ඔලිම්පික් ගිනි සිළුව අත දරා ප්‍රංශයේදී දර්ශනය වන දර්ශන්

128

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන පළමු ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාව හිමිකර ගැනීමට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දර්ශන් සෙල්වරාජා සමත් වී තිබේ.

සම්මානලාභී බේකරිකරුවකු වන දර්ශන් සෙල්වරාජාට මෙම අවස්ථාව උදාවී තිබෙන්නේ බේකරිකරුවන් සඳහා පවත්වනු ලබන පැරිසියේ හොඳම ‘බැගට් පාන්’ නිෂ්පාදකයා තෝරනු ලබන තරගයේ ජයග්‍රාහකයා බවට පත් වීම මූලික කරගෙනය.

ඒ අනුව මෙම (2024) ප්‍රංශයේ පැරිස් අගනුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව ගෙන යෑමට තෝරාගනු ලබන දස දහසකගේ පමණ පිරිස අතරට දර්ශන්ද තෝරාගෙන ඇත.

2006 වර්ෂයේදී එරට පදිංචියට ගිය දර්ශන් බේකරිකරුවකු ලෙස සිය ජීවිකාව ආරම්භ කළ අතර බැගට් පාන් තරගයේ ජයග්‍රාහකයා ලෙස ඔහු යුරෝ හාරදහසක (රුපියල් ලක්ෂ 13) මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කළේය.

තවද වසරක් පුරා වසරක් පුරා ප්‍රංශයේ ජනපති මැදුරට බැගට් පාන් සපයා දීමේ කොන්ත්‍රාත්තුවද දර්ශන් ට හිමිවිය.

ශ්‍රී ලාංකිකයකු ලෙස, තරගකරුවන් රාශියක් අතරින් මෙම තරගය ජයග්‍රහණය කිරීම දර්ශන් වඩාත් කැපී පෙනීමට ඉවහල් විය. ඒ අනුව මෙම වසරේ ප්‍රංශය සත්කාරකත්වය දරන ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව ගෙන යෑමටද දර්ශන්ට අවස්ථාව ලැබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment