ආරංචිය ලැබුණ සතුටට ඇඬුණා – මිල්කා ගෙහානි
මිල්කා ගෙහානි ද සිල්වා. පිළියන්දල ඉපිද” එහි හැදී වැඩුණු ඇය මේ වනවිට ඉන්නේ ජපානයේ. ජපානයේ සුකහාරා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ ජිම්නාස්ටික් පුහුණුවීම් කරමින් සිටින ඇය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එහිදී ශී‍්‍ර ලංකා නාමය ලෝකය ඉදිරියේ තබන්නට මහත් බලාපොරොත්තු තබා තිබෙන ඇය සකුරා මල් පිපෙන රටේ සුකහාරා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ සිට ‘මීවිත. සමග මෙසේ පිළිසඳරට එක්වුණා.

ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට තේරෙනවා කියන්නේ ඕනෑම කෙනකුගේ සිහිනයක් සැබෑවීමක්. මට එය පුදුම සතුටක් ගෙනදුන් පුවතක් වුණා. අනේ ඇත්තමයි ඒ සතුට දරාගන්න බැරිව මට කඳුළුත් ආවා.
* ඔලිම්පික් උළෙලට ඔබ තෝරාගෙන ඇති බවට කවුද මුලින්ම පණිවිඩය දුන්නේ.
මගේ තාත්තා තමයි කතා කරල කිව්වේ” දුවේ ඔයා ඔලිම්පික් යන්න සුදුසුකම් ලබල කියලා. ඊට පසුව අම්මත් කතා කළා. ඇත්තටම හරි සතුටුයි. පුංචි කාලයේ ඉඳන් මං කරපු කැපකිරීම්වල ප‍්‍රතිඵලය මට ලැබුණා.

* ඔබ ලංකාවේ සිට ජපානයට පැමිණෙන්නෙ කෙසේද?
කී‍්‍රඩා ශිෂ්‍යත්වයකින්. ජිම්නාස්ටික් කී‍්‍රඩා ඉසව්වේදී මං දැක්වූ දක්ෂතා හේතුවෙන් මට ඒ ශිෂ්‍යත්වය හිමි වුණා. ඒ සඳහා මට මාර්ගය පෑදුණේ මගේ පුහුණුකරු රංගන තරංග මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ මඟපෙන්වීම නිසයි. ඒ වගේම ජපානයේ ජිම්නාස්ටික් පුහුණුකරුවකු වන කුගිමියා මුනෙහිරො මහතාත් එහිදී ලොකු සහයෝගයක් ලබා දුන්නා.
* ඔබට වයස අවුරුදු කීයද ලංකාවෙන් ජපානයට පැමිණෙන විට?
අවුරුදු 16 යි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අවුරුද්දෙ තමයි ලංකාවෙන් ආවේ. එතකොට මම අධ්‍යාපනය ලබමින් හිටියේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ. ඊට පෙර පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබුණා.
* ජිම්නාස්ටික්වලට ඔබ ආස කළේ ඇයි?
ඒ කී‍්‍රඩාව හැමෝම කරන්නෙ නැති එකක්. මලල කී‍්‍රඩා” නෙට්බෝල්” වොලිබෝල් හැමෝම කරනවා. මේ දිහා මං බලාගෙන සිටියා. ඒත් මට හිතුණා මේ ජනපි‍්‍රය කී‍්‍රඩාවලින් ඔබ්බට ගිහින් වැඩිය කවුරුත් නොකරන කී‍්‍රඩාවක් කිරීමට. එහෙම තමයි ජිම්නාස්ටික් තෝරා ගත්තේ.
* ඒ වනවිට ඔබට වයස කීයද?
මට අවුරුදු 7 ක් විතර ඇති. එතකොට මං සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ දෙක වසරෙ ඉගෙන ගනිිමන් හිටියේ. එදා ජිම්නාස්ටික් තෝරගත්ත එක ගැන මං අද පුදුම විදිහට සතුටු වෙනවා. මං විතරක් නොවේ මගේ ගෙදර අය” ඥාතීන්” මගේ යහළුවන් පමණක් නොවේ මුළු රටම අද ඒ ගැන සතුටු වෙනවා.
* ගෙදරින් ඔබට මොන වගේ සහයෝගයක් ද ලැබුණේ ජිම්නාස්ටික් කී‍්‍රඩාව ප‍්‍රගුණ කිරීමේදී?
අම්මයි තාත්තයි මාව හැම තිස්සෙම දිරිමත් කළා. මට අවශ්‍ය දේවල් ලබා දුන්නා. ඒ වගේම මගේ නංගිලා දේන්නා මේ වෙලාවෙ මතක් කරන්න ඕන. ඔවුන් හැම තිස්සෙම මාව සතුටු කරමින්” මාව උනන්දු කරවීමට කටයුතු කළා.
* යම්තම් වයස අවුරුදු 16 ක් වෙද්දී ඔබ මේ ආදර කැදැල්ලෙන් නික්ම යමින් කවුරුත් නැති සැතපුම් දහස් ගණනක් එපිට රටකට පැමිණෙනවා. කොහොමද ඒ සඳහා හිත හදාගත්තේ?
එය සංවේදී අවස්ථාවක්. ඕනෑම කෙනකුට තමාගේ දෙමව්පියන්” ඥාතීන්” හිතවතුන් සහ උපන් රට දාල වෙනත් රටකට යන එක හිතට දුකක්” නෙතට කඳුළක් ගෙන දෙන දෙයක්. ඒත් අනාගතය ගැන හිතල මං ඒ ධෛර්යයමත් තීරණය ගත්තා. අම්මයි තාත්තයි මගේ හිත හැදුවා. අද එහි ප‍්‍රතිඵලය අපේ ඇස්පනාපිට තිබෙනවා.
* ඊට පෙර ඔබ රටින් පිටව ගොස් තිබුණද?
ඔව්” තරගවටල මෙන්ම පුහුණු කඳවුරුවලට සහභාගි වුණා. සමහර ඒවට ගොස් මාසයකට ආසන්න කාලයක් නතර වෙලා සිටියා.
* ශී‍්‍ර ලංකාවේදී ඔබ ලබාගත් ප‍්‍රධාන ජයග‍්‍රහණ මොනවාද?
2017 සහ 2018 වසරවල ජිම්නාස්ටික් ජාතික ශුරිය බවට පත් වුණා.
* ජිම්නාස්ටික් කී‍්‍රඩාවේදී ප‍්‍රධානම දෙයක් තමයි ශරිරයේ සමතුලිතතාව පවත්වාගෙන යෑම. ඒ සඳහා බොහෝ සෙයින් උදව් වන්නේ ශරීරයේ බර පාලනය කිරීම. ඔබ මොනවද ඒ සඳහා අනුගමනය කරන විශේෂ උපක‍්‍රම?
ආහාර ගැනීම අපි පාලනයක් ඇතිව කළ යුතුයි. ඒ වගේම හැමදාම වගේ අපේ බර කිරල බලනවා. නියමිත ප‍්‍රමාණයට වඩා ශරීරයේ බර වැඩි වෙන්න දෙන්නෙ නැහැ. කොහොම හරි පාලනය කරනවා.
* ඔලිම්පික් උළෙලේදී මොන වගේ දස්කමක් දක්වන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
මුලින්ම මම දැනට තිබෙන ලකුණු ගණන අඩු කර ගන්නෙ නැතිව ඒ ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්න ඕන. ඊට වැඩිය ඉහළ ලකුණක් අරගෙන පදක්කමකට යන එක තමයි ඉලක්කය. ඒ දෙය කොහොම හරි කළ යුතුයි.
* ඔලිම්පික් උළෙලට පසුව ඔබ ලංකාවට එනවද?
තවම ඒ ගැන තීරණයක් නැහැ” හැබැයි එනවා. මොකද මං මේ ඉන්නෙ ශිෂ්‍යත්වයක් මත. සැප්තැම්බර් වනතෙක් වීසා තිබෙනවා.
* ජපානයට ගියාට පසුව ඔබ කී වතාවක් ලංකාවට ආවද?
එක වතාවක් ආවා. ඊට පසුව එන්න ලැබුණෙ නැහැ. 2019 තමයි ලංකාවෙන් ආවේ. ඒ වසරෙම අග හරියෙදි ලංකාවට ගිහින් ආවා.
* ඔබ මේ මොහොතෙදි ස්තුති කළ යුතු” මතක් කළ යුතු අය කවුරුද?
මම මුලින්ම සඳහන් කළ අයට අමතරව මගේ පළමු පුහුණුකරු චමින්ද ප‍්‍රනාන්දු මහතාව මතක් කළ යුතුයි. ඒ වගේම අමින්දා රත්නායක” සමනලී” නිපුනි යන ඥාති හිතවතුන්වත් විශේෂයෙන් මතක් කළ යුතුයි. ඔවුන් මා නිතර දිරිමත් කරනවා.
කුෂාන් සුබසිංහ