ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනයේ අයිෆල් කුලුනට ගිය අයෙක් අත්අඩංගුවට

58

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල ඇරඹීමට පැය කිහිපයකට පෙර පැරිස් නගරයේ පිහිටි ඓතිහාසික අයිෆල් කුලුන තරණය කරමින් සිටි තැනැත්තකු ප්‍රංශ පොලිසිය විසින් පෙරේදා (11දා) අත්අඩංගුවට ගෙන ඇති අතර අයිෆල් කුලුන අවට ප්‍රදේශයෙන් පිරිස් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. උඩ ඇඳුමක් නොපැළඳ සිටි අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මීටර් 330ක් උසැති අයිෆල් කුලුනේ සවි කර තිබූ ඔලිම්පික් තරගාවලියේ නිල ලාංඡනය වන ජනපද පහ පෙන්නුම් කෙරෙන වළලු ආසන්නයෙන් උඩට ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කුමන අදහසකින් අයිෆල් කුලුන තරණය කිරීම අරඹා ඇත්දැයි ප්‍රංශ පොලිසිය විසින් අනාවරණය කර නොමැති.

advertistmentadvertistment
advertistmentadvertistment