ඔක්සි මීටර්

614

තානායමට පිවිසෙන සුවිසල් වැලි මිදුල දෙපස සිටවූ ජාතික කොඩි සමූහය තානායමට මුහුණලා පිහිටි මහ සාගරයෙන් හමා එන කරදිය මුසු සුළෙ`ග් ලෙළදෙමින් තිබුණා. තානායම් මිදුලේ තබා ඇති සුදු පැහැති පිටත ආවරණ යෙ ෆයිබර පුටුවල අසුන් ගත් කාන්තාවන් කිහිප දෙනා වෙත විවාහ උත්සවයේ සංවිධාන කටයුතු වල නියැළි තරුණයකු බැ?රුම් යමක් විස්තර කරමින් සිටියා.

 ‘‘…දැන් මෙහෙමයි වෙන්නේ… වෙඩින් එක යද්දි කොයි වෙලේ පී.එච්.අයි.ලා පනීවිද දන්නෙ නෑ… ඒ නිසා හෝල් එකේ පණහ තියා ගන්න එක නිතරම සිරාවටම අපෙන් මොනිටර් වෙන්න ඕනෑ…’’

 තරුණයා කරුණු පහදන්නේ නවක ටෙලි අදියුරුවරයකු ප‍්‍රවීන රංග ශිල්පිණියන් පිරිසකට තිර පිටපත පැහැදිලි කරන්නා සේය.

 ‘‘…විකාර කතාවක් නේ මල්ලී… ඒක කෝමද කරන්නේ… හොරණීන් ඒ.සී. බස් එකක තිහක විතර සෙට් එකක් එන්න ඉන්නවා නේද?… එතකොට දැන් මෙතනම හැටක් විතර ඉන්නවා නේ..?… ඉතින් කොහොමද පණහ තියා ගන්නේ..? විකාර..’’

 පිරිස අතර සිටි තරබාරු කත පවසන්නේ මුව ආවරණය අතට ගෙන ආලේප ලූ දොතොල කට උල් කරමිනි.

 ‘‘…පොඞ්ඩක් ඉන්න අක්කේ කියනකං…’’

 තරුණයා හරිබරි ගැසී සැරසෙන්නේ දිගු දේශනාවකටය.

 ‘‘…කෙරෙන්නෙ මෙහෙමයි… දැන් පෝරුවෙ සෙරමනි අහවර වුණ හැටියෙම බුෆේ එක ස්ටාට් කරලා කෑම ටික දීලා කපල් එකේ දෙපැත්තෙම අත්‍යවශ්‍ය වැඩිහිටියො සෙට් එක ඉඳැද්දි අනික් ඇච්චො පැච්චො සේරම ගෙවල් වලට යවනවා,.’’

 ‘‘…ඊට පස්සෙ…’’

 ‘‘…එයාලා ගියාට පස්සෙ තමයි හොරණ සෙට් එකේ තිස් දෙනා බස්සන්නේ…’’

 එයාලාටත් ටක් ගාලා කෑම ටික දීලා පිටත් කරලා.. නිතරම සීට් විස්සක් තිහක් වේකන්ට් තියගෙන තමයි අද ගේම ගහන්න වෙලා තියෙන්නේ…’’

 තරුණයා විස්තර කරන්නේ දැඩි බලාපොරොත්තු සහිතවය.

 ‘‘… මළ විකාරයක් නේ හලෝ ඒක…. හරියට අර දන්සැලෙන් කන්න දීලා දොට්ට දාලා තව සෙට් එකක් බස්සනවා වගේ මොන ජරා වැඩක්ද ඒක… අනික ම`ගුල් ගෙදරක ආපු මනුස්සයකුට තමුන්ට ඇතිය කියලා හිතිලා යන්න දෙනවා මිසක්… දැන් ඉතින් යන්න කියලා බලෙන් යවන්න හැකිද?… එහෙම යවන සිරිතක් තියෙනවද?…’’

 පිරිස අතර වූ තවත් තරුණ කාන්තාවක් විමසන්නේ ඇගේ ස්ටේ‍්‍රට් වරලස එහෙට මෙහෙට ගස්සා හරිමිනි.

 ‘‘…අක්කෙ මේ… සිරිත් වලට ම`ගුල් කන්න මේ කොරෝනාවෙ බෑ… ඒ කිව්ව විදියට ෂිෆ්ට් ක‍්‍රමේට සෙන`ග නොබැස්සුවොත් පවුලේ දෙකේ අයගෙන් පිටස්තරව වෙන කාටවත් ම`ගුල් කියන්න වෙන්නෙත් නෑ…’’

 තරුණයා පවසන්නේ ආවේගශීලීවය.

 ‘‘… ඒක තමයි මල්ලි මං කියන්නේ්…’’

 ‘‘…එහෙම කියලා බෑනේ අක්කේ… හෝටලේක කොරෝනා වෙඩිමක් ගන්නකොට දෙපැත්තෙ පවුල් දෙකේ නෑදෑයො ටිකම පනහක් විතර වෙනවා… ඉතින් ඒ කාගෙන් වත් කපල් එකට ලියුම් කවරයක් වැටෙන්නෙ නෑ…’’

 ‘‘…ලියුම් කවර…’’

 ‘‘…ඔව් අක්කේ… ලියුම් කවරෙකින් ලැබෙන මුදල් ආධාරයක් නැතිව අතේ සල්ලි වලින් අමුවෙන්ම වෙඩිමක් ගන්න බෑනේ… ඒ නිසයි අපි අමාරුවෙන් හරි වෑන් එකේ එන හොරණ සෙට් එකත් බස්සන්න හදන්නේ… එතන ඉන්නේ මනමාලයගෙ ෆැක්ටරියෙ සෙට් එක…’’

 තානායම් මිදුලේ සිදුවන එම සංවාදය අතරේ විවාහප‍්‍රාප්ත මනාල යුවල පෝරු මස්තකව සිටියා.

 ජාතික ඇ`දුමෙන් සැරසුන මනාලියගේ පියාත් කවදත් උඩරට ඔසරියෙන් සැරසෙන ඔහුගේ බිරියත් සංතෝශය මුසු දෑසින් ම`ගුල් පෝරුව දෙස බලා සිටියා.



 ‘‘මැද්ද සූරිය මුනි`දු වැඩසිටි වේළුවන ජය මංගලම්

 සුද්ද සුන් නරනි`දුන් සහ සෙස් රජුන් නම් කළ මංගලම්

 ඇද්ද මෙකුමරු පාපු විස්මය සියලූ සත හට මංගලම්

 බුද්ද රත්නේ බෙලෙන් ඔබහට වේය ජයසිරි මංගලම්’’

 සුදු පැහැති හිසකේ පසුපසට පීරා සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසුණු වියපත් අශ්ඨක ගුරුන්නානසේ මංගල ස්තෝත‍්‍ර ගායනය අරඹා තිබුණා.

 නිම්ම නැති සංසාර දුක සිදුහත් කුමරු දැක සිතු පෙමින්

 දැම්ම යමු අපි මහණවීමට අසුන් පනවැයි කී තොසින්

 මම්ම පනිමිය පහුරු මත්තෙන් තුර`ග සිතු ජය මංගලම්

 ධම්ම රත්නේ බෙලෙන් ඔබ හට වේය ජයසිරි මංගලම්

 පවුල් දෙකකට අයත් දෙපියසක විසූ මානවක මානවිකා යුවළක් සුබ නැකැත් හෝරාවෙන් පෝරු මස්තක කර එකම පියසකට කැන්දන සො`දුරු මුහුර්තය, බොදුනු වන්දනා වාග් තරංගයෙන් සොබාදහම සමග මුසු කරමින් සිටි අශ්ඨක ගුරුන්නාන්සේ ගේ බෙල්ලේ බල නහර පිම්බී තිබුණා.

 අංග පෙරදැරි තුමා සිදුහත් එදා වැඩි සුබ ගමන්

 තුංග ගිරි පව්වට උඩින් පැන වසවතුගෙ ඔද බිඳ තොසින්

 නැංග අසුපිට ගෙවා තිස් යොදුනක් ගොසින් ගං තෙරට වන්

 සංඝ රත්නේ බෙලෙන් ඔබ හට වේය ජයසිරි මංගලම්…’’

 ස්තෝත‍්‍ර ගායනය අතරේම ගුරුන්නාන්සේගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තා.

 මෙවැනි වැඩකට යද්දී වෙනදා ගෙදරදීම ජංගම දුරකථනය ක‍්‍රියා විරහිත කරගන්නා තමුන්ට අද එය අමතක වුණේ කොහොමදැයි යන ප‍්‍රශ්නාර්ථයෙන් මුහුණ හැකිලී ගිය අශ්ඨක ගුරුන්නාන්සේ අසල සිටි වැඩිහිටියකු අතට දුරකථනය දුන්නේ තමා වැඩක බව කියන හැටියට අතින් සංඥාවකුත් නිකුත් කරමිනුයි.

 එහෙත් දුරකථනය ගත් වැඩිහිටියාට ඒ සංඥාවල් තේරුණේ නැත.

 එම වැඩිහිටියා ගුරුන්නාන්සේ ස්තෝත‍්‍ර ගායනා කරනා තැන සිටම දුරකථනයට මහ හ`ඩින් ‘‘හලෝ,’’ කීවා.

 ‘‘…අපි මේ අහවල් පොලිසියෙන්… මේ කතා කරන්නේ බණ්ඩාර කියලා ගුරුන්නාන්සේ කෙනෙක්ද?…’’

 දුරකථනයේ එහා කෙළවර විමසුවා.

 ‘‘…ඔව්…ඔව්… මේ ළ`ගම ඉන්නවා,.’’

 කියමින් ඔහු දුරකථනය ගුරුන්නාන්සේ අතට දුන්නා.

 පණහකට සීමා වූ විවාහ උත්සවයේ අශ්ඨක ගායනා හ`ඩත් සමගම සියල්ල නිහ`ඩ වුණා.

 දුරකථනය මිට මොලවා ගත් ගුරුන්නාන්සේ ගේ දකුණු අත ඉබේම පහලට වැටෙද්දී අනික් අතින් ආයාසයෙන් පපුව බදා ගෙන ඔහු පෝරුව පැත්තට ඇලවුණා.

 මනාලියගේ පියා වහා ඉදිරියට පැන ගුරුන්නාන්සේ වත්තන් කර ගත්තා.

 ‘‘…මගේ හාමිණේ ගෙදරදි කලන්තෙ දාලා වැටිලා… උන්දෑ මහ ඉස්පිරිතාලෙ කොරෝනා වාට්ටුවට ඇතුල් කරලය කියලායි පොලිසියෙන් කියන්නේ…’’

 මුහුණ කළු තලා වැටී දෑස පියවුනු අශ්ඨක ගුරුන්නාන්සේ එසේ මුමුණද්දී වියපත් ඔහුගේ කොපුල මත දාබින්දු පිපෙන්නට පටන් ගත්තා.

 මනාලයා හා පෝරු මස්තක වී පියකරු මල් කළඹ අත දරා සිටි මනාලියගේ පිරුණු ළැම, සූසැටක් අබරණද කැටිව උඩ පහත සෙලවුණා.

 පෝරුවේ චාරිත‍්‍ර දෙස ඈත සිට මීටරේ දුරින් බලා සිටි අය සිදුවන්නේ කුමක්දැයි නොදැන ගල් ගැසී සිටියා.

 ‘‘… මෙතනම දිගා කරවලා පපුව අතගාමු… ගේන්න කියන්න හාමිණේ…. මගේ බෑග් එකෙන් බේත් තෙල් කුප්පිය…’’

 මනාලියගේ පියා තැන අමතකව කෑගැසුවා.

 එසැනින් සම්භාෂණ ශාලාවේ දිගු අසුනක දිගා කළ අශ්ඨක ගුරුන්නාන්සේ කෙ`දිරිලි කටහ`ඩ අවදි කළා.

 ‘‘…අනේ මගේ පපුව… මටත් අමාරුයි මහත්තයෝ… පපුව තද වෙනවා…. මාවත් ඉස්පිරිතාලෙකට ගෙනියන්න මහත්තයෝ…. මට මෙතනම මොනවා හරි වුණොත් මහම මූසලකමයි…’’

 අනතුරක ඉව වැටුන ම`ගුල්ගෙදර සිටි සියල්ලෝ දුරස්ථ භාවය අතැර සම්භාෂණ ශාලාවට රොක් වුණා.

 ‘‘…අංකල් ඔයා පැත්තකට වෙන්න…’’

 පැමිණ සිටි තරුණ පිරිස මනාලියගේ පියාට කෑ ගැසුවා.

 ‘‘…අශ්ඨක අංකල් ඇදගෙන වැටුණෙ කෝල් එකේ පණිවිඬේ අහලද නැත්නම් එයත් කොරෝනා පොසිටිව් වෙලාද දන්නෑ…’’

 ‘‘… කවුරු හරි ළ`ග තියෙනවද සාක්කුවක වත් දාගෙන අරගෙන ආපු ඔක්සි මීටර් එකක්,.’’

 ‘‘…මොකක්…’’

 ‘‘…ඔක්සි මීටරයක්… ඇෙ`ග් ලේවල තියෙන අර ඔක්සිජන් බලන,.’’

 ‘‘…තියෙනවා තියෙනවා… ආ… මෙන්න…මෙන්න…’’

 මෙතෙක් වේලා තරුණයකු හා තානායම් මිදුලේ කතාවට වැටී සිටි කාන්තාවන් අතර සිටි තැනැත්තියක් විවර කරගත් අත් බෑගය සහිතව පෝරුව දෙසට දිව ආවා.

 ‘‘…ආ මේ තියෙන්නෙ භාණ්ඩෙ…’’

 අශ්ඨක ගුරුන්නාන්සේගේ දබරැු`ගිල්ලේ රැු`දුනු ඔක්සි මීටරය මන්දගාමීව අගය ඉහළ දැමුවා.

 ‘‘..අවුල්… අවුල්… ටාර් ගාලා වාහනේකට අරන් අල්ලමු ඉස්පිරිතාලෙට…’’

 ‘‘..අඬේ… අපේ වාහනේක කමක් නැද්ද?… දහනමයයි අනූවට කිව්වොත් නරකද?…’’

 කව්දෝ ඇහුවා.

 ‘‘…යමං යකෝ… බෙල්ල කඩා වැටෙනවා…’’

 අශ්ඨක ගුරුන්නාන්සේ දෝතට ඔසවා ගත් තරුණයා නහර පුප්පා කෑ ගැසුවා.

 මනාලියගේ පියා එසැනින් තිගැස්සී තානායම් බිත්ති ඔරලෝසුව දෙස බැලූවා.

 යුවල පෝරුවෙන් බස්සවන සුබ මුහුර්ථය පසුවී විනාඩි ගණනාවක් ගතවී තිබුණා.

 ‘‘…පෝරුවෙන් බැස යන්ට අවසර දෙන්න දෙවියනි මංගලම්…’’

 විශ‍්‍රාමික විදුහල්පතිවරකු වූ මනාලියගේ පියා තොල් මතුරමින් යුවල පෝරුවෙන් බැස්සුවා.


 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment