එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා  ජනපති බයිඩන්ට පමණක් ‘බීස්ට්’ රථය භාවිත කිරීමට අවසර දෙයි ගෞරව දැක්වීමේ පෝලිම සැතපුම් 5ක් දිගයි

501

අවමංගල්‍යය දා ලොව විශාලතම ආරක්ෂක මෙහෙයුම – ඔපරේෂන් ලන්ඩන් බි්‍රජ් ලෝක ඉතිහාසයේ මෙතෙක් දියත් නොකළ විශාලතම ආරක්ෂක මෙහෙයුම් දැන් ලන්ඩන් නුවරදී ක්‍රියාත්මක වේ.

එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා  ජනපති බයිඩන්ට පමණක් ‘බීස්ට්’  රථය භාවිත කිරීමට අවසර දෙයි ගෞරව දැක්වීමේ පෝලිම සැතපුම් 5ක් දිගයි

ඔපරේෂන් ලන්ඩන් බි්‍රජ් නමැති මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ එළිසබත් රැජිනගේ අවමංගල්‍ය සැප්තැම්බර් 19 දා පැවැත්වෙන නිසාය.

එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා  ජනපති බයිඩන්ට පමණක් ‘බීස්ට්’  රථය භාවිත කිරීමට අවසර දෙයි ගෞරව දැක්වීමේ පෝලිම සැතපුම් 5ක් දිගයි

අවමඟුලට සහභාගීවන රාජ්‍ය නායකයන් වෙනුවෙන් නීතිරීති රැසක් පනවා ඇතත් ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ට වෙස්ට් මිනිස්ටර් ශාලාවට පැමිණීමට සිය බීස්ට් නැමැති වාහනයට අවසරය ලැබී ඇත.

එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා  ජනපති බයිඩන්ට පමණක් ‘බීස්ට්’  රථය භාවිත කිරීමට අවසර දෙයි ගෞරව දැක්වීමේ පෝලිම සැතපුම් 5ක් දිගයි

අඟල් අටක සන්නාහ ආවරණයෙන් යුත් මෙම රිය රසායනික සහ ජීව විද්‍යාත්මක ප්‍රහාරවලට ඔරොත්තු දේ.

එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා  ජනපති බයිඩන්ට පමණක් ‘බීස්ට්’  රථය භාවිත කිරීමට අවසර දෙයි ගෞරව දැක්වීමේ පෝලිම සැතපුම් 5ක් දිගයි

එහි ටයර්වලට වෙඩි තබනු ලැබුවොත් ඉදිරියටම පදවාගෙන යා හැකිය. ඩොලර් මිලියන 1.5ක් වටිනා මෙම රියේ විශේෂ සන්නිවේදන පද්ධතියක් ඇත.

 විදුරු ද වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දේ.

 බිස්ට් ඊයේ ඇති විශේෂාංග රැසක් අනාවරණය වී නැත.

 මේ අතර ප්‍රංශ ජනපති මාර්කෝන්, ඊශ්‍රායල් අගමැති හර්ගෝස් සහ ජපන් තනරෝස් අධිරාජයා තමන්ගේ ප්‍රවාහන සේවාවක් භාවිත කරන බව හෙළි වී ඇත.

 එළිසබත් රැජිනගේ දේහය එඩින්බර්ග් සිට බි්‍රතාන්‍ය නොත්පොල්ට් හමුදා ගුවන්තොටුපළට ගෙන එනු ලැබුවේ සී – 5 ග්ලොබ්මාස්ටර් යානාවකින්ි. මෙ අවස්ථාවේ අගමැතිනි ලිසා සහ ආරක්ෂක ඇමැති බෙන් ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

 ඇඟේ දේහය බකිංහැම් මාලිගයට ගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් වර්ෂාව නොතකා මහමඟ රැස්ව සිටියහ.

 බකිංහැම් මාලිගයේ දොරටුව අසල එක්වී සිටි වැඩිහිටි පිරිස් කඳුළු සැලූ බව බි්‍රතාන්‍ය මාධ්‍ය කියා සිටී.

 අද සිට ඇඟේ දේහය සිවු දිනක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනු ඇත.

 මේ අතර එළිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ නාම ලේඛනය බි්‍රතාන්‍ය රජය ආරක්ෂක හේතුන් මත හෙළි කර නැත.

 මේ වනවිට ස්ථිරව අවමංගල්‍ය උත්සවයට පැමිණෙන බව දක්වා ඇත්තේ ප්‍රංශ, ඇමරිකාව, ජපන් සහ ඊශ්‍රායල් නායකයන් පමණකි.

 රුසියාව සහ චින නියෝජනය කරන පාර්ශ්ව මෙතෙක් හෙළි කර නැත.

 එළිසබත් රැජිනට ගෞරව දැක්වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රකට අයිෆල් කුලුනේ විදුලි ආලෝකය ද නිවා දමා ඇත.

 එළිසබත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය අවමංගල උත්සවයක් ලෙස පැවැත්වෙන අතර 1965 දී එවන් උත්සවයකට වැය වූයේ ස්ටර්ලින් පවුම් මිලියන 4 කි. මේ අතර එළිසබත් රැජිනට ගෞරවය දැක්වීම සඳහා ලන්ඩන් නුවර සැතපුම් 5ක් දුරට පෝලිමක් ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත කියා සිටී.

 එසේම මෙතෙක් කිසිදු රාජ්‍ය නායිකාවකට නොලත් ජනප්‍රසාදයක් එළිසබත් රැජිනට තිබූ බවට තහවුරු වන්නේ යැයි බි්‍රතාන්‍ය මාධය හෙළි කර ඇත.

 මේ අතර බි්‍රතාන්‍ය මාධ්‍ය එළිසබත් රැජනගේ අවමංගල්‍යයට මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයකුට ලබා නොදුන් විශාල ප්‍රචාරයක් ලබා දී තිබේ.

 මෙයට පෙර එවන් ප්‍රචාරයක් ලැබුණේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල්ට පමණි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment