ඓතිහාසික උරුමය සුරැකීමේ ජාතික සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් පණ්ඩිත් අමරදේවයන් අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන උත්සවයක් දෙසැම්බර් මස 07 වැනි ශනිදා දින පස්වරු 02.00ට අතුරුගිරිය පාර, අරංගල, අංක 166 දරන වානගුරු උත්සව ශාලාවේදී පැවැත් වෙයි.
අනුස්මරණ දේශනය කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනය අංශ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන් විසින් සිදු කරනු ඇත.
‘අනභිභවනීය ගායක සම්මානීය ආචාර්ය පණ්ඩිත් අමරදේව අනුස්මරණය’ ලෙස වැඩසටහන නම් කර තිබේ. තවද බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය සහ ඓතිහාසික උරුමය සුරැකීමේ ජාතික සංවිධානය එක්ව සංවිධානය කළ 2024 ළමා සාහිත්‍ය චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහී දරුවන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද එදින සිදු කරන බව ඓතිහාසික උරුමය සුරැකීමේ ජාතික සංවිධානයේ නිර්මාතෘ අනුරුද්ධ සඳරුවන් මුතුගම මහතා පැවසීය.
තවද ඉඳුනිල් දික්හේන මහතා විසින් පද රචනය කරන ලද විශාරද නඳුන් හෙට්ටිආරච්චි මහතා විසින් තනු නිර්මාණය කරන ලද අනුස්මරණ ගීතය එළිදැක්වීම සිදු කිරීම ද එදින සිදු වනු ඇත.