ඔමික්‍රෝන් රෝග ලක්‍ෂණ මෘදුයි: නිවසේදී ප‍්‍රතිකාර කළ හැකියි – දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති

4783

දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අන්ජෙලික් කොට්සි ප‍්‍රකාශ ඇත්තේ ඔමික්‍රොන් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෘදු බවත් එනිසා නිවසේදී ප‍්‍රතිකාර කළ හැකි බවත්ය.

පෞද්ගලික වෛද්‍යවරියක් ද ලෙස කටයුතු කරන ඇය, නොවැම්බර් 18 වැනිදා තම සායනයේදී ‘ඉතා මෘදු’ වුවද ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වෙනස් රෝග ලක්ෂණ ඇති රෝගීන් හත් දෙනකු හමු වූ බව රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඇය පැවසුවේ නොවැම්බර් 18 දා රෝගියකු තම සායනයේ දින දෙකක් ශරීරයේ කැක්කුම සහ හිසරදය සමඟ ‘තෙහෙට්ටුවෙන්’ සිටින බව පැවසූ බවයි.

දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම් කර ඇති මෙම කොරෝනා ප‍්‍රභේදය නොවැම්බර් 14 සිට නොවැම්බර් 16 දක්වා රසායනාගාරයකින් ලබාගත් සාම්පලවලින් පසුව නොවැම්බර් 25 වැනිදා දකුණු අප‍්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය විසින් හඳුනාගෙන ප‍්‍රකාශයට පත් කරන ලදී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment