ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සඳහා දින 95 ක් තුළ නව එන්නතක් නිපදවන බව ෆයිසර් සමාගම අනාවරණය කර ඇත.
ඒ සඳහා ඞී. එන්. ඒ. රුධිර සාම්පල ලබාගෙන ඇතැයි ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බවුර්ලා පවසයි.
දින 100 ක් තුළ ඩෙල්ටා ප්‍රභේදයට එන්නතක් නිපදවු අතර තවත් එන්නතක්ද නිපදවා සූදානම් කර ඇතැයි හෙතෙම හෙළි කළේය.
ඔමික්‍රෝන් සඳහා නව එන්නත ලබන වසරේ වෙළෙඳපළට එවීමට ක්‍රියා කරන බවද ෆයිසර් සමාගම අනාවරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
|