ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යාව සහ
ෙසෙල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ,
ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර
කොවිඞ්-19 රෝගයට හේතු වන නව වෛරස ප‍්‍රභේදයක් පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොවැම්බර් 26 වැනිදා ප‍්‍රකාශයට පත් කරන ලදී. දකුණු අප‍්‍රිකාවෙන් මුල් වරට හඳුනා ගැනුණු එම නව ප‍්‍රභේදයේ ඇති විකෘතිතා නිසා එය පැතිරීම වැඩි විය හැකි බවට විද්‍යාඥයෝ මත පළ කරති. මෙම නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සමග ”දිවයින” කළ සාකච්ඡුාව මෙසේ ය.
* කොවිඞ්-19 නව වෛරස ප‍්‍රභේදය හා එහි හැසිරීම කොබඳුද…?
”මෙම නව වෛරස ප‍්‍රභේදය ඔමික්‍රොන් (Omicron B’1’1’529) ලෙස නම් කර තිබෙනවා. මෙය නම් කිරීමට නියමිත ව තිබුණේ නියු-සයි (Nu-Xi) ලෙසයි. නමුත් ”නියු” යන වචනය ‘නව’ යන අරුත සමග මාරු විය හැකි නිසාත්, ”සයි” යන වචනය ඇතැම් රටවල ජනයා වාසගමක් ලෙස භාවිත කරන නිසාත් ඒ නම මගහැර ”ඔමික්‍රොන්” යනුවෙන් නම් කෙරුණා. මෙම නව වෛරස ප‍්‍රභේදය වේගයෙන් පැතිර යන්නේද කියා ලෝකයේ බොහෝ පරීක්ෂණ සිදු කෙරෙනවා. මෙම ප‍්‍රභේදයේ ”ි” ජානය ආශ‍්‍රිත ව විකෘතිතා 33ක් ඇතිවී තිබෙනවා. ඒවා වේගයෙන් පැතිරයෑමේ හැකියාව සහිත විකෘතිතා යි. ඒවායේ පැතිරීමේ වේගවත් බව පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙනවා.”
* මෙම නව ප‍්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය කුමන කාණ්ඩයකට ඇතුළත් කර තිබේ ද…?
”ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම නව වෛරස ප‍්‍රභේදය වී. ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා. වී. ඕ.සී. (VoC) කාණ්ඩයට යම් වෛරස ප‍්‍රභේදයක් ඇතුළත් කරන්නේ එම වෛරස ප‍්‍රභේදය පැතිරීම වේගවත් නම්, එයින් දරුණු රෝග ලක්ෂණ ඇති කරවන්නේ නම්, රෝග ලක්ෂණවල ස්වභාවයේ වෙනසක් තිබේ නම්, පරීක්ෂණවලින් මගහැර යෑමක් තිබේ නම්, එන්නත්කරණය මගින් හෝ ස්වාභාවික ව රෝගය වැලඳීමෙන් ඇතිවූ ප‍්‍රතිශක්තිය මගහැරීමේ හැකියාවක් පැවතීම වැනි තත්ත්වයන් අනුවයි. මේ කියන ලක්ෂණ ඇත්තට ම මෙම නව ප‍්‍රභේදයේ තිබෙනවාද කියා තව ම පරීක්ෂණ කෙරෙනවා. හරියට ම තහවුරු කිරීමක් මෙතෙක් කර නැහැ.”
*වී. ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට ඇතුළත් වන අනෙකුත් වෛරස ප‍්‍රභේද මොනවාද…?
”ඔමික්‍රොන් (Omicron B’1’1’529) වෛරස ප‍්‍රභේදය වී. ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට ඇතුළත් වූ 5 වන ප‍්‍රභේදය යි. මීට පෙර හඳුනා ගත් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන ප‍්‍රභේද අයත් වූයේත් මෙම වී. ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට යි. ඒවායේත් ඉහත කී පැතිරීමේ වේගවත් බව, දරුණු රෝග ලක්ෂණ ඇති කරවීම, රෝග ලක්ෂණවල ස්වභාවයේ වෙනසක් තිබීම, පරීක්ෂණවලින් මගහැර යාම, එන්නත්කරණය මගින් හෝ ස්වභාවික ව රෝගය වැලඳීමෙන් ඇතිවූ ප‍්‍රතිශක්තිය මගහැරීමේ හැකියාව යනාදි ලක්ෂණ බොහෝමයක් තිබුණා.”
* මෙම නව ප‍්‍රභේදය ආසාදනය වූ රෝගීන් හඳුනාගන්නේ කෙසේ ද…?
”පී.සී.ආර්. පරික්ෂණයෙන් රෝගීන් හඳුනාගත හැකියි. සමහර පී.සී.ආර්. කට්ටල මගින් වැඩි තහවුරු කර ගැනීමක් පවා කර ගත හැකියි. පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ එස් ජීන් ටාගට් එක සඳහන් වුණේ නැත්නම්, එස් ජීන් නොමැති බව සටහන් වේ නම් (S gene target failure or S gene dropout) එම පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වූ තැනැත්තාට මෙම නව ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව අපට සැක කළ හැකියි.
ඇල්ෆා ප‍්‍රභේදය ලංකාවට පැමිණි වෙලාවෙදිත් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් එස් ජීන් ටාගට් එක සඳහන් නොවුණු වාර්තා පරීක්ෂා කිරීමේදී එය ඇල්ෆා ප‍්‍රභේදය බවට සැක කළ හැකි වුණා. මේ වනවිට ඇල්ෆා ප‍්‍රභේදය ලංකාවෙන් තුරන් ව ඇති නිසා නව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල එස් ජින් ටාගට් එක සඳහන් වුණේ නැති වුණොත් එය ඔමික්‍රොන් ප‍්‍රභේදය බවට සැක කළ හැකි වෙනවා.”
* දැනට මෙම නව ප‍්‍රභේදය ආසාදනය වූවන් කුමන රටවලින් කී දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ද..?
”ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදනය වූ රෝගීන් 155 දෙනෙක් සිටින බව 2021 නොවැම්බර් 29 වැනිදා ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත‍්‍රී 12.58ට නිකුත් කළ වාර්තාවේ දක්වා තිබෙනවා. එයින් 109 දෙනෙක් ම හමුවී ඇත්තේ දකුණු අප‍්‍රිකාවෙනුයි. රෝගීන් 6 දෙනෙක් බොට්ස්වානාවෙනුත්, රෝගීන් 2ක් එංගලන්තයෙනුත්, රෝගීන් 2ක් හොංකොංවලිනුත්, ඉතාලියෙන්, ඊශ‍්‍රායලයෙන් හා බෙල්ජියමෙන් එක රෝගියා බැගිනුත් දැනට තහවුරු කරගෙන තියෙනවා. ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1010 දෙනෙක් සිටින බවට බවට අනුමාන කෙරෙන නමුත් දැනට තහවුරු කරගත් රෝගීන් ඉන්නේ ලෝකයේ ම 96 දෙනයි.”
* දකුණු අප‍්‍රිකාවේ මෙය වැඩිපුර පැතිරීමට විශේෂ හේතුවක් තිබෙනවා ද…?
”දකුණු අප‍්‍රිකාවේ බොහෝ පිරිසක් එන්නත ලබා ගත්තේ නෑ. මේ නිසා වෛරසය බොහෝසෙයින් ව්‍යාප්ත වුණා. වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමෙන් එහි නව ප‍්‍රභේද ඇතිවීමේ ප‍්‍රවණතාවත් වැඩි වෙනවා. ඒ වගේ ම එයින් විකෘති ප‍්‍රභේද ඇතිවීම වේගවත් වී ඇති බව විශේෂඥයින්ගේ මතය යි. එන්නත ලබාගැනීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය වන්නා සේ ම දරුණු රෝග ඇතිවීමත් වළක්වාගත හැකි වෙනවා.”
* මෙම නව ප‍්‍රභේදයෙන් ශ‍්‍රී ලංකාවට ඇති බලපෑම කෙබඳු ද…?
”සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක වීමෙන් දැනටමත් දකුණු අප‍්‍රිකානු රටවලින් ලංකාවට පැමිණීම් නතර කර තිබෙනවා. මේ වගේ අවස්ථාවක ගතයුතු නිවැරදි ම හා වේගවත් ම පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කර තිබීම විශේෂයෙන් අගය කරනවා. එම රටවලින් මේ වන විටත් පැමිණි අය ඉන්නවා නම් ඒ අයව අනිවාර්ය නිරෝධායනයට යොමු කෙරෙනවා. මේ ප‍්‍රභේදය අපේ රටට එන එක සම්පූර්ණයෙන් ම නවත්වන්න බැහැ. කවදා හරි මේ නව ප‍්‍රභේදයත් ලංකාවට පැමිණිය හැකියි. නමුත් මෙය පැමිණීම ප‍්‍රමාද කරවීමෙන් ඒ සඳහා අපට සූදානම් වීමට කාලය ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම ප‍්‍රභේදය පැතිරීමේ වේගවත් බවක් තියෙනවද, රෝග ලක්ෂණවල වෙනසක් තියෙනවද, දැනට පවතින ප‍්‍රතිශක්තියේ වෙනසක් වෙයි ද වගේ දේවල් ඒ ආශ‍්‍රිත ව සිදු කෙරෙන පරික්ෂණ ඇසුරෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත අපට දැනගත හැකි වෙනවා. එතෙක් මේ රට ඇතුළට මෙම වෛරසය පැමිණීම පුළුවන් තරම් ප‍්‍රමාද කරවීම හෝ නවතා ගැනීම කළ යුතුයි. ඒ වගේ ම ජනතාව මෙතෙක් පිළිපැදි ආරක්ෂක ක‍්‍රමවේදයන් ඒ විදිහටම අනුගමනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා.”
* අප මෙම නව තත්ත්වයෙන් ආරක්ෂා විය යුතු වන්නේ කෙසේ ද…?
”ජනතාව මෙතෙක් පිළිපැදි ආරක්ෂක ක‍්‍රමවේදයන් ඒ විදිහට ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අවම වශයෙන් මීටරයක පරතරය තබා ගැනීම, මුව ආවරණයක් නිසි පරිදි භාවිත කිරීම, දොර ජනෙල් විවෘත ව තැබීම, ජනතාව බහුල ව ගැවසෙන තැන්වලින් ඉවත් ව හෝ මගහැර සිටීම, දෑත් නිතර පිරිසිදු කර ගැනීම, කිවිසුම් යාමකදී වැලමිට භාවිත කිරීම හෝ ටිෂූ එකක් භාවිත කිරීම, ලැබෙන පළමු අවස්ථාවේදී ම එන්නත ලබා ගැනීම, එන්නත් දෙක ම ලබා ගත් අය බූස්ටර් එන්නතත් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙතෙක් රෝගීන් සඳහා භාවිත කළ ඖෂධ හා ක‍්‍රමවේද එලෙස ම භාවිත කළ හැකියි. වෙනසක් අවශ්‍ය වන්නේද කියා ඉදිරි පර්යේෂණවලින් තහවුරු කරගත හැකි වේවි. එතෙක් අනිසි බියකින් කලබලයට පත්විය යුතු නැහැ. නමුත් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය යි.”
* ලංකාවේ එන්නත්කරණයෙන් ලබා දුන් ප‍්‍රතිශක්තිය මෙම නව ප‍්‍රභේදයෙන් ආරක්ෂා වීමට ප‍්‍රමාණවත් ද…?
”ලංකාවේ වැඩි දෙනෙකුට ලබා දුන්නේ සයිනොෆාම් එන්නතයි. එය ලබා ගත් අය එහි දෙවන මාත‍්‍රාව ලබාගෙන මාස තුනකින් බූස්ටර් එන්නතක් ලබා ගැනීමෙන් ශරීරය තුළ ප‍්‍රතිශක්තිය තීව‍්‍ර කරගත හැකි වෙනවා. ඒ නිසා බූස්ටර් එන්නත මග නොහැර හැකි ඉක්මනින් ලබා ගැනීමෙන් රෝග ආරක්ෂාව සැලසෙනවා.”
* දැනටමත් මෙම ප‍්‍රභේදය ආසාදිත වූවන් ලංකාවේ සිටිනවා විය හැකියි නේද….?
”පසුගිය සති දෙක ඇතුළත ලංකාවට පැමිණි අය අතරින් කොවිඞ් ආසාදිත අයගේ සාම්පල අපි අරගෙන ඇවිත් අපේ විද්‍යාගාර පරීක්ෂණවලට යොමු කරනවා. ඒ අය අතර මෙම නව ප‍්‍රභේදය ආසාදනය වූ අය සිටින්නේ ද කියා එයින් අපට හඳුනාගත හැකි වේවි.”
සාකච්ඡා කළේ – තුෂාරී කළුබෝවිල
|