ඔලිම්පික් යන නිමාලිගේ ජීවිත කතාව මෙන්න

584

පොඩි කාලෙම තාත්තා නැති වුණා
කුලී වැඩ කළ අම්මාගේ හීනය සැබෑ කළා

අපි හතරදෙනාම ගොඩක් දුක් වින්දා. තාත්තා අපි පොඩි කාලයෙදීම මියගියා. අම්මා කුලී වැඩ කරන්න ගියා. ඒත් හතරදෙනකුව පාසල් යවලා කන්න අඳින්න දෙන්න තරම් අම්මට මුදලක් ලැබුණෙ නැහැ. ඒ නිසා අයියලා දෙන්න ඉස්කෝලේ යන ගමන්ම ගොවිතැන් වැඩ කරන්න ගත්තා. මේ දේවල් බලාගෙන හිටිය අම්මට ඕන වුණේ අපි හතරදෙනා ගෙන් කවුරු හෝ ජීවිතය ගොඩ දාගන්නවා දැකීමයි. අම්මගේ ඒ ඉලක්කය” හීනය මම සැබෑ කළා.
 
 එහෙම කියන්නේ නිමාලි. මීටර් 800 ඉසව්වෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගෙන එතෙක් කඳුළු කතාවක් බවට පත්ව තිබූ තම පවුලේ ජීවිත කතාව සතුටු කතාවක් බවට පත්කළ නිමාලි ලියනආරච්චි ඔලිම්පික් යන්න දින කිහිපයක් තිබියදී ‘මීවිත. ට එසේ ප‍්‍රකාශ කළා. එහිදී ‘මීවිත. සමග පිළිසඳරට එක් වුණු නිමාලි අප හා කිවූ අනෙක් කරුණු ද මෙසේ සටහන් කර තබනවා. පොඩි කාලයේ මං පුහුණුවීම්වලට යන්න හරි කම්මැලියි. අම්මා තමයි මාව බල කරලා පුහුණුවීම්වලට පිටත් කරන්නේ. බැරිම තැන අම්මා ‘සර්.ට කියනවා” ඒ කියන්නේ සුජිත් අබේසේකර සර්ට. ‘සර්. කියනවා ඔයාට දුර ගමනක් යන්න පුළුවන්. පුහුණුවීම්වලට එන්න කියලා. ඊට පසුව ටිකෙන් ටික මං පුහුණුවීම්වලට සහභාගි වුණා. ඒ දේවල්වල ප‍්‍රතිඵලය අද මම භූක්ති විඳිනවා.
 
 * නිමාලිගේ පාසල් කාලය පිළිබඳ විස්තර මොනවද?
 
 සුරියවැව වැවේගම කනිටු විදුහල තමයි මගේ මුල්ම පාසල. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මං ඒ පාසලට ගියා. උසස් පෙළ හැදෑරුවේ පෞද්ගලික පාසලක.වැවේගම කනිටු විදුහල තමයි කී‍්‍රඩා ජීවිතයේ මුලාරම්භය.
 
 * සුජිත් ‘සර්ව කොහොමද ඔබට මුලින්ම මුණගැසෙන්නේ?
 
 අපේ ඉස්කෝලේ නිවාසන්තර කී‍්‍රඩා උළෙලක විනිශ්චය සඳහා ‘සර්. ආවා. ඒ වෙලාවේ තමයි ‘සර්. මාව දැකලා මගේ දක්ෂතා හඳුනාගත්තේ. ඊට පසුව මම ඔහු යටතේ පුහුණුවීම් හැදෑරුවා. එකල ඔහු ස්වේච්ඡුාවෙන් පුහුණුවීම් කරමින් සිටියේ. පසුව සූරියවැව කොට්ඨාසයේ කී‍්‍රඩා නිලධාරි ලෙස තනතුරක් ඔහුට හිමි වුණා.
 
 * පවුලෙ විස්තර කොහොමද?
 
 අම්මයි” නංගියි” අයියලා දෙන්නයි.
 
 * තාත්තා මියයන විට ඔබට වයස කීයද?
 
 මට අවුරුදු 12 ක් විතර ඇති. එදා මට ජීවිතයේ ගොඩක් දුක හිතුණු දවසක්. අම්මවයි” අපි හතර දෙනාවයි තනිකරලා තාත්තාට ජීවිතයෙන් යන්න සිදු වුණා. ඊට පසුව අපේ ජීවිත ගොඩදැම්මේ අම්මා.
 
 * පොඩි කාලයේ හිතුවද කවදා හරි ඔලිම්පික් යන්න පුළුවන් වෙයි කියලා.
 
 නැහැ. ඒ කාලයේ එහෙම අදහසක් තිබුණෙම නැහැ. දිනන්න පුහුණුවීම් කළා. ලොකු ඉලක්ක තිබුණෙ නැහැ. ඒත් කාලයත් එක්ක බලාපොරොත්තු ලොකු වුණා. දක්ෂතා වැඩි වුණා. 2016 වසරේදී මීටර් 800 ජාතික වාර්තාව මගේ නමට ලියාගත්තා. ධම්මිකා මැණිකෙ සතුව තමයි එම වාර්තාව ඊට පෙර තිබුණේ.
 
 * ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ඔබ සුදුසුකම් ලැබූ බව කොහොමද දැනගත්තේ?
 
 ඔලිම්පික් කමිටුවෙන් ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා. මම ඒක දැක්කා. ඒත් මම ඔලිම්පික් කමිටුවට කතාකරලා ඇහැව්වේ නැහැ ඒක ඇත්ත ද කියලා. පසුව ඔවුන්ම කතාකරලා කිව්වා මම ඔලිම්පික් යන්න සුදුසුකම් ලබා තිබෙනවා කියලා.
 
 * මොකද හිතුණේ ඒ වෙලාවේ?
 
 කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. කී‍්‍රඩාවෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න මං වගේ දුප්පත් ළමයෙකුටත් අවස්ථාව ආවා නේද කියලා පුදුම සතුටක් දැනුණා.
 
 * ඔලිම්පික් සුදුසුකම් ලැබූ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් අවසන් වරට ඊට සුදුසුකම් ලැබුවේ ඔබ. කොයි මොහොතක හෝ සිතුනෙ නැද්ද ඔබව එයට නුසුදුසු වෙයි කියලා.
 
 එහෙම දැනුණු අවස්ථා ඕනෑ තරම් තිබුණා. හිතට සෑහෙන දුකක් ඇති වුණා. මොකද දක්ෂතා තිබියදීත් යන්න බැරි වෙයි කියලා දුක තිබුණා. කොවිඞ් වසංගතය නිසා අපට තරග ලැබුණෙ නැහැ. ඒ නිසා තමයි මගේ ඔලිම්පික් ගමන අඩමාන තත්ත්වයට පත් වුණෙ. තරග තිබුණ නම් මට දුක් වෙන්න” බය වෙන්න ඕන වුෙණේ නැහැ. ඒත් අන්තිමේදී මං වාසනාවන්ත වුණා.
 
 *ගුවන් හමුදාවට සම්බන්ධ වුණේ කුමන වසරෙදීද?
 
 2009 වසරේ ඉඳන් ගුවන් හමුදාවේ කෝප‍්‍රල්වරියක් ලෙස සේවය කරනවා.
 
 * ඔබ මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතු අය කවුරුද?
 
 සුජිත් සර්” මාධව සර් සහ ගුවන් හමුදාපතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මගේ දක්ෂතා සඳහා වචනයකින් හෝ උදව් කළ හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. ගොඩක් පිං.
 
 
 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment