එළුවාගේ අං පහර සිඟිත්තාගේ පණනළ උදුරාගනී

310

වවුනියාවේ පූවරසන්කුලම, පම්පෙයිමඩු ප‍්‍රදේශයේ නිවසක ඉදිකොට තිබූ එළු ගාලක බිත්තියක් කඩා වැටීම නිසා වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවකු එම බිත්තියට යට වී මියගොස් තිබේ.

එළු ගාලේ දමා සිටි එළුවකු කුලප්පු වී බිත්තියට ඇනීම නිසා අළුතින් ඉදි කළ බිත්තිය කඩා වැටී ඇති බව පුවරසන්කුලම පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුජන්තන් ක‍්‍රිෂාන් නැමති දරුවකු වන අතර ඔහු බිත්තියට යට වීමෙන් පසුව වවුනියාව මහ රෝහල වෙත රැුගෙන ගොස් ඇතත් පසුව එම දරුවා මියගොස් තිබේ. වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment