ඔමික්‍රෝන් පැමිණියහොත් විකල්ප වැඩපිළිවෙළකට යනවා – නවසීලන්ත අගමැතිනිය

261

‘‘ඔමික්‍රෝන්’’ වෛරස් ප‍්‍රභේදය සිය රටට පැමිණියහොත් රට අගුලූ නොදමා රට පුරා දැඩි කොරෝනා මර්දන නීති ක‍්‍රියාත්මක කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් පවසන්නීය. නවසීලන්ත ප‍්‍රජාව අතරට ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැමිණි බවට වාර්තා වුවහොත් එතැන් සිට පැය 24-48 අතර කාලයක් තුළ රට පුරා රතු සංඥා පුවරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන අතර ඒ යටතේ මහජන ඒකරාශිවීම් සීමා කිරීම හා මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්ය කෙරේ. අගමැතිනි ආඩන් මාධ්‍යට පවසා තිබේ.

ලොව සෙසු රටවලින් ලබා ගත් දත්තවලට අනුව ඔමික්‍රෝන් ප‍්‍රභේදය ප‍්‍රජාව තුළට පැමිණියහොත් එය සිය දහස් ගණනකට පැතිර යෑම සඳහා දින 14ක පමණ කාලයක් ගතවන බව නවසීලන්ත රජය අවබෝධ කරගෙන සිටින බව පවසා ඇති නවසීලන්ත අගමැතිනිය එම ප‍්‍රභේදය පැමිණීමට පෙර සිටම රට ඒ සඳහා සූදානම් කිරීම වැදගත් බව අවධාරණය කර තිබේ. නවසීලන්තයට මෙතෙක් ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැමිණ නොමැති අතර එරට වයස අවුරුදු 12ට වැඩි ජනගහනයෙන් සියයට 93කට කොරෝනා එන්නත් ලබා දී තිබෙන බව වාර්තා වී තිබේ. එරට ජනගහනයෙන් සියයට 20කට බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment