ඔන්ලයින් පැත්තක දමා ගරාජ් බාස් එක්ක වෙන ලයින් එකක ගිය සිසුවිය…වරද ඇයගේ නොව දෙමව්පියන්ගේය

494

අචිනි අල්විස් ගාල්ල හිනි`දුම ප‍්‍රදේශයේ පදිංචි දැරියකි. කුඩා කලම මව සහ පියා ඇයව හැරදා ගියාය. එලෙස දියණියව හැරදා ගිය ඔවුන් දෙදෙනා තම තමන්ගේ ජීවිතවල සතුටු වෙද්දී අචිනි අන්ත අසරණ වූවාය.

අන්ත අසරණ වූ එම දැරිවියට එකම පිහිට වූයේ ආච්චි අම්මා සහ සීයාය. මව සහ පියා හැරදා ගිය දිනයේ සිටම ඇයව ආදරයෙන් බලා ගත්තේ එම ආච්චි අම්මා සහ සීයාය. එම වයසක යුවළ කිසිදු අඩුපාඩුවක් වෙන්නට නොදී එම දැරියව උස්මහත් කළහ.

යමක් කමක් තේරෙන වයසට පැමිණෙද්දී ඇයට මවගේ සහ පියාගේ ආදරය තදින්ම දැනුනි. එහෙත් ඇය ඒ කිසිවක් ලොවට නොපෙන්වා සිත තුළ සිර කරගෙන සිටියාය. එලෙස හැදී වැඩුණු ඇය යෞවන වයසට පැමිණියාය.

දැන් එම දැරියගේ වයස අවුරුදු 15කි. පිරිපුන් ශරීරයකින් හෙබි ඇය ඉතා ලස්සන තරුණියක වූවාය. එම ප‍්‍රදේශයෙම පාසලක ඇය ඉගෙනුම ලැබුවාය.

කොවිඞ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ඇය නිවෙසට වී අධ්‍යාපන කටයුතු සිදු කළාය. ඔන්ලයින් ක‍්‍රමයට එම අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ඇයගේ මාමා විසින් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඈට ලබා දුන්නාය. සති කිහිපයක් ගතවෙද්දී අධ්‍යාපන කටයුතු පසෙක දැමූ ඇය ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීමට පුරුදු වූවාය. වයසක ආච්චි අම්මා සහ සීයා සිතුවේ තම මිනිබිරිය ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතු හදාරන බවයි.

මාස කිහිපයක් ගත වෙද්දී ඇයට ෆේස්බුක් හරහා තරුණයකු මුණ ගැසුණාය. ඔහු නමින් දමිත් අසංකයි. වයස අවුරුදු 22 කි. හරිහමන් අධ්‍යාපනයක් නොලද ඔහු වසර කිහිපයක සිට වාහන අලූත්වැඩියා කරන ස්ථානයක රැකියාව කළේය.

ෆේස්බුක් හරහා එම දැන හඳුනා ගැනීම සති කීපයකට පසු පේ‍්‍රම සම්බන්ධතාවයක් බවට පෙරළුණි. ඉන්පසු ඇයගේ එකම ලෝකයේ වූයේ එම තරුණයා පමණි. තම දෙමව්පියන්ගෙන් නොලද ආදරය ඇය එම තරුණයාගෙන් බලාපොරොත්තු වූවාය. එම තරුණයා ද ඇයට අසීමිත ලෙස ආදරය කළේය.

ලද සෑම මොහොතකම ඇය තම පෙම්වතා මුණගැසීමට ද ගියාය. එලෙස මුණගැසුණු මොහොතක දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

‘‘අනේ අයියේ මට දැන් ආච්චි සහ සීයා ළඟ ඉඳලා එපා වෙලා තියෙන්නේ.”

‘‘ඇයි ඒ අය ඔයාට ආදරේ නැද්ද ?.”

‘‘අපොයි මට ගොඩක් ආදරෙයි. කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ.”

‘‘එහෙනම් ඉතින් ඇයි එපා වෙලා තියෙන්නෙ.”

‘‘ඊට වඩා අයිය මට ආදරෙයිනෙ. මට කුඩා කාලේ ඉඳන් අම්මගේ තාත්තගේ ආදරේ ලැබුනෙ නැහැ. ඒ ආදරේ ලැබෙන්නෙ අයියගෙන් විතරයි.”

‘‘ඇත්තද ඔය කියන්නේ.”

‘‘ඔව් ඇයි මං බොරු කියන්නෙ.”

‘‘එහෙනම් ඔයා එනවද මගෙත් එක්ක පැනල යන්න.”

‘‘අයියා කියනවා නම් දැන් වුණත් එන්නම්. මට මේ ලෝකෙ කාටවත් වඩා වටින්නේ අයියව.”

‘‘මටත් එහෙම තමයි නංගී. ඔයා නැතුව දැන් ඉන්න බැහැ. අවුරුදු 18 වුණා නම් අපිට කසාද බඳින්න තිබුණා.”

‘‘ඒකනෙ තව මට පහළවයිනෙ.”

‘‘ඒක ප‍්‍රශ්නයක් නැහැ. අපි පැනලා යමු. වයස හරියනකම් මං ඔයාව පරිස්සම් කරගන්නම්.”

‘‘ඔය ඇත්තම ද කියන්නේ අයියේ.”

‘‘ඔව් මම සේරම ලෑස්ති කරගෙන දිනයක් කියන්නම්. නංගි එදාට ගෙදරින් එන්න.”

පසුදින දමිත් මිතුරකුට තම සිතේ තිබෙන අදහස පැවසුවේය. එම මිතුරා ද ඔහුට පැවසුවේ උඹ කැමති දෙයක් කරපන් මම පුළුවන් උදව්වක් කරන්නම් වශයෙනි. ඒ අනුව ඔහු සියලූ දේ සැලසුම් කර තම පෙම්වතියට පැවසුවේ තමන් සමඟ හොර රහසේ පැන යෑමට පැමිණෙන ලෙසයි. ඇයද එක පයින් එයට කැමති වූවාය.

පසුගිය මස 24 වැනිදා ඔවුන් දෙදෙනා හොර රහසේ පැන යෑමට තීරණය කළහ. නියමිත දිනය උදා විය. දෙමව්පියන් හැර ගියදා සිට තමාව උස් මහත් කළ සීයා සහ ආච්චි අම්මාට පිටුපා එදින ඇය තම පෙම්වතා සමග හොර රහසේ පැන ගියාය.

තම මිනිබිරිය නිවසේ නොමැති බව දැනගත් එම වයසක යුවළ ඇඬූ කඳුළින් යුතුව හිනිඳුම පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් දැමූහ. එහෙත් සති කිහිපයක් යනතුරු එම දරිය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

පසුගිය 10 වැනිදා එම තරුණිය සහ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හිනි`දුම පොලිසියට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී ඔහු පවසා සිටියේ දින කිහිපයක් තම මිතුරකුගේ නිවසේ සහ කඩවත ප‍්‍රදේශයේ නිවසක එම තරුණිය රඳවාගෙන සිටි බවයි.

තරුණියගෙන් ඒ පිළිබඳව විමසීමේදී පොලිසියට පවසා ඇත්තේ කුඩා කල සිටම මව් සෙනෙහස අහිමිවීම නිසා තමන්ට ආදරය කළ එම තරුණයා සමග පැනගිය බවයි.

සියලූ කරුණු කාරණා සලකා බැලූ පොලිසිය අවසානයේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බාලවයස්කාර දැරියක් අපහරණය කොට ස්ත‍්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර එම සැකකාර තරුණයාව උඩුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා එම සැකකාර තරුණයාව රක්ෂිත බන්ධනාගත කිරීමට නියෝග කළේය.

සැකකාර තරුණයා එලෙස දඩුවම් විදි අතර එම ලාබාල තරුණියව අධිකරණය මාර්ගයෙන් ඇයගේ මවට භාර දුන්නේය.

අවසානයේ ලාබාල තරුණියකට පෙම් කළ එම සැකකාර තරුණයාට සිදුවූයේ සිර දඬුවම් විඳීමටයි. නීතිය ඉදිරියේ මෙවැනි ආදර කතාවලට කිසිදු සමාවක් නොමැති බව බාලවයස්කාර තරුණ තරුණියෝ අනිවාර්යෙන්ම දැනගත යුතුය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment