ජනසතු සේවා ලීග් හොකී තරගාවලිය
කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු ජනසතු සේවා ලීග් හොකී තරගාවලියට එක්වූ ප්‍රතිවාදී සියලුම කණ්ඩායම් අභිබවමින් “ඒ” කොටසේ ශූරතාව තහවුරුකර ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත් විය.
මෙවර අනු ශූරතාව වරාය අධිකාරිය සතු විය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ වරාය අධිකාරිය අතර පැවති තීරණාත්මක අවසාන තරගයේ දී ගෝල් 04 – 00 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රාහී පිල වෙනුවෙන් කැපී පෙණුනු අසංක රන්දිල් (01), ශ්‍රීයංගික ප්‍රේමරත්න (01), එම්. රන්මණ්ඩල (01) සහ මොහොමඩ් නසාර් (01) බැගින් ගෝල් රැස් කිරීමට සමත් වූහ.
මෙවර තරගාවලියේ “බී” කොටසේ ශූරතාව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දිනා ගන්නා අතර වාරයේ දී ලංකා බැංකුවට අනු ශූරතාව හිමි විය.
ජනසතු සේවා හොකී සංගමය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව 06 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර