

සී.සී.සී. පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 251 යි

ලසිත් කෲස්පුල්ලේ 33, අන්ජල බණ්ඩාර 29, සොනාල් දිනූෂ 27, චමිඳු විජේසිංහ 23, අශාන් ප්‍රියන්ජන් 15, ඉසුරු උදාන 80, ලක්ෂාන් සඳකැන් 15, නිම්සර අතරගල්ල 55/3, වනුජ සහන් 47/3

ඒස් කැපිටල් පන්දුවාර 49.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 254 යි –

සම්මු අශාන් 97, සකුන ලියනගේ 25, රවිඳු රත්නායක 22 , රවීන් ද සිල්වා 38, තනුක දාබරේ 48, ඉසුරු උදාන 47/2, සොනාල් දිනූෂ 32/2”

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment