එළවළු මිල බහී

187

පසුගිය දිනවල ශීග‍්‍ර ලෙස ඉහළ ගිය එළවළු මිලෙහි අඩුවක් මේ වනවිට දක්නට ඇතැයි වෙළෙන්දෝ පවසති.

දඹුල්ල, කැප්පෙට්ටිපොල, නුවරඑළිය ඇතුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම, පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණය ඇතුළු දිවයිනේ අනෙකුත් සතිපොළවලද එළවළු මිල පහත බැස ඇතැයි ඔවුහු පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා මෙසේ පැවසීය.

පසුගිය දිනවල එළවළු කිලෝව රුපියල් 350න් එහා තිබුණේ. නමුත් මේ වෙනකොට එළවළු මිල පහත බැහැලා. බෝංචි කිලෝවක් රුපියල් 130යි, වට්ටක්කා කිලෝවක් රුපියල් 30 – 40ත් අතර මිලක් වෙන්නේ. වැටකොලූ රුපියල් 100යි. 120යි. පිපිඤ්ඤා රුපියල් 35 – 40යි. කැරට් කිලෝවක් රුපියල් 220යි. බණ්ඩක්කා රුපියල් 100යි. අනෙකුත් එළවළුත් මිල පහත බැහැලා.

මෙලෙස ආපු එළවළු ඔක්කොම විකුණුණා. වෙනදාට දවසකට එළවළු කිලෝ ලක්ෂ 40ක් 50ක් ලැබෙනවා. ඒක දැන් ලැබෙන්නේ කිලෝ ලක්ෂ 4 1/2 ක් වගේ. කොහොම වුණත් වැස්සත් එක්ක ගොවියන් එළවළු වගා කරලා ඇති බව පැහැදිලියි.

පෑලියගොඩ මැණින් පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පීරිස් මහතා මෙසේ කීය.

පෑලියගොඩ මැනිං මාකට් එකේ

පසුගිය දවස් ටිකේ එළවළු මිල වැඩියි. ඒත් දැන් එළවළු මිල පහත බැහැලා. ලීක්ස් කිලෝවක් රුපියල් 220 – 230 යි, කැරට් 200 -220යි, බීට් 160 – 170යි, බෝංචි 230 – 250යි, ගෝවා 250යි – 260යි. බණ්ඩක්කා 100 – 120යි, වැටකොලූ 180 – 200යි වගේ මිලකට තමයි අලෙවි කරන්නේ. හැබැයි අමුමිරිස් දෙහි තක්කාලි මිල වැඩියි. දෙහි කිලෝවක් රුපියල් 350යි. අමුමිරිස් 300 යි. තක්කාලි 330 – 350යි.

අපිට ලැබෙන එළවළු ප‍්‍රමාණය ද අඩුවෙලා තියෙනවා. සමහරවිට වැස්ස බලපාල ඇති.

කෙසේ වෙතත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට ඊයේ පැමිණි තොග වෙළෙඳුන් එහි කළමනාකරණය සඳහන් කරන මිල ගණන්වලට එළවළු තොග නැති බවටද චෝදනා කර සිටියහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, නිරෝෂා වාසල සහ නිමල් ගුණතිලක – මාතලේ විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment