ඓතිහාසික සිද්ධියක් – ඓතිහාසික පුද්ගලයෙක්… 53 හර්තාලය සහ එන්.එම්.

522

53 හර්තාලයට වසර 68 ක් පිරීම නිමිත්තෙනි….

ශ‍්‍රී ලංකාවේ මහා හර්තාලයේ 68 වන සංවත්සරය සහ ආචාර්ය එන්. එම්. පෙරේරාගේ 42 වන ගුණානුස්මරණය අගෝස්තු 12 සහ 14 දිනවලට යෙදෙන අතර මෙය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික දිනයන් වේ. අගෝස්තු 14 දින පෙරවරු 9.30 ට ලංකා සම සමාජ පක්ෂයේ නායකයින් ආචාර්ය එන්. එම්. පෙරේරාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය. එදිනම (අගෝස්තු 14 වෙනිදා) සම සමාජ පක්ෂ මූලස්ථානයේදී උපහාර උත්සවයක් ඊට සමගාමීව පැවැත්වේ. මේ සඳහා අනෙකුත් වාමාංශික නායකයින්ට ද සහභාගී වීමට ආරාධනා කෙරේ.

ආචාර්ය එන්. එම්. පෙරේරා 1935 සම සමාජ පක්ෂයේ ආරම්භක නායකයා වූ අතර 1979 මිය යන තුරුම ඔහු එහි නායකයා විය. ඔහු හැඳින්වුණේ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ප‍්‍රධාන උපදේශකයෙකු වූ මහාචාර්ය හැරල්ඞ් ලස්කිගේ ප‍්‍රියතම ශිෂ්‍යයා ලෙස ය. ලන්ඩනයේ සිටියදී, ඔහු සමසමාජ පක්ෂයේ අනෙකුත් නිර්මාතෘ නායකයින් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ආචාර්ය එස්.ඒ. වික‍්‍රමසිංහ සහ පිලිප් ගුණවර්ධන (ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිය හැදෑරූ) සමඟ සමාජවාදී සිට මාක්ස්වාදී දර්ශනය දක්වා වෙනස් විය.

ශ‍්‍රී ලංකාවේ කුරිරු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ ශ‍්‍රී ලංකාවට ආපසු පැමිණි ඔවුන් විප්ලවවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙස ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගත්හ. මැලේරියා වසංගතයේදී ජනතාව විඳි දුක් වේදනා, නාගරික හා වතුකරයේ වෘත්තීය සමිති ව්‍යාපාරය දියුණු කරන අතරම ග‍්‍රාමීය දිළිඳු ජනතාව වෙත ඔවුන්ගේ අවධානය යොමු කළේය. මෙහිදී ප‍්‍රාදේශීය ධනපති පන්තියේ විරෝධයට ඔවුන් මුහුණ දුන් අතර පසුව එක්සත් ජාතික පක්ෂය (එජාප) බි‍්‍රතාන්‍ය පාලකයින් සහ ශ‍්‍රී ලංකාවේ ඔවුන්ගේ නියෝජිතයන් බවට පත්විය. 1936 මහා මැතිවරණයේදී වතු කම්කරුවන් සම සමාජ පක්ෂයට සහයෝගය දුන් අතර එජාපය වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමෙන් පළිගත්තේය.

ඓතිහාසික සිද්ධියක් - ඓතිහාසික පුද්ගලයෙක්... 53 හර්තාලය සහ එන්.එම්.
1953 අගෝස්තු 11 දින එන්. එම්.පෙරේරා විසින් හර්තාලය ප‍්‍රකාශයට පත් කළ අයුරු.

එහි ප‍්‍රතිඵලය වූයේ දෙමළ ඡන්ද දායකයින්ගෙන් විශාල කොටසක් ද සම සමාජ පක්ෂයට සහයෝගය දැක්වීමයි. සම සමාජ පක්ෂය ශ‍්‍රී ලංකාවේ පූර්ණ නිදහස සඳහා සටන් කළ අතර බි‍්‍රතාන්‍යයේ අර්ධ යටත් විජිතයක් ලෙස පැවතීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සෑහීමකට පත් විය. සමසමාජ පක්ෂයට අවශ්‍ය වූයේ බි‍්‍රතාන්‍යයන් සහ ප‍්‍රාදේශීය ධනපති පන්තිය විසින් සිදු කරන ලද සූරාකෑමෙන් මිදී ”සමාන සමාජයක්” (සම සමාජයක්) ස්ථාපිත කිරීමට සහ ජාති, ආගම් හෝ කුල භේද පදනම් කරගෙන ඕනෑම ආකාරයක භේදයකින් තොර සැබෑ ශ‍්‍රී ලාංකික සමාජයක් ගොඩනැගීමට ය. 1939 දෙවන ලෝක යුද්ධය පුපුරා යාම හේතුවෙන් සම සමාජ පක්ෂය තුළින්ම කොමියුනිස්ට් පක්ෂය (සීපී) පිහිටුවීමට හේතු වූ අතර එය බි‍්‍රතාන්‍ය යුද ප‍්‍රයත්නයට සහයෝගය දැක්වීමට තීරණය කළේය.

නමුත් සම සමාජ පක්ෂය නිදහස සඳහා අරගලය දිගටම කරගෙන යාමට තීරණය කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. එසේම, එහි නායකයින් බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් සිරගත කරන ලදී. ලංකා සම සමාජ පක්ෂ නායකයින් සිරෙන් පැන ඉන්දියාවේ නේරු සහ ගාන්ධිගේ නායකත්වයෙන් යුත් නිදහස් අරගලයට සම්බන්ධ වූහ. ඉන්දියාවේ සිටියදී ඔවුන් අල්ලා සිරගත කර අවසානයේ 1945 යුද්ධය අවසන් වීමත් සමඟ නිදහස් කරන ලදී. නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි සම සමාජ නායකයින් ජනතාව වෙනුවෙන් දේශපාලනිකව සක‍්‍රීය විය. සේවකයින් බලවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස සංවිධානය වී තම අයිතිවාසිකම් දිනා ගැනීම සහ ඔවුන්ගේ වැඩ සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා මහජන විරෝධතා හා වැඩවර්ජන කිහිපයක් පැවැත්වූහ. පූර්ණ නිදහස සඳහා වූ අරගලය තීව‍්‍ර වූ අතර 1948 පෙබරවාරි 4 දින (1947 දී ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු* බි‍්‍රතාන්‍යයන් විසින් ශ‍්‍රී ලංකාවට නිදහස ලබාදීමට සිදුවිය.

ඓතිහාසික සිද්ධියක් - ඓතිහාසික පුද්ගලයෙක්... 53 හර්තාලය සහ එන්.එම්.
හර්තාලයට පොලිස් ප‍්‍රහාර

එවකට පැවති මහ මැතිවරණයේදී එජාපය පාලක පක්ෂය බවට පත් වූ අතර එම පක්ෂය අපේ රට දිගටම සූරාකෑමට බි‍්‍රතාන්‍යයන්ට උදව් කළේය. එජාප ආණ්ඩුවේ එවකට ඇමැතිවරයෙක්ව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක 1951 දී බිඳී ගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. එජාප පාලනය අවසන් කිරීමට මෙය ප‍්‍රමාණවත් නොවීය. ඉන්පසු රට තුළ ආර්ථික අර්බුදයක් ආරම්භ වීමත් සමඟ එජාපය එම අර්බුදයේ බර ජනතාව මත පැටවීමට තීරණය කළේය. සහල් මිල ශත 25 සිට ශත 70 දක්වා ඉහළ දැමූ අතර එක්සත් ජාතික පක්ෂය සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල මිල ද වැඩි කළේය. වැඩකරන ස්ථාන සහ ගම්මානවල මහජන ක‍්‍රියාකාරකම් සංවිධානය කරමින් ජනතාව වෙනුවෙන් විරෝධතා දැක්වීමට සමසමාජ පක්ෂය මේ අතර පෙරමුණ ගත්තේය. එයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයද සහාය විය. මහජන විරෝධතා රට පුරා පැතිර ගිය අතර මිල වැඩි කිරීම ආපසු හැරවිය යුතු බව ප‍්‍රධාන ඉල්ලීම විය. සම සමාජ පක්ෂය වැඩකරන ස්ථාන වර්ජන වර්ධනය කළ අතර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ද විරෝධතා පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට නම්, බි‍්‍රතාන්‍යයන් විසින් සහාය දෙන එජාප පාලනය ගැන ජනතාව තුළ තිබූ බිය දුරු කළ යුතුව තිබුණි. 1953 අගෝස්තු 11 දින සම සමාජ පක්ෂය අනෙකුත් විරුද්ධ පක්ෂවල සහයෝගය ඇතිව අරගල දිනයක් පැවැත්වීමට තීරණය කළේය. ජනතාව ඊට ප‍්‍රතිචාර දැක්වූ අතර විරෝධතා

රැුස්වීම් සහ පාර හරහා ගස් කැපීමෙන් පොදු ප‍්‍රවාහන හා සන්නිවේදනයන් බාධා කිරීමට හේතු විය. දුරකථන, තැපැල් සේවා කඩා වැටිණි. මහා හර්තාලයක් වූ මෙම එක්දින අරගලයට මහජනතාව දැක්වූ ප‍්‍රතිචාරය හේතුවෙන් කොළඹ වරායේ බි‍්‍රතාන්‍ය යුද නැවක හදිසි කැබිනට් රැුස්වීමක් පැවැත්වුණි. බි‍්‍රතාන්‍යයන් සහ ප‍්‍රාදේශීය ධනේශ්වර පන්තිය අගමැති ඩඞ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්වීමට බල කළ අතර ඔහු වෙනුවට හමුදා පසුබිමක් ඇති පුද්ගලයෙක් වූ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති ලෙස පත් කළේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂ රජය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරමින් ජනතාව සාමකාමී කළේය. බි‍්‍රතාන්‍ය රජය විසින් ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට සහය දැක්වීමත් සමඟම 1956 දී මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී එජාපය පරාජය කිරීමට ජනතාවට හැකි වූ හෙයින්, සම සමාජ පක්ෂය අනෙක් වාමාංශික පක්ෂ සමඟ එක්ව ජනතාව අවදානමෙන් ගලවාගැනීමට තීරණය කළේය.

වමේ සහය ඇතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒමට එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකට හැකි වීම තුළින් එදා ගත් මෙම තීරණය නිවැරදි බව ඉතිහාසය ඔප්පු කර ඇත. රජයට සම්බන්ධ වී ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කළ පිලිප් ගුණවර්ධන ඇමැතිවරයකු විය. එවකට සම සමාජ පක්ෂයට අවශ්‍ය වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට එකතු වී සිංහල හා දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් කිරීමටය.

පසුව 1964 දී සම සමාජ පක්ෂය ද පක්ෂයක් ලෙස ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් රජයට එකතු විය. එහි ප‍්‍රතිඵලය ඓතිහාසිකය. මන්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සම සමාජ පක්ෂය අනෙකුත් ප‍්‍රගතිශීලී පක්ෂ සමඟ එකට එකතු වී සිටි බැවිනි. ලංකාව අධිරාජ්‍යවාදයට යටත් නොවී සම්පූර්ණයෙන්ම ස්වාධීන ස්වෛරී ජාතියක් වීමට තුඩු දුන් ප‍්‍රගතිශීලී ආණ්ඩු පිහිටුවීමට මෙය අවස්ථාවක් විය. තවද, සියලූම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබිණි. මෙම ඓතිහාසික සිදුවීම් සැමරීම සඳහා අප හා එක්වන ලෙස සමසමාජ පක්ෂය සියලූම ප‍්‍රගතිශීලී ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නෙමු.

මහාචාර්ය තිස්ස විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment